2015/03/22

Here are the national government's new cabinet.


 










           ජාතික ආණ්ඩුවකට මුලපුරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. කැබිනට් අමාත්‍යවරුන් 11දෙනෙක් රාජ්‍ය අමාත්‍ය වරුන් 5දෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍ය වරුන් 10 දෙනෙක් මෙලෙස  දිවුරුම් දුන් අතර, විපක්ෂ නායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ප්‍රබලයන් වන නිමල් සිරිපාල ද සිල්වා, ‍ජෝන් ‍සෙ‍නෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ‍පේම්ජයන්ත්, දී.මූ. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, ඩලස් අලහප්පෙරුම වැනි ‍ජ්‍යෙෂ්ඨයන්ට ජාතික ආණ්ඩු‍වේ ඇමැතිකම් ලැබී නොතිබීම විශේෂත්වයකි.

කැබිනට් අමාත්‍යවරුන්
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය


 නව රාජ්‍ය ඇමතිවරු ... 

පවිත්‍රා වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍ය
ජීවන් කුමාරතුංග - කම්කරු රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ - මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

 නව නියෝජ්‍ය ඇමතිවරු... 

තිස්ස කරලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
දයාග්‍රිත තිසේරා - ධීවර නියො‍්ජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න - ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් යාපා අබේවර්ධන - ගුවන්‍ සේවා නියෝජ්‍ය අමාත්‍ය
ලලිත් දිසානායක - වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ලසන්න අලගියවන්න - ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
Share:

Related Posts:

0 comments:

Post a Comment

Sports

  • Builds broken bones two hours
    ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ  පැරැණි...

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

  • CPC 5 billion loss.
               ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ...
  • Alcohol beer tax cut.
            නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින...

Support