2015/03/26

Australia select final match

         
            පූර්ව තරගයෙන් ප්‍රබල ඉංදියාව පරදා ඕස්ට්‍රේලියා කන්ඩායම ජය වාර්තා කරයි.තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 328ක් ලබා ගත්තාය.ඊට ස්ටීවන් ස්මිත් අගනා ශතකයක්ද (105) පන්දු 93, එරොන් ෆින්ච් පන්දු 116 කින් ලබා ගත් ලකුණු 81ද දායක විය.මෙම තරගාවලියේ ප්‍රබල පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් අද ලබා ගත්තේ පන්දු 14කින් ලකුනු 29ක් පමනි.පන්දු යැවීමේදී ඉංදීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදව් පන්දුවාර 9ක් යවා ලකුනු 72කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.මෙම තරගාවලියේ මීට පෙර ඉංදීය කණ්ඩායම සහභාගි වූ තරග 7දී ප්‍රතිවාදී කණ්ඩායම්වල සියලුම ක්‍රීඩකයන් (කඩුළු 70) දවා ගැනීමට සමත් වූ ඉංදීය පන්දු යවන්නන්ට මෙම තරගයේදී දවා ගැනීමට හැකි වූයේ කඩුළු 7ක් පමනි.

                ඒ අනුව 329ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් හබා යෑමට පිටියට පිවිසි ඉංදීය පිතිකරුවන් හොද ආරම්භයක් ලබා ගනිමින් පලමු කඩුල්ලට ලකුණු 76ක සබධතාවක් පැවැත්වුවද පන්දු 41කින් ලකුණු 45ක් ලබා ගත් ඉංදීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ගේ දැවී යාමත් සමග පිටියට පිවිසි ප්‍රබල පිතිකරු විරාත් කෝලි පන්දු 13කින් ලකුණු 1ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය.ඒ අනුව මුළු ලකුණු 108ක් ලකුණු පුවරුවේ සටහන් වෙද්දී ඉංදීය මුල්පෙළ පිතිකරුවන් 4 දෙනෙක්ම දැවී ගොස් සිටි නමුත් ඉංදීය නායකයා හුදෙකලා සටනක නිරත වෙමින් ප්‍රබල සටනක් දියත් කළේය.නමුත් මැක්ස්වෙල්ගේ දක්ෂ පංදු රැකීම හමුවේ පන්දු 65ක් තුලදී ලකුණු 65ක් ලබා සිටි නායක දෝනිගේ දැවී යාමත් සමගම ඉංදීය කණ්ඩායමේ කඩුළු එක පිට එක බිද වැටෙන්නට විය.ඒ අනුව පන්දුවාර 46යි පන්දු 5ක් තුලදී ඉංදීය කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවී යනවිට ලකුණු පුවරුවේ සටහන් වුනේ ලකුණු 233ක් පමණි.ඒ අනුව ලකුණු 95ක ජයග්‍රහණත් සමගම නවසිලන්තය සමග ලබන 29 වනදා පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.පන්දු යැවීමේදී ජේම්ස් ෆෝක්නර් ලකුණු 59කට කඩුලු 3ක්ද ජොන්සන් හා ස්ටාර්ක් අතර කඩුලු 2 බැගින්ද බෙදී ගියේය.
තරගාවලියේ වීරයා වශයෙන් ශතකයක් සමගින් දක්ෂ ලෙස පන්දු රකින ලද ස්ටීවන් ස්මිත් දිනා ගත්තේය. 
           මෙවර තරගාවලියේ විශේෂත්වය නම් සත්කාරකත්වය ලබා දුන් රටවල් දෙකම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමයි.   
Share:

Related Posts:

0 comments:

Post a Comment

Sports

  • Builds broken bones two hours
    ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ  පැරැණි...

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

  • CPC 5 billion loss.
               ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ...
  • Alcohol beer tax cut.
            නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින...

Support