https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 ලංකා ගොසිප් New News

Facebook Content Monetization now available in Sri Lanka

Facebook සමාගම නවතම යාවත්කාලීනකරණයක් මගින් ශ්‍රී ලංකාව Facebook Content Monetization සඳහා තෝරාගත් රටවලට එක් කර තිබේ.

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Two people die in a serious accident on the highway.

මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Today's weather forecast

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සුළු වැසි වැටෙන හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

2015/05/15

High radioactive mineral from Ratnapura




           මිනිස් සිරුරට අහිතකර අධිවිකිරණශීලී ‘සමර්ස්කයිට්’ නමැති ඛනිජ වර්ගය ප්‍රථම වරට රත්නපුර, කොළොන්න ප්‍රදේශයෙන් සොයාගන තිබේ.මැණික් ගල් සමග මෙම අධි විකිරණශීලී ඛනිජය ද හමුවන බවත්, මෙම ඛනිජය ළඟ තබාගැනීමෙන් පිළිකා වැනි රෝග මෙන්ම මිනිසාට මාරාන්තික රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් සදහන් වේ.
         මීට පෙර 1847 දීතොලෝනියන් සමර්ස්කයිට් නම් රුසියානු කැණීම් විද්‍යාඥයා ප්‍රථම වරට මෙම ඛනිජය රුසියාවෙන් සොයාගෙන තිබේ.රත්නපුර ඇතුළු මැණික් ලැබෙන බොහෝ ප්‍රදේශවලින් මෙම ඛනිජ වර්ගය හමු වී ඇතත් එය විකිරණශීලී බව බොහෝ අය නොදනිති.
Share:

2015/04/16

Pope i-pad auction.

           ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට හිමිව තිබු I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබේ.ගොන්සොලෝ අයිමිලියස්(Gonzolo Aemilius) නම් පූජකතුමන් හට වතිකානයේ පැවති හමුවක දී මෙම I Pad ජංගම පරිගණකය පාප් වහන්සේ විසින් තෑගී කරනු ලැබ ඇත්තේ එය සමාජ මෙහෙවරකට යොදා ගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.
       “ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ වතිකාන අන්තර්ජාල සේවය” යන්න රෝම භාෂාවෙන් ඒ මත මුද්‍රණය කර ඇති අතර පාප් වහන්සේ ගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතු සහතිකයක් ද සමග එය වෙන්දේසි කරනු ලැබුයේ උරුගුවේ අගනගරය වන මොන්ටෙවිදෙයෝ(Montevideo) හි දී.
          මෙම වෙන්දේසියේ දී ජයග්‍රාහී ඉල්ලුම ලබා දුන්නේ දුරකථනය ඔස්සේ බව පැවසූ වෙන්දේසිකරුවන් මෙම I Pad පරිගණකය මිල දී ගත් පුද්ගලයාගේ නම හෙළි නොකළහ.
Share:

2015/04/14

Sri Lanka's second zoo in Pinnawala.

 
         ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින පින්නවල දී විවෘත කරන බව රඹුක්කන පළාත් සභා මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා පවසයි. එය උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා, සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක, සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 10.05 ට යෙදෙන සුබ මොහොතිනි.
             රුපියල් මිලියන 483 ක් වියදම් කර මෙහි පළමු අධියරයේ වැඩ අවසන් කර තිබුණේ සබරගමු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මැදිහත් විමෙන් හා උපදෙස් පරිදි පසුගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින්ය. පසුව නව රජය විසින් එහි අඩුපාඩු සකස් කර මෙසේ විවෘත කිරිමට සැලසුම් කළේය.
        පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප‍්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර ඇත. පළමු අධියරේ වැඩ කටයුතු සඳහා වාගොල්ල ගොවිපළ භුමියෙන් අක්කර 47 ක් සත්වෝද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. පළමු අදියර සඳහා යොදා ගෙන ඇති මේ අක්කර 47 භූමි ප‍්‍රමාණය දෙහිවල සත්තුවත්ත මෙන් දෙගුණයකටත් වඩා වැඩි භූමි ප‍්‍රමාණයකි. මේ සඳහා පසුගිය රජය රුපියල් මිලියන 577 ක් වෙන් කර තිබුණි.
Share:

2015/04/11

Herath ready to retire from ODI

 
          ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේ දී ක්‍රීඩා කිරීමට නොහැකි විය.එම තරඟයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු විය.මේ වන විට ඔහු එක්දින පිටියෙන් සමු ගැනීමට යන බවට ආරංචි පැතිර යයි.ඔහු සදහන් කලේ ආබාධ නිසා නොයෙක් අවස්ථාවල කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුවත් තමන් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.කණ්ඩායම,තේරීම් කමිටුව සමග සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සදහන් කලේය.
Share:

Two killed in train crash.

          හික්කඩුව - තොටගමුව පාලම අසලින්. දුම්රිය මාර්ගය දිගේ පැමිණි 14 හැවිරිදි දැරියක් පාලම මතින් ගමන් කරමින් සිටියදී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී මියගොස් ඇත. හික්කඩුව - කලූපේ ප්‍රදේශයේ පදිංචි ඇය හික්කඩුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවියකි.වේගයෙන් පැමිණි දුම්රිය දුටු  දැරිය දුම්රිය මාර්ගය හරහා ඇද වැටී ඇති අතර, යෙහෙළිය ඇය බේරා ගැනීමට උත්සාහ දරා තිබුණත් එය අසාර්ථක වී ඇත්තේ දැරියගේ පය සිල්පර කොටන් අතර සිරවීම හේතුවෙන් දුම්රියට යට වී ඇත.
          තවත් අනතුරකින් 35 හැවිරිදි මවක් තම හත් හැවිරිදි දියණිය සමඟ තලෙයි මන්නාරමේ සිට කොළඹට පැමිණි සීඝ්‍රගාමී දුම්රියට ගොඩවීමට උත්සහ කිරීමේදී පය පැටලී දුම්රිය සහ දුම්රිය මාර්ගය අතරට ඇද වැටී දෙදෙනා අතරින් මව බරපතල තුවාල ලබා පසුව ඇය මියගිය බව වාර්ථා වේ.මව සහ දියණිය ගණේමුල්ලේ පදිංචිකරුවන් වේ.
Share:

2015/04/10

Another group from Yemen.

            යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැමිණියහ.ඒ අතර අවුරුදු එක හමාරක කුඩා දරුවෙකුද විය. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත. මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින්  හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ පසුව එතැන් සිට නයිරෝබි නුවර කෙන්යා තානාපතිවරයාගේ සහයෙන් යළි ගුවනින් කටාර් හි දෝහා හරහා දිවයිනට පැමිණියහ.දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ  යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ ප්‍රධානියා වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා කණ්ඩායමක් වශයෙන් ඒක රාශී කොට ශ්‍රී  ලංකා රජයට දැනුම් දී    සියළු දෙනාටම දිවයිනට පැමිණීමට මැදහත්ව කටයුතු කළ බවයි.
Share:

2015/04/04

CPC 5 billion loss.

 
         ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති බව හෙළිදරව් වෙයි.න්ධන සඳහා අයකරන බදු ඉවත් නොකිරීමට කටයුතු කිරීම නිසා තෙල් සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට සිදුව ඇති බව සදහන් වේ.
       ඉන්ධන මිල අඩු කිරීම මඟින් ජනතාවට සහන සැලසෙන නිසා තමන් එයට විරුද්ධ නොවන බවත් එහෙත් තෙල් සඳහා අයකරන බදු ඉවත් කර එම සහන ජනතාවට ලබාදෙනවා වෙනුවට තෙල් සංස්ථාවට පාඩුවන ආකාරයෙන් එම සහන ලබාදීම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.මේ ආකාරයෙන් ඉන්ධන සඳහා බදු අය නොකිරීම නිසා තෙල් සංස්ථාව අතිවිශාල පාඩුවක් ලබන බවත් මෙමඟින් ඉදිරියේදී සේවක අයිතිවාසිකම්වලටද ගැටලු ඇති විය හැකි බවත් මේ වන විටත් ඇතැම් අංශවල අතිකාල පැය ගණන සීමාකර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
Share:

2015/04/03

Nadisha withdraws from politics.

        ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ඇය එක්සත් ජාතික පක්ෂයේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනුත් ක්‍රියාකාරීව කටයුතු කළාය.කෙසේ වෙතත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කලකිරීමක් නිසා තමන් දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීයමය රංගන ශිල්පිනියක් ලෙස කලා කටයුතුවල නිරත වන බව ඇය පැවසුවාය. 
       ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් ඇය පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින බවද සඳහන් කළාය. 
      "මම වසර දෙකකට දේශපාලනයෙන් සමුගත්තේ. දකුණු පළාතේ මගේ ආදරණිය ජනතාව වෙනුවෙන් ඕනෑම වේලාවක පෙනී සිටිනවා. ඔවුන්ව මට අමතක කරන්න බෑ."ඇය එසේ පැවසුවාය.
Share:

Air Force Cycle Tour lead in air force

        ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් සාර්ථකව නිමාවට පත් විය.තරගය ආරම්භයේදී ත්‍යාග ප්‍රධානය කල අතර ඊයේ තරගයේදී දක්ෂතා දැක්වූ තරගකරුවන්ට වර්ණ ජර්සි ප්‍රදානය කෙරිණි.එහිදී කහ ජර්සිය ප්‍රථම අධියර ජය ගත් ගු.හ නිදුශ් නිරන්තටද,කොළ ජර්සිය බුද්ධික වර්ණකුලසූරියටද,කදු ශූරයාට හිමි ජර්සිය සුරංග රණවීරටද,සුදු ජර්සිය සී.එම් විරාන්ටද හිමි විය.අද තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව කැකිරාව,මරදන්කඩවල,අනුරාධපුරය.නොච්චියාගම හරහා පුත්තලමෙන් අවසන් විය.
        පළමු ස්ප්‍රින්ට් ජය තිරප්පනේ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එහි ජය යුධ හමුදාවේ තුෂාන් රාජපක්ෂටද,දෙවන ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ලෙස නොච්චියාගම අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් ජය ගත්තේ යුධ හමුදාවේම ගයාන් කුමාර විසිනි.පෙර දිනයේ මෙන් නොව අද තරගය අවසාන රේඛාවට සියලුම තරගකරුවන් පැමිණියේ එක රොත්තක් ලෙසය.අවසානයේ ජීවන් ජයසිංහ (ගු.හ ),සුජිත් සිල්වා (ගු.හ ),හා සමීර චතුරංග (යු.හ ) පිළිවෙලින් 1,2,3 ස්ථාන හිමිකර ගත්තේය.
       තරගයෙන් අනතුරුව ජීවන් ජයසිංහ කියා සිටියේ "පුත්තලම කියන්නේ අපේ නගරයක්.පුත්තලමේ තරගයක් තිබුනොත් අපිම තමයි ජය ගත්තේ.ගුවන් හමුදාවට අභියෝග කරන්න කවුරුත් නෑ" යනුවෙනි.
         හෙට තරගයේ තෙවන සහ අවසාන අධියර පාලාවියෙන් පටන් ගෙන ගුවන් හමුදා මූලස්ථානය අසලින් අවසන් කිරීමට නියමිතය. 

Share:

2015/04/02

Russian boat accident.

            රුසියානු ධීවර යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි සේවකයන් පනස් හතර දෙනෙකු මිය ගොස් තිබේ.යාත්‍රාව අනතුරට පත් වී ඇත්තේ රුසියාවේ නැගෙනහිර සාගර කලාපයේදීය.අනතුර සිදුවී විනාඩි පහළොවක් ඇතුළත මෙම ට්‍රෝලර් නෞකාව මූදුබත් වී ඇති අතර ඒ මොහොතේදී එකසිය හැට දෙදෙනෙකු එහි සිට ඇති බව වාර්තා වේ.ඒ ආසන්නයෙන් යාත්‍රා කළ අනෙකුත් ධීවර බෝට්ටු මගින් අධික ශීතල ජලයේ සිටි හැට තුන් දෙනෙකු ගේ ජීවිත බේරා ගෙන ඇති අතර තවත් පහළොස් දෙනෙක් තවමත් අතුරුදහන් වී සිටිති.ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබේ.
Share:

Air Force Cycling Tour begins.

    
          64වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව 16වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පා පැදි තරගය අද ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ කෙරිනි.ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 130 දෙනෙක් මෙයට සහභාගි විය.අදියර 3කින් පැවැත්වෙන මෙහි අද පැවති ප්‍රථම අදියරට කි.මී 158ක දුරක් තිබිණි.ඒ ජා-ඇල,මිනුවන්ගොඩ,කුරුණෑගල,කටුගස්තොට හරහා මාතලේ දක්වාය.
           මෙහි ප්‍රථම ස්ප්‍රින්ට් ජය මිනුවන්ගොඩ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එය මිනුවන්ගොඩින්ම බිහි වූ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ දිනා ගත් අතර දෙවන ජයග්‍රහකයා තෝරා ගනු ලැබුවේ කුරුණෑගල බස් නැවතුම්පළ අසලිණි.එය ගුවන් හමුදාවේම නිලංග අප්පුහාමි විසින් දිනා ගන්න ලදි.කදු බෑවුම් සහිත මාර්ගයක් වූ මෙහි ඉදිරිය වරින්වර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර දෝලනය වූ අතර අවසානයේ පැය 3කුත් මිනිත්තු 57ක කාලයක් නිම කරමින් ප්‍රථම අදියර ජයග්‍රහණය කලේ අංක 6 යටතේ තරග කල ගුවන් හමුදාවේ නිදුශ් නිරන්ත ක්‍රීඩකයාය.දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය (අංක 01) හා වරාය අධිකාරිය නියෝජනය කල සී.එම්.විරාන් (අංක 48) දිනා ගත්තේය. 
         මෙහි දෙවන අදියර හෙට දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් ද,.තෙවන අදියර පාලාවියේ සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වාද පැවැත්වීමට නියමිතය.අදියර 3 සමස්ථ දුර ප්‍රමාණය කි.මී 432කි.
Share:

2015/04/01

Forgive the offender for damages mirror wall

 
      කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ සිය නම ලිවීමේ වරදට අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදයා,ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට තීන්දු කොට ඇත.සින්නතම්බි උදයා සිය නොදැනුවත්කම නිසා සිදු කරන ලද වරදට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබීම ‘බරපතල දඬුවමකැයි’ පවසන නන්දිමිත්‍ර ඒකනායක රාජ්‍ය ඇමතිවරයාත් ඇයට සමාවක් දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පසුගියදා මහජන හමුවකදී ප්‍රකාශ කළේය.
    පසුගිය කාලයෙහි එහි පැමිණි ඇතැම් පුද්ගලයන් සීගිරි ගී මත ඔවුන්ගේ නම් ගම් කුරුටු ගෑමෙන් බලවත් හානියක් සිදුව ඇත.
Share:

The risk of losing international cricket.

 
     ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය අනතුරු අඟවා සිටී.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර නිසාය.
         මෙම කමිටුව පත් කිරීම හරහා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට අනිසි දේශපාලන බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් කෙරෙන අතර එහිදී කවුන්සිලය මගින් සංවිධානය කරන ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගිවීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායකවරයා මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව තම කවුන්සිලය කුමනාකාරයේ හෝ පියවරක් ගනු ලබන්නේ, වර්තමානයේ සිදුව ඇති සිදුවීම් පිළිබඳව නිසි විමර්ශනයකින් අනතුරුව වන බව  කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා මෙහිදී දන්වා ඇත.
Share:

2015/03/31

Mahela is appointed Advisor SLC

           මහේල ජයවර්ධන දේශීය හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහය ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බව වාර්තාවේ.ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
       මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ උපදේශක තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක පැවසූ බව ඊයේ මාධ්‍ය වාර්තාද පළවී තිබුණි.
        මේවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින මහේල ජයවර්ධන ඉදිරියේදී එංගලනත්යේදී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන දේශීය විස්සයි විස්ස තරගාවලි සඳහා සම්බන්ධ වීමට නියමිතයි.
Share:

2015/03/30

Chairman of the sri lanka cricket board

 
       පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුණි.නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කෙරේ.
      'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දූෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ' අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි.
Share:

2015/03/29

Brothel raided.

 
    කාලයක් පුරා රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකරු හා නවාතැන්‍පොළේ සිට ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් නව දෙදෙනකුද කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලබයි.අත්අඩංගුවට පත් කාන්තාවන් වයස 18ත් 52ත් අතර පසුවන්නියන්ද ඔවුන් රාගම, අම්බලන්ගොඩ, ග්‍රෑන්ඩ්පාස්, දෙවිනුවර, තලංගම, බදුල්ල, සීදුව, වැලිමඩ, බියගම යන ප්‍රදේශවලින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ආයතනවල ඉහළ තනතුරුවල නියැළී සිටින්නියන් ලෙස තම ගම්රටවලට හඟවා සිටිමින් මෙම ජාවාරමේ නියුතුව විශාල ලෙස මුදල් ඉපයීම් සිදුකර ඇතැයිද හෙළිවී ඇත.
          එක් කාන්තාවක රුපියල් 5000 සිට 15000 දක්වා විවිධ මිල ගණන් යටතේ මෙහි පැමිණෙන නවාතැන්කරුවන් සඳහා අලෙවි කරමින් ජාවාරම්කරු ලක්ෂ ගණනින් මුදල් උපයා ඇතැයිද හෙළිවී ඇත.මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු බස්නාහිර පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර. කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධම්මික සේනාරත්න මහතාගේ උපදෙස් මත ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරගෙන යනු ලබයි.
Share:

Lee Kuan Yew dies.

 
         සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ලී ක්වාන් යූ ගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වී සිටින ඔහුගේ පවුලේ ඥාතීහු, සාමාන්‍ය ජනතාව සහ කලාපීය නායකයෝ සිය අවසන් ගෞරව දක්වති.
අවමංගල්‍ය උත්සවය ඇමතූ ලී ක්වාන් යූ ගේ පුත් සිංගප්පූරුවේ වර්තමාන අගමැති ලී හ්සීන් ලූන් සිය පියා හැඳින්වූයේ සටන්කාමියකු ලෙසයි.
      සත්‍යයට බියෙන් පළා නොගොස් ඊට නොබියව මුහුණ දෙමින් සිංගප්පූරුව ගොඩ නැගීම සඳහා සිය පියා කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.වසර තිහකට වැඩි කාලයක් අගමැති ධුරය හොබවමින් සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ලී ක්වාන් යූට දේශපාලනික සහ සමාජීය නිදහස සීමා කළ බවට නිතර චෝදනා එල්ල විය.
Share:

Australians are 5 consecutive World Championships.

 
          5වන වරටත් ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නවසීලන්ත ඉනිම පන්දුවාර 45ක් තුල ලකුණු 183කට සීමා වූ අතර එය පහසුවෙන් පසුකර යාමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ටේරලියානු කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළහ. ජේම්ස් ෆොල්ක්නර් අවසන් මහා තරඟයේ වීරයා වූ අතර තරඟාවලියේ වීරයා වූයේ මිචෙල් ස්ට්‍රාක් ය.තරඟයේ තරඟ තීරක වශයෙන් රන්ජන් මඩුගල්ලේ හා පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කළහ.
      ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා සහභාගී වූ ලොව වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය අද වාර්තා විය.මෙල්බර්න් ක්‍රීඩාංගනයට 93013ක ක්‍රීඩා ලෝලින් පිරිසක් අද රැස්ව සිටියේය.ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් මෙන්ම නවසිලන්ත පිලෙහි ජ්‍යෙෂ්ටතම ක්‍රීඩකයෙකු වන ඩැනියල් විටෝරි එක්දින තරඟවලින් සමුගත්තේය. 
1992 වසරේ පැවතී ලෝක කුසලානයේදී නවසිලන්ත කණ්ඩායම මෙහෙයවූ ක්‍රෝ මේ වනවිට වසාග්‍රන්ති පිළිකාවක් හේතුවෙන් මරුවා සමඟ සටන් කරන නායක ක්‍රෝ පසුගියදා නිවේදනය කලේ අද පැවැත්වූ තරඟය තමන් නරඹන අවසන් ක්‍රිකට් තරඟය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.මයිකල් ක්ලාර්ක් ඉතා හැඟුම්බරව ප්‍රකාශ කලේ තම පිල අද ලෝක කුසලානය ලබා ගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේ සිඩ්නි නුවර පැවති තරඟයක් අතරතුර මියගිය සිය සගයා ෆිල් හියුස් වෙනුවෙන් බවයි.
         තමන් පැළඳි නොම්මර 23 ජර්සිය මීළඟට ලබා දෙන්නේ කා හටදැයි විමසු විට ඔහු පැවසුවේ මීට පෙර ෂේන් වෝර්න්ට හිමිව තිබු අදාල අංකය තමුන්ට හිමිවීම ගෞරවයක් බවත් එය මින් ඉදිරියට හිමිවන්නේ කාටද යන්න තමන් නොදන්නා බවත්ය.


Share:

2015/03/28

Tissa United National party while the next general election?

  
         එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරිමට සූදානම් වන බව ආණ්ඩු පක්ෂ රහස් ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබේ.මහින්දගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම ලබා ගත් ඒ මහතා නැවතත් එජාපයට එකතුකර ගන්නා ලෙස එජාප ප්‍රබලයන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක්ද කර ඇති බව එම රහස් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 66 වැනි උපන් දිනය පසුගිය 24වෙනිදා ට යෙදී තිබුණු අතර ඒ මහතා සුභ පැතීම සදහා තිස්ස අත්තනායක මහතාද අමතක නොකළේය.අගමැතිතුමනි.. ඔබට සුබ උපන් දිනයක්‌. මම ඔබට සුබ පතනවා. රටට, ජාතියට සේවය කරන්න තව තවත් ශක්‌තිය, ධෛර්යය, වාසනාව හා නිරෝගි සුව ලැබේවි කියලා. තිස්‌ස කීවේය. බොහොම ස්‌තුතියි තිස්‌ස. මම මේ සුබ පතන එක අවුරුදු ගණනාවක්‌ම එක දිගට කළා. අදත් උදේම මට මතක්‌ වුණා. මම දන්නවා ඔබට බොහොම ස්‌තුතියි. එදා අගමැති රනිල්ට තිබූ වැඩ රාජකාරි හේතුවෙන් එම සංවාදය වැඩිදුර ගියේ නැත.
Share:

President's brother dies.

 
          ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රියන්ත සිරිසේන කොළඹ ද සෙන්ට‍්‍රල් පෞද්ගලික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී  අද අළුයම මිය ගිය බව දැනගන්නට ලැ‍බේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු  ලබන සඳුදා(30) සවස තුනට පොලොන්නරුවේ පොදු සුසාන  භූමියේදී සිදු කිරීමට නියමිතය.
          මිය යන විට 43 වියේ පසු වු තිදරු පියෙකි. 1972 වසරේ දෙසැම්බර් දොලොස්වෙනි දින පොලොන්නරුවේ උපත ලැබු පී.ජී ප්‍රියන්ත  සිරිසේන මහතා මෛත්‍රී පවුලේ බාල සහෝදරයා වෙයි. පොලොන්නරුව ලක්ෂ උයන කණිෂ්ඨ විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා ගම්පහ උඩුපිල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වු ඔහු ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ පොලොන්නරුව තෝපා වැව මහ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා  ඇත.
         රජ රට සහල් පුද්ගලික සමාගමේ හිමිකරු වු ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් විය. රාජු නමින් සමාජයේ ප්‍රසිද්ධව සිටි ඒ මහතා සමාජ සේවකයෙකු හා දානපතියෙකු විය.


Share:

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support