https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 ලංකා ගොසිප් New News: Sports

Facebook Content Monetization now available in Sri Lanka

Facebook සමාගම නවතම යාවත්කාලීනකරණයක් මගින් ශ්‍රී ලංකාව Facebook Content Monetization සඳහා තෝරාගත් රටවලට එක් කර තිබේ.

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Two people die in a serious accident on the highway.

මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Today's weather forecast

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සුළු වැසි වැටෙන හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

Showing posts with label Sports. Show all posts
Showing posts with label Sports. Show all posts

2025/09/24

India Storms into Final – Sri Lanka Officially Knocked Out


          ඉන්දීය කණ්ඩායම 41 රන්පන්දුකින් ජයගනිමින් ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

සුපිරි 4 වටයේ අද (24) රාත්‍රියේ පැවති තරගයේදී, ඉන්දියාව ලකුණු 169ක ඉලක්කයක් ලබා දුන් අතර, පිළිතුර ලෙස බංග්ලාදේශය ලකුණු 127ක් ලබා ගන්නා විට ඔවුන් සියලු දෙනා දැවී ගියේ පන්දුවාර 19.3කදීය.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි තරගය තවමත් ඉතිරිව තිබුණද, අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නිශ්චිතව හැකිවුණි.

එසේම, පකිස්ථානයට එරෙහිව ලැබූ පරාජය නිසා අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තුව බිඳ වැටුණු ශ්‍රී ලංකාව, බංග්ලාදේශය මෙම තරගයෙන් ජයගතහොත් පමණක් යම් අවස්ථාවක් තිබුණි. කෙසේ වෙතත් බංග්ලාදේශය පරාජයෙන් පසු ශ්‍රී ලංකාව නිල වශයෙන්ම තරගාවලියෙන් ඉවත් විය.

සුපිරි 4 වටය නිම කරමින් හෙට (25) බංග්ලාදේශය සහ පකිස්ථානය අතර තරගය පැවැත්වේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබෙනු ඇත. 


Share:

2025/09/07

SL vs ZIM 3rd T20: Decisive match today



සංචාරක  ශ්‍රී ලංකා  කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර විස්සයි විස්ස (T20) තරගාවලියේ අවසන් තරඟය අද පැවැත්වෙනවා.

මේ වන විට තරග දෙකෙන් 1- 1 බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අද තරගය තීරණාත්මක ගැටුමක් බවට පත්වී තිබෙනවා.

මෙම තරගය අද සවස 5.00ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආරම්භ කිරීමට නියමිතයි.

Share:

2025/09/06

Sri Lanka face Zimbabwe in 2nd T20I Today

 


හරාරේ හිදී ශ්‍රී ලංකා සංචාරක කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවැනි පන්දුවාර 20 තරගය අද සවස 5ට (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවැත්වේ.

මෙම තරගය දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනිය. පසුගිය පළමු තරගයේදී කඩුලු 4කින් ජයගත් ශ්‍රී ලංකා පිළට, තරගාවලිය ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට හැකිවුණා.

Share:

2025/09/05

Mike Tyson and Floyd Mayweather Jr. are scheduled to face each other in an early 2026 showdown between boxing Hall of Famers.


 මයික් ටයිසන් සහ ෆ්ලොයිඩ් මේවේදර් ජුනියර් 2026 ආරම්භදී බොක්සිං හෝල් ඔෆ් ෆේම් සාමාජිකයන් ලෙස සටනක් සඳහා මුහුණ දෙන බව පැවසේ.

ඊළඟ වසරේදී වයස අවුරුදු 60 ක් වන ටයිසන්, පසුගිය වසරේ ජේක් පෝල් සමඟ පැවති වට අටක සටනේ දී පරාජය වීමෙන් පසු බොක්සිං වළල්ල වෙත ආපසු පැමිණීමට සූදානම් වේ. ඔහු, අපරාජිත මේවේදර්, වයස අවුරුදු 48, සමඟ සටන් කිරීමට නියමිතය. මේවේදර් මෙය “ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය දේ ලබා දෙන අමතක නොවන සටනක්” වන බව ප්‍රකාශ කළේය.

 CSI Sports විසින් (සජීව බොක්සිං නිෂ්පාදන සමාගම) දිනයක් හෝ ස්ථානයක් සඳහන් කර නොමැත. මෙම සටන CSI Sports සමඟ මාධ්‍ය ප්‍රචාරණය සහ ඩිජිටල් ධාරාව සම්බන්ධතා ආරම්භ කිරීමේ දායකයන් වශයෙන් ඉදිරිපත් වේ.

Share:

2015/04/11

Herath ready to retire from ODI

 
          ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේ දී ක්‍රීඩා කිරීමට නොහැකි විය.එම තරඟයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු විය.මේ වන විට ඔහු එක්දින පිටියෙන් සමු ගැනීමට යන බවට ආරංචි පැතිර යයි.ඔහු සදහන් කලේ ආබාධ නිසා නොයෙක් අවස්ථාවල කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුවත් තමන් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.කණ්ඩායම,තේරීම් කමිටුව සමග සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සදහන් කලේය.
Share:

2015/04/03

Air Force Cycle Tour lead in air force

        ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් සාර්ථකව නිමාවට පත් විය.තරගය ආරම්භයේදී ත්‍යාග ප්‍රධානය කල අතර ඊයේ තරගයේදී දක්ෂතා දැක්වූ තරගකරුවන්ට වර්ණ ජර්සි ප්‍රදානය කෙරිණි.එහිදී කහ ජර්සිය ප්‍රථම අධියර ජය ගත් ගු.හ නිදුශ් නිරන්තටද,කොළ ජර්සිය බුද්ධික වර්ණකුලසූරියටද,කදු ශූරයාට හිමි ජර්සිය සුරංග රණවීරටද,සුදු ජර්සිය සී.එම් විරාන්ටද හිමි විය.අද තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව කැකිරාව,මරදන්කඩවල,අනුරාධපුරය.නොච්චියාගම හරහා පුත්තලමෙන් අවසන් විය.
        පළමු ස්ප්‍රින්ට් ජය තිරප්පනේ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එහි ජය යුධ හමුදාවේ තුෂාන් රාජපක්ෂටද,දෙවන ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ලෙස නොච්චියාගම අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් ජය ගත්තේ යුධ හමුදාවේම ගයාන් කුමාර විසිනි.පෙර දිනයේ මෙන් නොව අද තරගය අවසාන රේඛාවට සියලුම තරගකරුවන් පැමිණියේ එක රොත්තක් ලෙසය.අවසානයේ ජීවන් ජයසිංහ (ගු.හ ),සුජිත් සිල්වා (ගු.හ ),හා සමීර චතුරංග (යු.හ ) පිළිවෙලින් 1,2,3 ස්ථාන හිමිකර ගත්තේය.
       තරගයෙන් අනතුරුව ජීවන් ජයසිංහ කියා සිටියේ "පුත්තලම කියන්නේ අපේ නගරයක්.පුත්තලමේ තරගයක් තිබුනොත් අපිම තමයි ජය ගත්තේ.ගුවන් හමුදාවට අභියෝග කරන්න කවුරුත් නෑ" යනුවෙනි.
         හෙට තරගයේ තෙවන සහ අවසාන අධියර පාලාවියෙන් පටන් ගෙන ගුවන් හමුදා මූලස්ථානය අසලින් අවසන් කිරීමට නියමිතය. 

Share:

2015/04/02

Air Force Cycling Tour begins.

    
          64වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව 16වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පා පැදි තරගය අද ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ කෙරිනි.ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 130 දෙනෙක් මෙයට සහභාගි විය.අදියර 3කින් පැවැත්වෙන මෙහි අද පැවති ප්‍රථම අදියරට කි.මී 158ක දුරක් තිබිණි.ඒ ජා-ඇල,මිනුවන්ගොඩ,කුරුණෑගල,කටුගස්තොට හරහා මාතලේ දක්වාය.
           මෙහි ප්‍රථම ස්ප්‍රින්ට් ජය මිනුවන්ගොඩ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එය මිනුවන්ගොඩින්ම බිහි වූ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ දිනා ගත් අතර දෙවන ජයග්‍රහකයා තෝරා ගනු ලැබුවේ කුරුණෑගල බස් නැවතුම්පළ අසලිණි.එය ගුවන් හමුදාවේම නිලංග අප්පුහාමි විසින් දිනා ගන්න ලදි.කදු බෑවුම් සහිත මාර්ගයක් වූ මෙහි ඉදිරිය වරින්වර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර දෝලනය වූ අතර අවසානයේ පැය 3කුත් මිනිත්තු 57ක කාලයක් නිම කරමින් ප්‍රථම අදියර ජයග්‍රහණය කලේ අංක 6 යටතේ තරග කල ගුවන් හමුදාවේ නිදුශ් නිරන්ත ක්‍රීඩකයාය.දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය (අංක 01) හා වරාය අධිකාරිය නියෝජනය කල සී.එම්.විරාන් (අංක 48) දිනා ගත්තේය. 
         මෙහි දෙවන අදියර හෙට දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් ද,.තෙවන අදියර පාලාවියේ සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වාද පැවැත්වීමට නියමිතය.අදියර 3 සමස්ථ දුර ප්‍රමාණය කි.මී 432කි.
Share:

2015/04/01

The risk of losing international cricket.

 
     ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය අනතුරු අඟවා සිටී.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර නිසාය.
         මෙම කමිටුව පත් කිරීම හරහා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට අනිසි දේශපාලන බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් කෙරෙන අතර එහිදී කවුන්සිලය මගින් සංවිධානය කරන ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගිවීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායකවරයා මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව තම කවුන්සිලය කුමනාකාරයේ හෝ පියවරක් ගනු ලබන්නේ, වර්තමානයේ සිදුව ඇති සිදුවීම් පිළිබඳව නිසි විමර්ශනයකින් අනතුරුව වන බව  කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා මෙහිදී දන්වා ඇත.
Share:

2015/03/31

Mahela is appointed Advisor SLC

           මහේල ජයවර්ධන දේශීය හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහය ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බව වාර්තාවේ.ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
       මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ උපදේශක තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක පැවසූ බව ඊයේ මාධ්‍ය වාර්තාද පළවී තිබුණි.
        මේවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින මහේල ජයවර්ධන ඉදිරියේදී එංගලනත්යේදී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන දේශීය විස්සයි විස්ස තරගාවලි සඳහා සම්බන්ධ වීමට නියමිතයි.
Share:

2015/03/30

Chairman of the sri lanka cricket board

 
       පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුණි.නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කෙරේ.
      'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දූෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ' අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි.
Share:

2015/03/29

Australians are 5 consecutive World Championships.

 
          5වන වරටත් ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නවසීලන්ත ඉනිම පන්දුවාර 45ක් තුල ලකුණු 183කට සීමා වූ අතර එය පහසුවෙන් පසුකර යාමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ටේරලියානු කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළහ. ජේම්ස් ෆොල්ක්නර් අවසන් මහා තරඟයේ වීරයා වූ අතර තරඟාවලියේ වීරයා වූයේ මිචෙල් ස්ට්‍රාක් ය.තරඟයේ තරඟ තීරක වශයෙන් රන්ජන් මඩුගල්ලේ හා පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කළහ.
      ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා සහභාගී වූ ලොව වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය අද වාර්තා විය.මෙල්බර්න් ක්‍රීඩාංගනයට 93013ක ක්‍රීඩා ලෝලින් පිරිසක් අද රැස්ව සිටියේය.ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් මෙන්ම නවසිලන්ත පිලෙහි ජ්‍යෙෂ්ටතම ක්‍රීඩකයෙකු වන ඩැනියල් විටෝරි එක්දින තරඟවලින් සමුගත්තේය. 
1992 වසරේ පැවතී ලෝක කුසලානයේදී නවසිලන්ත කණ්ඩායම මෙහෙයවූ ක්‍රෝ මේ වනවිට වසාග්‍රන්ති පිළිකාවක් හේතුවෙන් මරුවා සමඟ සටන් කරන නායක ක්‍රෝ පසුගියදා නිවේදනය කලේ අද පැවැත්වූ තරඟය තමන් නරඹන අවසන් ක්‍රිකට් තරඟය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.මයිකල් ක්ලාර්ක් ඉතා හැඟුම්බරව ප්‍රකාශ කලේ තම පිල අද ලෝක කුසලානය ලබා ගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේ සිඩ්නි නුවර පැවති තරඟයක් අතරතුර මියගිය සිය සගයා ෆිල් හියුස් වෙනුවෙන් බවයි.
         තමන් පැළඳි නොම්මර 23 ජර්සිය මීළඟට ලබා දෙන්නේ කා හටදැයි විමසු විට ඔහු පැවසුවේ මීට පෙර ෂේන් වෝර්න්ට හිමිව තිබු අදාල අංකය තමුන්ට හිමිවීම ගෞරවයක් බවත් එය මින් ඉදිරියට හිමිවන්නේ කාටද යන්න තමන් නොදන්නා බවත්ය.


Share:

2015/03/28

The tomorrow evening the World Cup finals.

 
          2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය හෙට මෙල්බර්න් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.ඒ ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තය අතරයි.ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නවසිලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් කියා සිටියේ පෙර තරග වලදී මෙන්ම ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා දීමට තමා බලාපොරොත්තු වන බවයි.එමගින් ප්‍රතිවාදී කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කරන බවත් ඔහු සදහන් කලේය.දකුණු අප්‍රිකාව සමග අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කල කණ්ඩායමම හෙට තරගයටද ක්‍රීඩා කරන බවත් මැකලම් කියා සිටියේය.
        මීට අමතරව ඕස්ට්‍රේලියනු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ගේ එක්දින ක්‍රිකට් දිවියේ අවසාන තරගය මෙය බවත් ඉන් අනතුරුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවත් එම හමුවේදී ක්ලාක් කියා සිටියේය.2019 ලෝක කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීම සදහා අලුත් නායකයකුට අවස්ථාව දීම සදහා තමා මෙම තීරණය ගත් බවත් තමාගේ සමු ගැනීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පාඩුවක් නොවන බවත් ක්ලාක් වැඩි දුරටත් කියා සිටියේය.
Share:

2015/03/27

Dharmasena,final match umpire.

 
           2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරු කාර්යයට ශ්‍රී ලංකා විනිසුරු කුමාර ධර්මසේන නම් කර ඇති බවත් තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ ක්‍රියාකරන බවත් වාර්තා වේ. මේ අනුව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 29 (ඉරිදා) මෙල්බන් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචඩ් කීට්ල්බරෝ කටයුතු කරන අතර තෙවැනි විනිසුරු කාර්යයට දකුණු අප්‍රිකාවේ මාරයින් ඉරයිස්මස් කටයුතු කරයි. එංගලන්ත විනිසුරු ඉයන් ගුල්ඩ් සිව්වැනි විනිසුරු වේ.
       43 හැවිරිදි කුමාර ධර්මසේන ලෝක කුසලාන අවසන් තරගයක විනිසුරු කාර්යය කරන ප්‍රථම ලාංකීය විනිසුරු ලෙස වාර්තාගත වේ.
Share:

2015/03/26

Australia select final match

         
            පූර්ව තරගයෙන් ප්‍රබල ඉංදියාව පරදා ඕස්ට්‍රේලියා කන්ඩායම ජය වාර්තා කරයි.තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 328ක් ලබා ගත්තාය.ඊට ස්ටීවන් ස්මිත් අගනා ශතකයක්ද (105) පන්දු 93, එරොන් ෆින්ච් පන්දු 116 කින් ලබා ගත් ලකුණු 81ද දායක විය.මෙම තරගාවලියේ ප්‍රබල පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් අද ලබා ගත්තේ පන්දු 14කින් ලකුනු 29ක් පමනි.පන්දු යැවීමේදී ඉංදීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදව් පන්දුවාර 9ක් යවා ලකුනු 72කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.මෙම තරගාවලියේ මීට පෙර ඉංදීය කණ්ඩායම සහභාගි වූ තරග 7දී ප්‍රතිවාදී කණ්ඩායම්වල සියලුම ක්‍රීඩකයන් (කඩුළු 70) දවා ගැනීමට සමත් වූ ඉංදීය පන්දු යවන්නන්ට මෙම තරගයේදී දවා ගැනීමට හැකි වූයේ කඩුළු 7ක් පමනි.
Share:

2015/03/25

Indo Australia decisive match ..

 
           2015 ලෝක කුසලාන තරගාවලියේ නවසිලන්ත කණ්ඩායමට අවසාන මහා තරගයේදී හමුවන්නේ කවුරුන්දැයි තීරනය කෙරෙන ඉංදියාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් පූර්ව තරගය අදයි.ඉංදියාව මෙම තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමක් වන අතර ඕස්ට්‍රේලියාවද ඉතා ප්‍රබල කණ්ඩායමකි.මේ වන විටත් නවසිලන්තය අවසන් මහා තරගයට සුඩුසුකම් ලබා ඇති අතර අද තරගයේ ජයග්‍රහයකයින් ලබන 19 වනදා ඔවුන් සමග තරග වැදීමට නියමිතය.
Share:

2015/03/24

Newzealand select final match

 
              2015 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ අද පැවති තරගයේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම කඩුළු හතරකින් පරාජයට පත් කරමින් නවසීලන්ත කණ්ඩායම 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
               තරඟයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දු වාර 43 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 281ක් ලබා ගත්තේය.
වර්ෂාවෙන් ඇති වූ බාධාව හේතුවෙන් ඩක්වට් සහ ලූවිස් ක‍්‍රමය අනුව තරඟය ජයගන්නට පන්දු වාර 43කදී ලබා ගත යුතු වූ ලකුණු 298ක ඉලක්කය එක් පන්දුවක් ඉතිරිය තිබියදී ග‍්‍රාන්ට් එලියට් එල්ලකල හයේ පහරකින් ලබා ගන්නට නවසීලන්තය සමත් විය.ඒ අනුව අනිද්දා පැවැත්වෙන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ලබන 19 වෙනිදා අවසන් මහා තරගයට නවසිලන්තය තරග වදිනු ඇත.
Share:

2015/03/21

Martin guptil lost 3 fingers

 
                          අප කවුරුත් දන්නා නවසිලන්ත ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල්ගේ වම් පාදයේ ඇගිලි 3ක් නොමැති බව ඔබ දන්නවාද?හදිසි අනතුරක් හේතුවෙන් ඔහුට මෙම ඇගිලි අහිමිව ඇති බව වාර්තා වේ.එසේ උවද ඔහු පසුගිය දා ක්‍රිකට් වාර්තා පොත් රැසක් අලුත් කිරීමට සමත් විය.ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩකයකු ලැබූ ඉහලම ලකුනු ප්‍රමාණයේ වාර්තාවයි.අර්ධ අවසන් පූර්ව වටයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේදී නොදැවි ලකුණු 237ක් ලබමින් ඔහු එම දස්කම දස්කම කලේය.පාදයේ ඇගිලි 3ක් අහිමි වුවද ඔහුගේ දැඩි ආත්ම ශක්තිය හේතුවෙන් නවසිලන්ත කන්ඩායම අවසන් පූර්ව වටය දක්වා කැදවාගෙන ඒමට මාර්ටින් ගප්ටිල් නම් අපූර්ව ක්‍රීඩයකයා සමත් වන්නේ ලොවටම ආදර්ශයක්ද වෙමිනි.
Share:

2015/03/20

Australia semi final round.

 
                   ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමත් සමගිනි.ඒ, අනුව ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයේදී ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කල ලකුණුසංඛ්‍යාව 213 කි.මුළු ලකුණු 24 ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 73 කි.මිශ්බා උල්-හක් ලකුණු 34 කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41 කි.ජොස් හේසල්වුඩ් පන්දුවාර 10 දී ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
                පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිටියට පිවිසියේය.පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ලකුණු 2 කට දැවී ගියේ ය.ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව 8කි.එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කළේ ය.අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය.ඔස්ට්‍රේලියාව පන්දුවාර 33 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය.
Share:

2015/03/19

Painful defeat


 
                      සමුගැනීමට වඩා අර්ධ අවසන් පූර්ව තරගය පරාජය වීම වේදනාත්මක බව ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවියට සමුදුන් කුමාර් සංගක්‌කාර පවසයි. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව සතුටු විය හැකි බවද සංගක්‌කාර වැඩිදුරටත් පැවසීය. අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ජාත්‍යන්තර තරගයකට අඳින නිල් ටීෂර්ටය සහිත ක්‍රීඩා ඇඳුමෙන් සැරසී පැමිණි කුමාර් සංගක්‌කාර තරගය ජය ගැනීමට තවත් ලකුණු 130 ක්‌ තිබුණානම් ප්‍රමාණවත් වූ බවද පැවසීය.,"තණතීරුව අනුව තරගය ජය ගන්න ලකුණු 250 ක්‌ හෝ 260 තිබුණනම් ප්‍රමාණවත් කියල හිතනවා. එවැනි ලකුණු සංඛ්‍යාවක්‌ හඹා ගොස්‌ ජය ගන්න ඒ තණතීරුවේ ලෙහෙසි නැහැ. නමුත් අවාසනාවකට අපිට ඒ දේ කරන්න බැරි වුණා. මේ තරගය පරාජය වෙලා ඉවතට විසි වුණත් අපේ ක්‍රීඩකයන් තරගාවලිය පුරාවට දැක්‌වූ වෙහෙසකර

සටන අති විශිෂ්ටයි. මමත් ක්‍රීඩාංගණයට යනකොට හිතාගෙන ගියේ ඔස්‌ට්‍රේලියාවට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදී ලබපු ශතකය ගැන. මොකද එදත් මුලින්ම බැට්‌ කරන්න ලෙහෙසි වුණේ නැහැ. පස්‌සෙ අපි හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා අවස්‌ථාව එනකම් මම කඩුල්ලේ රැඳී සිටියා. ඒ වෙලාවෙ පන්දු ගොඩක්‌ අපතේ යන්න ඇති. නමුත් අපි බලාපොරොත්තුවෙන පහරවල් ගහන්න අවස්‌ථාව එනතුරු බලා සිටිය යුතුයි.
Share:

2015/03/16

Sri Lanka's crucial match tomorrow.

             


            ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තවදුරටත් නොදැවී සිටීමේ මානසිකත්වයෙන් සන්නද්ධව සිටින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හෙට (18 දා) සුපිරි අට වටය අරඹමින් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ. පරාජිතයන් ගෙදර යෑවෙන වටයේ උණුසුම් තරගය ලෙස ද මෙය හැඳින්වේ. ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු තමාගේ කොල්ලන් පීඩනයට ඔරොත්තු දෙන බව පවසන අතරවාරයේ හසීම් අම්ලාද ඇති තරම් ලකුණු ලබා ගැනීමේ නොනිමි ආශාවකින් පෙළෙන බව සිඩ්නි හී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එම අභියෝගය ජය ගැනීමට කණ්‌ඩායම් දෙකේම ප්‍රහාරකයන් හොඳින් මුවහත්ව සිටියද පීඩනය සැහැල්ලූවෙන් කර මත තබා ගන්නා කණ්‌ඩායම සිහිනයේ සැබෑ හිමිකරුවන් ලෙසින් තවදුරටත් තරගාවලියේ නොදැවී සිටිනු ඇත. මම අපේ කණ්‌ඩායමත්

එක්‌ක අවුරුදු හතරක්‌ ඉඳල වැඩ කරනවා. මේ කණ්‌ඩායම ලෝක කුසලාන තරගාවලි කිහිපයකම අවසන් තරගවලට ක්‍රීඩා කරලා පීඩනය හොඳින් අඳුරනවා. ඒ නිසා ඔවුන් කළ යුත්තේ කුමක්‌ද කියා දැනගෙන තමයි සටනට එන්නේ යනුවෙන් මාවන් අතපත්තු පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පීඩනයට පදම් වුවද දකුණු අප්‍රිකාව ඉතිහාසය පුරාවටම පීඩනයට ඔරොත්තු නොදී දැවීගිය අවස්‌ථා කිහිපයක්‌ම තිබේ. 1992, 1999 සහ 2007 වසරවලදී දකුණු අප්‍රිකාවට සිදුවූයේද පීඩනය දරාගත නොහැකිව ලෝක කුසලාන අවසන් සටන අභියසටම පැමිණ ආපසු හැරී යැමටය.
Share:

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support