2015/03/19

Painful defeat


 
                      සමුගැනීමට වඩා අර්ධ අවසන් පූර්ව තරගය පරාජය වීම වේදනාත්මක බව ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවියට සමුදුන් කුමාර් සංගක්‌කාර පවසයි. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව සතුටු විය හැකි බවද සංගක්‌කාර වැඩිදුරටත් පැවසීය. අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ජාත්‍යන්තර තරගයකට අඳින නිල් ටීෂර්ටය සහිත ක්‍රීඩා ඇඳුමෙන් සැරසී පැමිණි කුමාර් සංගක්‌කාර තරගය ජය ගැනීමට තවත් ලකුණු 130 ක්‌ තිබුණානම් ප්‍රමාණවත් වූ බවද පැවසීය.,"තණතීරුව අනුව තරගය ජය ගන්න ලකුණු 250 ක්‌ හෝ 260 තිබුණනම් ප්‍රමාණවත් කියල හිතනවා. එවැනි ලකුණු සංඛ්‍යාවක්‌ හඹා ගොස්‌ ජය ගන්න ඒ තණතීරුවේ ලෙහෙසි නැහැ. නමුත් අවාසනාවකට අපිට ඒ දේ කරන්න බැරි වුණා. මේ තරගය පරාජය වෙලා ඉවතට විසි වුණත් අපේ ක්‍රීඩකයන් තරගාවලිය පුරාවට දැක්‌වූ වෙහෙසකර

සටන අති විශිෂ්ටයි. මමත් ක්‍රීඩාංගණයට යනකොට හිතාගෙන ගියේ ඔස්‌ට්‍රේලියාවට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදී ලබපු ශතකය ගැන. මොකද එදත් මුලින්ම බැට්‌ කරන්න ලෙහෙසි වුණේ නැහැ. පස්‌සෙ අපි හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා අවස්‌ථාව එනකම් මම කඩුල්ලේ රැඳී සිටියා. ඒ වෙලාවෙ පන්දු ගොඩක්‌ අපතේ යන්න ඇති. නමුත් අපි බලාපොරොත්තුවෙන පහරවල් ගහන්න අවස්‌ථාව එනතුරු බලා සිටිය යුතුයි.
දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන්නන් කඩුලු 7ක්‌ ලබා ගැනීම පිළිබඳවද සංගක්‌කාර අදහස්‌ දැක්‌වීය."වේග පන්දු යවන්නන්ගෙන් කඩුලු ලබා ගන්නා දකුණු අප්‍රිකානුවන් දඟ පන්දු යවන්නන්ගෙන් කඩුලු 7 ක්‌ දවා ගැනීම අපේ පරාජයට ප්‍රධාන හේතුවක්‌. ඔවුන් හොඳට පන්දු යෑව්ව" දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ දඟ පන්දු යවන්නන් යුගල වූ ඉම්රාන් තහීර් (26/4) සහ ඡේපී ඩුමනි (29/3) එකතුව ලකුණු 55 කදී කඩුලු 7 ක්‌ දවා ගනිමින් ශ්‍රී ලංකාව පරාජයට ඇද දැමීමේ දැවැන්තම මෙහෙයුම දියත් කළේය.
ෙදකුණු අප්‍රිකාව වැනි දක්‍ෂ කණ්‌ඩායමක්‌ පරාජය කිරීම පහසු නැහැ. අපි හැම තේරීමක්‌ම කළේ ජයග්‍රහණය වෙනුවෙන්. නමුත් ඒ තීරණ වරදින අවස්‌ථාත් තිබුණා. කුසල් පෙරේරාව ආරම්භක පිතිකරු ලෙස යොදා ගත්තෙත් බලාපොරොත්තුවක්‌ ඇතිවයි. නමුත් සබඳතා පවත්වන්න කලින් අපේ කඩුළු හැම විටම දැවී යැම කනගාටුවට කරුණක්‌. මටත් අවශ්‍ය වුණේ පුළුවන් තරම් පන්දුවේ පැහැය වෙනස්‌ වෙනකම් කඩුල්ලේ රැඳී සිටින්න. නමුත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හොඳින් තරගයට අවතීර්ණ වෙලා හිටියා. තිරිමාන්න ආපු වෙලාවෙ ඉදන් හොඳින් බැට්‌ කළා. ඒත් ඔහු දැවී ගියාට පස්‌සෙ කාටවත් කඩුල්ලේ රැඳී සිටින්න බැරි වුණා. කොහොම වුණත් කඩුලු ඉක්‌මනින් දැවී යන අවස්‌ථාවකදී පොඩ්ඩක්‌ ඉවසීමෙන් බලා සිටියනම් අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු වේගය වැඩි කරන්න පුළුවන්. නමුත් අපි හොඳට කළේ නැති එක තමයි ඇත්ත කතාව."
තමා ක්‍රිකට්‌ පටන් ගන්න කාලයට වඩා අවසානය වන විට හොඳින් ක්‍රීඩා කළ බවත් දැන් ඉන්න නවක ක්‍රීඩකයන් තමා එදා හිටියට වැඩිය ඉදිරියට පැමිණ සිටින බවත් සංගක්‌කාර පවසයි.,"අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය සුරක්‌ෂිතයි. මා ක්‍රීඩා කරන විදිහට මටත් හිතෙනවා තවත් අවුරුද්දක්‌ දෙකක්‌ ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. නමුත් යථාර්තය අප තේරුම් ගත යුතුයි. තවත් ලෝක කුසලානයක්‌ තියෙන්න අවුරුදු හතරක්‌ තියෙනවා. ඊට කලින් සමුගැනීමේ හොඳම තැන තමයි මේක කියල මම තීරණය කළා. ඒ තීරණය ගැන මට පොඩ්ඩක්‌වත් කනගාටුවක්‌ නැහැ. මොකද මම රට වෙනුවෙන් හැකි උපරිමයෙන් ක්‍රීඩා කළා. අනික කොයි මොහොතක හෝ අපි සමුගත යුතුයි. සමහර වෙලාවට ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම ලොකු සහනයක්‌ කියල දැනෙනවා. ඒ ජාත්‍යන්තර තරගවලට මුහුණදීම සඳහා අපි නොයෙකුත් වෙහෙසකර කාර්යයන්වල නිරත වෙනවා. සමහර වෙලාවට අයිස්‌ වතුර පවා නාන අවස්‌ථා තියෙනවා. දැන් ඒ දේවල් නැතිවීම එක්‌තරා සහනයක්‌." යනුවෙන් සංගක්‌කාර වැඩිදුරටත් පැවසීය
Share:

Related Posts:

0 comments:

Post a Comment

Sports

  • Builds broken bones two hours
    ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ  පැරැණි...

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

  • CPC 5 billion loss.
               ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ...
  • Alcohol beer tax cut.
            නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින...

Support