https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 ලංකා ගොසිප් New News

Facebook Content Monetization now available in Sri Lanka

Facebook සමාගම නවතම යාවත්කාලීනකරණයක් මගින් ශ්‍රී ලංකාව Facebook Content Monetization සඳහා තෝරාගත් රටවලට එක් කර තිබේ.

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Two people die in a serious accident on the highway.

මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Today's weather forecast

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සුළු වැසි වැටෙන හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

2016/12/06

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

2.0 චිත්‍රපටය සඳහා චෙන්නායි නුවරදී  සිදුකළ රූ ගතකිරීමක් අතරතුර මෙලෙස වම් පාදයට තුවාල සිදුවූ රැජිනි කාන්ත් රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් ඇතුලු සිනමා තරු රැසක් රඟපාන ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය නිපදවනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 400 ක වියදමින්ය.

 

 

Share:

Builds broken bones two hours

ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ
 පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.
36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.
ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


Share:

2016/10/04

Cigarette prices increase.

සිගරට් මිළ වැඩි වේ

 
                                                                   අද සිට සිගරට් එකක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති බවට මුදල් ඇමතිවරයා පවසයි. නව බදු සංශෝධනයට අනුව මෙය ක්‍රියාත්මක බව මාධ්‍ය හමුවකදි ඒ මහතා පවසා සිටියේය.
Share:

2016/09/22

O/L students who failed the A/L entry.

සා.පෙ අසමත් සිසුන්ටත් උ.පෙ වරම්

 
                                                      අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත්වන සිසුන්ට  අ‍.පො.ස උසස් පෙළ හැදෑරීමට අවස්ථාව 2018 වසරේ සිට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
 අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (21) ‘සසුනට දිරි දෙන සුරකිමු පිරිවෙන’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක පිරිවෙන්වල පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් ගොඩනැගිලි ආධාර ප්‍රදානය කිරීමේ හා පිරිවෙන් සඳහා ගණිත උපකරණ කට්ටල බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.
 සියලු දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා නිර්මාණය කර දීමට සැලසුම් කර තිබෙනවා. ඒ සමග රැකියා අභිමුඛ අධ්‍යාපනයක් ඉලක්ක කර විෂය මාලා නවීකරණය කිරීම මෙන්ම නව විෂයයන් හඳුන්වා දීමට කටයුතු යොදන බවටත් ඇමතිවරයා සදහන් කලේය.
Share:

2016/07/08

Protests around Salava

 සාලාව අවට උද්ඝෝෂණ


                                                                        සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා ඇති වූ පිපිරීම නිසා කොස්ගම, සාලාව හා ඒ අවට නිවාස හා ව්‍යාපාරික ස්ථාන විශාල ප‍්‍රමාණයක් විනාශ වූ අතර ඒවා පිළිසකර කර ඇති බව රජය පැවසුවත් සාලාව නගරයේ බොහෝ ස්ථාන තවමත් ඒ ලෙසම පවතින බව කියමින් ප‍්‍රදේශවාසීන් විසින් මේ වන විට විරෝධතාවයක් අරඹා තිබේ.
               මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන මුළුමණින්ම වසාදමන්නට සිදුව ඇති බවත් රජයෙන් 50000 ක දීමනාවක් ලැබුනත් එම පාඩු පියවාගන්නට අපහසු බවත් ඇතැම් ව්‍යාපාරිකයින් පවසා ඇත.
                ඔවුන් සිදුකෙරෙන විරෝධතාව නිසා කොළඹ-අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) සාලාව යුද හමුදා කඳවුර අසලින් අවහිර වීම නිසා දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.
Share:

2015/05/15

High radioactive mineral from Ratnapura




           මිනිස් සිරුරට අහිතකර අධිවිකිරණශීලී ‘සමර්ස්කයිට්’ නමැති ඛනිජ වර්ගය ප්‍රථම වරට රත්නපුර, කොළොන්න ප්‍රදේශයෙන් සොයාගන තිබේ.මැණික් ගල් සමග මෙම අධි විකිරණශීලී ඛනිජය ද හමුවන බවත්, මෙම ඛනිජය ළඟ තබාගැනීමෙන් පිළිකා වැනි රෝග මෙන්ම මිනිසාට මාරාන්තික රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් සදහන් වේ.
         මීට පෙර 1847 දීතොලෝනියන් සමර්ස්කයිට් නම් රුසියානු කැණීම් විද්‍යාඥයා ප්‍රථම වරට මෙම ඛනිජය රුසියාවෙන් සොයාගෙන තිබේ.රත්නපුර ඇතුළු මැණික් ලැබෙන බොහෝ ප්‍රදේශවලින් මෙම ඛනිජ වර්ගය හමු වී ඇතත් එය විකිරණශීලී බව බොහෝ අය නොදනිති.
Share:

2015/04/16

Pope i-pad auction.

           ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට හිමිව තිබු I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබේ.ගොන්සොලෝ අයිමිලියස්(Gonzolo Aemilius) නම් පූජකතුමන් හට වතිකානයේ පැවති හමුවක දී මෙම I Pad ජංගම පරිගණකය පාප් වහන්සේ විසින් තෑගී කරනු ලැබ ඇත්තේ එය සමාජ මෙහෙවරකට යොදා ගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.
       “ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ වතිකාන අන්තර්ජාල සේවය” යන්න රෝම භාෂාවෙන් ඒ මත මුද්‍රණය කර ඇති අතර පාප් වහන්සේ ගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතු සහතිකයක් ද සමග එය වෙන්දේසි කරනු ලැබුයේ උරුගුවේ අගනගරය වන මොන්ටෙවිදෙයෝ(Montevideo) හි දී.
          මෙම වෙන්දේසියේ දී ජයග්‍රාහී ඉල්ලුම ලබා දුන්නේ දුරකථනය ඔස්සේ බව පැවසූ වෙන්දේසිකරුවන් මෙම I Pad පරිගණකය මිල දී ගත් පුද්ගලයාගේ නම හෙළි නොකළහ.
Share:

2015/04/14

Sri Lanka's second zoo in Pinnawala.

 
         ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින පින්නවල දී විවෘත කරන බව රඹුක්කන පළාත් සභා මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා පවසයි. එය උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා, සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක, සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 10.05 ට යෙදෙන සුබ මොහොතිනි.
             රුපියල් මිලියන 483 ක් වියදම් කර මෙහි පළමු අධියරයේ වැඩ අවසන් කර තිබුණේ සබරගමු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මැදිහත් විමෙන් හා උපදෙස් පරිදි පසුගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින්ය. පසුව නව රජය විසින් එහි අඩුපාඩු සකස් කර මෙසේ විවෘත කිරිමට සැලසුම් කළේය.
        පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප‍්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර ඇත. පළමු අධියරේ වැඩ කටයුතු සඳහා වාගොල්ල ගොවිපළ භුමියෙන් අක්කර 47 ක් සත්වෝද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. පළමු අදියර සඳහා යොදා ගෙන ඇති මේ අක්කර 47 භූමි ප‍්‍රමාණය දෙහිවල සත්තුවත්ත මෙන් දෙගුණයකටත් වඩා වැඩි භූමි ප‍්‍රමාණයකි. මේ සඳහා පසුගිය රජය රුපියල් මිලියන 577 ක් වෙන් කර තිබුණි.
Share:

2015/04/11

Herath ready to retire from ODI

 
          ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේ දී ක්‍රීඩා කිරීමට නොහැකි විය.එම තරඟයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු විය.මේ වන විට ඔහු එක්දින පිටියෙන් සමු ගැනීමට යන බවට ආරංචි පැතිර යයි.ඔහු සදහන් කලේ ආබාධ නිසා නොයෙක් අවස්ථාවල කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුවත් තමන් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.කණ්ඩායම,තේරීම් කමිටුව සමග සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සදහන් කලේය.
Share:

Two killed in train crash.

          හික්කඩුව - තොටගමුව පාලම අසලින්. දුම්රිය මාර්ගය දිගේ පැමිණි 14 හැවිරිදි දැරියක් පාලම මතින් ගමන් කරමින් සිටියදී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී මියගොස් ඇත. හික්කඩුව - කලූපේ ප්‍රදේශයේ පදිංචි ඇය හික්කඩුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවියකි.වේගයෙන් පැමිණි දුම්රිය දුටු  දැරිය දුම්රිය මාර්ගය හරහා ඇද වැටී ඇති අතර, යෙහෙළිය ඇය බේරා ගැනීමට උත්සාහ දරා තිබුණත් එය අසාර්ථක වී ඇත්තේ දැරියගේ පය සිල්පර කොටන් අතර සිරවීම හේතුවෙන් දුම්රියට යට වී ඇත.
          තවත් අනතුරකින් 35 හැවිරිදි මවක් තම හත් හැවිරිදි දියණිය සමඟ තලෙයි මන්නාරමේ සිට කොළඹට පැමිණි සීඝ්‍රගාමී දුම්රියට ගොඩවීමට උත්සහ කිරීමේදී පය පැටලී දුම්රිය සහ දුම්රිය මාර්ගය අතරට ඇද වැටී දෙදෙනා අතරින් මව බරපතල තුවාල ලබා පසුව ඇය මියගිය බව වාර්ථා වේ.මව සහ දියණිය ගණේමුල්ලේ පදිංචිකරුවන් වේ.
Share:

2015/04/10

Another group from Yemen.

            යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැමිණියහ.ඒ අතර අවුරුදු එක හමාරක කුඩා දරුවෙකුද විය. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත. මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින්  හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ පසුව එතැන් සිට නයිරෝබි නුවර කෙන්යා තානාපතිවරයාගේ සහයෙන් යළි ගුවනින් කටාර් හි දෝහා හරහා දිවයිනට පැමිණියහ.දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ  යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ ප්‍රධානියා වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා කණ්ඩායමක් වශයෙන් ඒක රාශී කොට ශ්‍රී  ලංකා රජයට දැනුම් දී    සියළු දෙනාටම දිවයිනට පැමිණීමට මැදහත්ව කටයුතු කළ බවයි.
Share:

2015/04/04

CPC 5 billion loss.

 
         ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති බව හෙළිදරව් වෙයි.න්ධන සඳහා අයකරන බදු ඉවත් නොකිරීමට කටයුතු කිරීම නිසා තෙල් සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට සිදුව ඇති බව සදහන් වේ.
       ඉන්ධන මිල අඩු කිරීම මඟින් ජනතාවට සහන සැලසෙන නිසා තමන් එයට විරුද්ධ නොවන බවත් එහෙත් තෙල් සඳහා අයකරන බදු ඉවත් කර එම සහන ජනතාවට ලබාදෙනවා වෙනුවට තෙල් සංස්ථාවට පාඩුවන ආකාරයෙන් එම සහන ලබාදීම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.මේ ආකාරයෙන් ඉන්ධන සඳහා බදු අය නොකිරීම නිසා තෙල් සංස්ථාව අතිවිශාල පාඩුවක් ලබන බවත් මෙමඟින් ඉදිරියේදී සේවක අයිතිවාසිකම්වලටද ගැටලු ඇති විය හැකි බවත් මේ වන විටත් ඇතැම් අංශවල අතිකාල පැය ගණන සීමාකර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
Share:

2015/04/03

Nadisha withdraws from politics.

        ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ඇය එක්සත් ජාතික පක්ෂයේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනුත් ක්‍රියාකාරීව කටයුතු කළාය.කෙසේ වෙතත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කලකිරීමක් නිසා තමන් දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීයමය රංගන ශිල්පිනියක් ලෙස කලා කටයුතුවල නිරත වන බව ඇය පැවසුවාය. 
       ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් ඇය පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින බවද සඳහන් කළාය. 
      "මම වසර දෙකකට දේශපාලනයෙන් සමුගත්තේ. දකුණු පළාතේ මගේ ආදරණිය ජනතාව වෙනුවෙන් ඕනෑම වේලාවක පෙනී සිටිනවා. ඔවුන්ව මට අමතක කරන්න බෑ."ඇය එසේ පැවසුවාය.
Share:

Air Force Cycle Tour lead in air force

        ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් සාර්ථකව නිමාවට පත් විය.තරගය ආරම්භයේදී ත්‍යාග ප්‍රධානය කල අතර ඊයේ තරගයේදී දක්ෂතා දැක්වූ තරගකරුවන්ට වර්ණ ජර්සි ප්‍රදානය කෙරිණි.එහිදී කහ ජර්සිය ප්‍රථම අධියර ජය ගත් ගු.හ නිදුශ් නිරන්තටද,කොළ ජර්සිය බුද්ධික වර්ණකුලසූරියටද,කදු ශූරයාට හිමි ජර්සිය සුරංග රණවීරටද,සුදු ජර්සිය සී.එම් විරාන්ටද හිමි විය.අද තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව කැකිරාව,මරදන්කඩවල,අනුරාධපුරය.නොච්චියාගම හරහා පුත්තලමෙන් අවසන් විය.
        පළමු ස්ප්‍රින්ට් ජය තිරප්පනේ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එහි ජය යුධ හමුදාවේ තුෂාන් රාජපක්ෂටද,දෙවන ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ලෙස නොච්චියාගම අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් ජය ගත්තේ යුධ හමුදාවේම ගයාන් කුමාර විසිනි.පෙර දිනයේ මෙන් නොව අද තරගය අවසාන රේඛාවට සියලුම තරගකරුවන් පැමිණියේ එක රොත්තක් ලෙසය.අවසානයේ ජීවන් ජයසිංහ (ගු.හ ),සුජිත් සිල්වා (ගු.හ ),හා සමීර චතුරංග (යු.හ ) පිළිවෙලින් 1,2,3 ස්ථාන හිමිකර ගත්තේය.
       තරගයෙන් අනතුරුව ජීවන් ජයසිංහ කියා සිටියේ "පුත්තලම කියන්නේ අපේ නගරයක්.පුත්තලමේ තරගයක් තිබුනොත් අපිම තමයි ජය ගත්තේ.ගුවන් හමුදාවට අභියෝග කරන්න කවුරුත් නෑ" යනුවෙනි.
         හෙට තරගයේ තෙවන සහ අවසාන අධියර පාලාවියෙන් පටන් ගෙන ගුවන් හමුදා මූලස්ථානය අසලින් අවසන් කිරීමට නියමිතය. 

Share:

2015/04/02

Russian boat accident.

            රුසියානු ධීවර යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි සේවකයන් පනස් හතර දෙනෙකු මිය ගොස් තිබේ.යාත්‍රාව අනතුරට පත් වී ඇත්තේ රුසියාවේ නැගෙනහිර සාගර කලාපයේදීය.අනතුර සිදුවී විනාඩි පහළොවක් ඇතුළත මෙම ට්‍රෝලර් නෞකාව මූදුබත් වී ඇති අතර ඒ මොහොතේදී එකසිය හැට දෙදෙනෙකු එහි සිට ඇති බව වාර්තා වේ.ඒ ආසන්නයෙන් යාත්‍රා කළ අනෙකුත් ධීවර බෝට්ටු මගින් අධික ශීතල ජලයේ සිටි හැට තුන් දෙනෙකු ගේ ජීවිත බේරා ගෙන ඇති අතර තවත් පහළොස් දෙනෙක් තවමත් අතුරුදහන් වී සිටිති.ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබේ.
Share:

Air Force Cycling Tour begins.

    
          64වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව 16වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පා පැදි තරගය අද ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ කෙරිනි.ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 130 දෙනෙක් මෙයට සහභාගි විය.අදියර 3කින් පැවැත්වෙන මෙහි අද පැවති ප්‍රථම අදියරට කි.මී 158ක දුරක් තිබිණි.ඒ ජා-ඇල,මිනුවන්ගොඩ,කුරුණෑගල,කටුගස්තොට හරහා මාතලේ දක්වාය.
           මෙහි ප්‍රථම ස්ප්‍රින්ට් ජය මිනුවන්ගොඩ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එය මිනුවන්ගොඩින්ම බිහි වූ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ දිනා ගත් අතර දෙවන ජයග්‍රහකයා තෝරා ගනු ලැබුවේ කුරුණෑගල බස් නැවතුම්පළ අසලිණි.එය ගුවන් හමුදාවේම නිලංග අප්පුහාමි විසින් දිනා ගන්න ලදි.කදු බෑවුම් සහිත මාර්ගයක් වූ මෙහි ඉදිරිය වරින්වර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර දෝලනය වූ අතර අවසානයේ පැය 3කුත් මිනිත්තු 57ක කාලයක් නිම කරමින් ප්‍රථම අදියර ජයග්‍රහණය කලේ අංක 6 යටතේ තරග කල ගුවන් හමුදාවේ නිදුශ් නිරන්ත ක්‍රීඩකයාය.දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය (අංක 01) හා වරාය අධිකාරිය නියෝජනය කල සී.එම්.විරාන් (අංක 48) දිනා ගත්තේය. 
         මෙහි දෙවන අදියර හෙට දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් ද,.තෙවන අදියර පාලාවියේ සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වාද පැවැත්වීමට නියමිතය.අදියර 3 සමස්ථ දුර ප්‍රමාණය කි.මී 432කි.
Share:

2015/04/01

Forgive the offender for damages mirror wall

 
      කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ සිය නම ලිවීමේ වරදට අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදයා,ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට තීන්දු කොට ඇත.සින්නතම්බි උදයා සිය නොදැනුවත්කම නිසා සිදු කරන ලද වරදට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබීම ‘බරපතල දඬුවමකැයි’ පවසන නන්දිමිත්‍ර ඒකනායක රාජ්‍ය ඇමතිවරයාත් ඇයට සමාවක් දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පසුගියදා මහජන හමුවකදී ප්‍රකාශ කළේය.
    පසුගිය කාලයෙහි එහි පැමිණි ඇතැම් පුද්ගලයන් සීගිරි ගී මත ඔවුන්ගේ නම් ගම් කුරුටු ගෑමෙන් බලවත් හානියක් සිදුව ඇත.
Share:

The risk of losing international cricket.

 
     ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය අනතුරු අඟවා සිටී.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර නිසාය.
         මෙම කමිටුව පත් කිරීම හරහා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට අනිසි දේශපාලන බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් කෙරෙන අතර එහිදී කවුන්සිලය මගින් සංවිධානය කරන ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගිවීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායකවරයා මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව තම කවුන්සිලය කුමනාකාරයේ හෝ පියවරක් ගනු ලබන්නේ, වර්තමානයේ සිදුව ඇති සිදුවීම් පිළිබඳව නිසි විමර්ශනයකින් අනතුරුව වන බව  කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා මෙහිදී දන්වා ඇත.
Share:

2015/03/31

Mahela is appointed Advisor SLC

           මහේල ජයවර්ධන දේශීය හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහය ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බව වාර්තාවේ.ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
       මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ උපදේශක තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක පැවසූ බව ඊයේ මාධ්‍ය වාර්තාද පළවී තිබුණි.
        මේවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින මහේල ජයවර්ධන ඉදිරියේදී එංගලනත්යේදී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන දේශීය විස්සයි විස්ස තරගාවලි සඳහා සම්බන්ධ වීමට නියමිතයි.
Share:

2015/03/30

Chairman of the sri lanka cricket board

 
       පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුණි.නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කෙරේ.
      'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දූෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ' අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි.
Share:

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support