Jackie Chan will be the Oscar award

Popular for decades to evaluate the contribution to the film industry actor Jackie Chan was awarded the Oscar Award

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Builds broken bones two hours

ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.

DVD drive instead of a powerful diamond

It is no secret that the deposited daily round the world billions of GB of knowledge. the varied cases of knowledge by humans as a result of it placed thenceforth.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

2016/12/06

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

2.0 චිත්‍රපටය සඳහා චෙන්නායි නුවරදී  සිදුකළ රූ ගතකිරීමක් අතරතුර මෙලෙස වම් පාදයට තුවාල සිදුවූ රැජිනි කාන්ත් රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් ඇතුලු සිනමා තරු රැසක් රඟපාන ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය නිපදවනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 400 ක වියදමින්ය.

 

 

Share:

Builds broken bones two hours

ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ
 පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.
36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.
ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


Share:

2016/10/04

Cigarette prices increase.

සිගරට් මිළ වැඩි වේ

 
                                                                   අද සිට සිගරට් එකක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති බවට මුදල් ඇමතිවරයා පවසයි. නව බදු සංශෝධනයට අනුව මෙය ක්‍රියාත්මක බව මාධ්‍ය හමුවකදි ඒ මහතා පවසා සිටියේය.
Share:

2016/09/22

O/L students who failed the A/L entry.

සා.පෙ අසමත් සිසුන්ටත් උ.පෙ වරම්

 
                                                      අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත්වන සිසුන්ට  අ‍.පො.ස උසස් පෙළ හැදෑරීමට අවස්ථාව 2018 වසරේ සිට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
 අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (21) ‘සසුනට දිරි දෙන සුරකිමු පිරිවෙන’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක පිරිවෙන්වල පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් ගොඩනැගිලි ආධාර ප්‍රදානය කිරීමේ හා පිරිවෙන් සඳහා ගණිත උපකරණ කට්ටල බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.
 සියලු දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා නිර්මාණය කර දීමට සැලසුම් කර තිබෙනවා. ඒ සමග රැකියා අභිමුඛ අධ්‍යාපනයක් ඉලක්ක කර විෂය මාලා නවීකරණය කිරීම මෙන්ම නව විෂයයන් හඳුන්වා දීමට කටයුතු යොදන බවටත් ඇමතිවරයා සදහන් කලේය.
Share:

2016/07/08

Protests around Salava

 සාලාව අවට උද්ඝෝෂණ


                                                                        සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා ඇති වූ පිපිරීම නිසා කොස්ගම, සාලාව හා ඒ අවට නිවාස හා ව්‍යාපාරික ස්ථාන විශාල ප‍්‍රමාණයක් විනාශ වූ අතර ඒවා පිළිසකර කර ඇති බව රජය පැවසුවත් සාලාව නගරයේ බොහෝ ස්ථාන තවමත් ඒ ලෙසම පවතින බව කියමින් ප‍්‍රදේශවාසීන් විසින් මේ වන විට විරෝධතාවයක් අරඹා තිබේ.
               මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන මුළුමණින්ම වසාදමන්නට සිදුව ඇති බවත් රජයෙන් 50000 ක දීමනාවක් ලැබුනත් එම පාඩු පියවාගන්නට අපහසු බවත් ඇතැම් ව්‍යාපාරිකයින් පවසා ඇත.
                ඔවුන් සිදුකෙරෙන විරෝධතාව නිසා කොළඹ-අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) සාලාව යුද හමුදා කඳවුර අසලින් අවහිර වීම නිසා දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.
Share:

2015/05/15

High radioactive mineral from Ratnapura




           මිනිස් සිරුරට අහිතකර අධිවිකිරණශීලී ‘සමර්ස්කයිට්’ නමැති ඛනිජ වර්ගය ප්‍රථම වරට රත්නපුර, කොළොන්න ප්‍රදේශයෙන් සොයාගන තිබේ.මැණික් ගල් සමග මෙම අධි විකිරණශීලී ඛනිජය ද හමුවන බවත්, මෙම ඛනිජය ළඟ තබාගැනීමෙන් පිළිකා වැනි රෝග මෙන්ම මිනිසාට මාරාන්තික රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් සදහන් වේ.
         මීට පෙර 1847 දීතොලෝනියන් සමර්ස්කයිට් නම් රුසියානු කැණීම් විද්‍යාඥයා ප්‍රථම වරට මෙම ඛනිජය රුසියාවෙන් සොයාගෙන තිබේ.රත්නපුර ඇතුළු මැණික් ලැබෙන බොහෝ ප්‍රදේශවලින් මෙම ඛනිජ වර්ගය හමු වී ඇතත් එය විකිරණශීලී බව බොහෝ අය නොදනිති.
Share:

2015/04/16

Pope i-pad auction.

           ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට හිමිව තිබු I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබේ.ගොන්සොලෝ අයිමිලියස්(Gonzolo Aemilius) නම් පූජකතුමන් හට වතිකානයේ පැවති හමුවක දී මෙම I Pad ජංගම පරිගණකය පාප් වහන්සේ විසින් තෑගී කරනු ලැබ ඇත්තේ එය සමාජ මෙහෙවරකට යොදා ගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.
       “ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ වතිකාන අන්තර්ජාල සේවය” යන්න රෝම භාෂාවෙන් ඒ මත මුද්‍රණය කර ඇති අතර පාප් වහන්සේ ගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතු සහතිකයක් ද සමග එය වෙන්දේසි කරනු ලැබුයේ උරුගුවේ අගනගරය වන මොන්ටෙවිදෙයෝ(Montevideo) හි දී.
          මෙම වෙන්දේසියේ දී ජයග්‍රාහී ඉල්ලුම ලබා දුන්නේ දුරකථනය ඔස්සේ බව පැවසූ වෙන්දේසිකරුවන් මෙම I Pad පරිගණකය මිල දී ගත් පුද්ගලයාගේ නම හෙළි නොකළහ.
Share:

2015/04/14

Sri Lanka's second zoo in Pinnawala.

 
         ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින පින්නවල දී විවෘත කරන බව රඹුක්කන පළාත් සභා මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා පවසයි. එය උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා, සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක, සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 10.05 ට යෙදෙන සුබ මොහොතිනි.
             රුපියල් මිලියන 483 ක් වියදම් කර මෙහි පළමු අධියරයේ වැඩ අවසන් කර තිබුණේ සබරගමු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මැදිහත් විමෙන් හා උපදෙස් පරිදි පසුගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින්ය. පසුව නව රජය විසින් එහි අඩුපාඩු සකස් කර මෙසේ විවෘත කිරිමට සැලසුම් කළේය.
        පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප‍්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර ඇත. පළමු අධියරේ වැඩ කටයුතු සඳහා වාගොල්ල ගොවිපළ භුමියෙන් අක්කර 47 ක් සත්වෝද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. පළමු අදියර සඳහා යොදා ගෙන ඇති මේ අක්කර 47 භූමි ප‍්‍රමාණය දෙහිවල සත්තුවත්ත මෙන් දෙගුණයකටත් වඩා වැඩි භූමි ප‍්‍රමාණයකි. මේ සඳහා පසුගිය රජය රුපියල් මිලියන 577 ක් වෙන් කර තිබුණි.
Share:

Sports

කලා/Art News

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support