2015/03/15

Reduce the powers of the executive gazette notification.



                                         විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කප්පාදුව කිරීම ඇතුළු 19 ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණයට යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පක්ෂ නායක හමුවේදී ඊයේ (15) උදෑසන ගත් තීන්දුවට සවස පැවැති කැබිනට්  මණ්ඩලයේදී අනුමැතිය හිමිවුණු බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. ඒ අනුව ගැසට් නිවේදනයක් මගින් අදාළ සංශෝධනය ප්‍රසිද්ධියට පත් කිරීමට තීරණය කළ බව ඇමැතිවරයා පැවසීය. 
1. නව ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කෙරෙනු ඇත. රාජකාරි සමයේ සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමට තිබූ මුක්තියද ඒ අනුව ඉවත් කෙරේ.

2. ජනාධිපති ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු වෙයි.

3. ජනාධිපති ධුර කාලය දෙවරකට සීමා වෙයි.

4. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. (නිර්ණායක අනුව)

5. අමාත්‍යාංශ ‍ලේකම්වරුන් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් වෙයි. (එවැනි පත්කිරීමක් කරන්නේ නම් නිර්ණායකවලට යටත්ව සිදුවෙයි)

6. මතෛක් පැවැති රටේ සේනාධිනායක, රාජ්‍ය නායක ධුරවලට අමතරව මින් ඉදිරියට ආණ්ඩුවේ නායකත්වයද ජනාධිපතිවරයාට අයත් වෙයි. (මතෛක් අගමැති සතුව තිබිණි)

7. මහ මැතිවරණයන් මිශ්‍ර ඡන්ද ක්‍රමයට පැවැත්වෙයි. එසේ තෝරා ගන්නා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් ගණන 30කට සීමා වෙයි. නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 40කි.

8. වරදකරුවන්ට නිර්ණායක අනුව පමණක් සමාව ලබා දීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. එසේ නොවන අවස්ථාවකදී වුවද වරදකරුවන් නිදහස් කිරීමේ බලතල ඉවත් කෙරේ.

ඉහත කරුණු ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ජනතාව අතරට ප්‍රසිද්ධ කෙරෙන අතර හදිසි පනතක් නොවන ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Share:

Related Posts:

0 comments:

Post a Comment

Sports

  • Builds broken bones two hours
    ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ  පැරැණි...

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

  • CPC 5 billion loss.
               ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ...
  • Alcohol beer tax cut.
            නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින...

Support