2015/03/17

Wele Suda case, the book disappeared.


 
               මෙරට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන 'වෙලේ සුදා' නමැත්තාට එරෙහිව පවතින කුඩු නඩුවකට අදාළ සටහන් යෙදූ ගල්කිස්ස පොලිසියේ තොරතුරු පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ගල්කිස්ස පොලිස් ස්ථානය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට (16දා) නියෝග කළේය. 2000 මැයි 27 හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 6.7ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම යන අධි චෝදනා 2ක් යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබිණි. මේ නඩුව සඳහා නඩු භාණ්ඩ 5ක්ද, පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් 22කගේ ලේඛනයක්ද නීතිපතිවරයා විසින් නඩුවට ඇතුළත් කර තිබිණි. මේ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ගම්පොළ විතානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති විත්තිකරු විශේෂ ආරක්‍ෂාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
             නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ රජින්ද්‍ර ජයරත්න මහතා මීට ඉහත නඩු වාරයකදී කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම නඩුවේ නඩු භාණ්ඩවලට අදාළ සටහන් ඇතුළත් තොරතුරු පොත ගල්කිස්ස පොලිසිය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව ගල්කිස්ස පොලිසිය 2014 සැප්තැම්බර් මස 10 දිනැති ලිපියක් මඟින් අධිකරණය වෙත දන්වා ඇත්තේ නඩුවට අදාළ කාලසීමාවේ එනම් 2000 වර්ෂයේ තොරතුරු සටහන් යොදන ලද පොතෙහි අදාළ තොරතුරු සටහන් වී නොමැති බවයි.
ඒ අනුව රජයේ නීතිඥවරයා මේ සම්බන්ධයෙන් ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මඟින් වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය. වෙලේ සුදා නමැති විත්තිකරුට අදාළව සටහන් යෙදූ එම තොරතුරු පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් පිළිබඳ හා එම නිලධාරීන්ට විරුද්ධව ගැනීමට අදහස් කරන පියවර පිළිබඳ වාර්තාවක් ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මඟින් කැඳවීමට නියම කළ විනිසුරුවරයා එම නිලධාරියාට ලබන මැයි 18 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියම කළේය.
මේ නඩුවේ විත්තිකරු, නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ලදී.
Share:

Related Posts:

0 comments:

Post a Comment

Sports

  • Builds broken bones two hours
    ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ  පැරැණි...

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

  • CPC 5 billion loss.
               ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ...
  • Alcohol beer tax cut.
            නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින...

Support