Jackie Chan will be the Oscar award

Popular for decades to evaluate the contribution to the film industry actor Jackie Chan was awarded the Oscar Award

2015/05/15

High radioactive mineral from Ratnapura

           මිනිස් සිරුරට අහිතකර අධිවිකිරණශීලී ‘සමර්ස්කයිට්’ නමැති ඛනිජ වර්ගය ප්‍රථම වරට රත්නපුර, කොළොන්න ප්‍රදේශයෙන් සොයාගන තිබේ.මැණික් ගල් සමග මෙම අධි විකිරණශීලී ඛනිජය ද හමුවන බවත්, මෙම ඛනිජය ළඟ තබාගැනීමෙන් පිළිකා වැනි රෝග මෙන්ම මිනිසාට මාරාන්තික රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් සදහන් වේ.         ...
Share:

2015/04/16

Pope i-pad auction.

           ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට හිමිව තිබු I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබේ.ගොන්සොලෝ අයිමිලියස්(Gonzolo Aemilius) නම් පූජකතුමන් හට වතිකානයේ පැවති හමුවක දී මෙම I Pad ජංගම පරිගණකය පාප් වහන්සේ විසින් තෑගී කරනු ලැබ ඇත්තේ එය සමාජ මෙහෙවරකට යොදා ගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.       ...
Share:

2015/04/14

Sri Lanka's second zoo in Pinnawala.

           ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින පින්නවල දී විවෘත කරන බව රඹුක්කන පළාත් සභා මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා පවසයි. එය උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා, සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක, සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන්...
Share:

2015/04/11

Herath ready to retire from ODI

            ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේ දී ක්‍රීඩා කිරීමට නොහැකි විය.එම තරඟයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු විය.මේ වන විට ඔහු එක්දින පිටියෙන් සමු ගැනීමට යන බවට ආරංචි පැතිර යයි.ඔහු සදහන් කලේ ආබාධ නිසා නොයෙක් අවස්ථාවල කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුවත් තමන් තවමත්...
Share:

Two killed in train crash.

          හික්කඩුව - තොටගමුව පාලම අසලින්. දුම්රිය මාර්ගය දිගේ පැමිණි 14 හැවිරිදි දැරියක් පාලම මතින් ගමන් කරමින් සිටියදී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී මියගොස් ඇත. හික්කඩුව - කලූපේ ප්‍රදේශයේ පදිංචි ඇය හික්කඩුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවියකි.වේගයෙන් පැමිණි දුම්රිය දුටු  දැරිය දුම්රිය මාර්ගය හරහා ඇද වැටී ඇති අතර, යෙහෙළිය ඇය බේරා ගැනීමට උත්සාහ දරා තිබුණත්...
Share:

2015/04/10

Another group from Yemen.

            යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැමිණියහ.ඒ අතර අවුරුදු එක හමාරක කුඩා දරුවෙකුද විය. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත. මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින්  හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට...
Share:

2015/04/04

CPC 5 billion loss.

           ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති බව හෙළිදරව් වෙයි.න්ධන සඳහා අයකරන බදු ඉවත් නොකිරීමට කටයුතු කිරීම නිසා තෙල් සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට සිදුව ඇති බව සදහන් වේ.       ඉන්ධන මිල අඩු කිරීම මඟින් ජනතාවට සහන සැලසෙන නිසා තමන් එයට විරුද්ධ නොවන බවත් එහෙත් තෙල් සඳහා අයකරන බදු ඉවත් කර එම සහන ජනතාවට...
Share:

2015/04/03

Nadisha withdraws from politics.

        ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ඇය එක්සත් ජාතික පක්ෂයේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනුත් ක්‍රියාකාරීව කටයුතු කළාය.කෙසේ වෙතත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කලකිරීමක් නිසා තමන් දේශපාලනයෙන්...
Share:

Air Force Cycle Tour lead in air force

        ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් සාර්ථකව නිමාවට පත් විය.තරගය ආරම්භයේදී ත්‍යාග ප්‍රධානය කල අතර ඊයේ තරගයේදී දක්ෂතා දැක්වූ තරගකරුවන්ට වර්ණ ජර්සි ප්‍රදානය කෙරිණි.එහිදී කහ ජර්සිය ප්‍රථම අධියර ජය ගත් ගු.හ නිදුශ් නිරන්තටද,කොළ ජර්සිය බුද්ධික වර්ණකුලසූරියටද,කදු ශූරයාට හිමි ජර්සිය සුරංග රණවීරටද,සුදු ජර්සිය සී.එම් විරාන්ටද හිමි විය.අද තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව...
Share:

2015/04/02

Russian boat accident.

            රුසියානු ධීවර යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි සේවකයන් පනස් හතර දෙනෙකු මිය ගොස් තිබේ.යාත්‍රාව අනතුරට පත් වී ඇත්තේ රුසියාවේ නැගෙනහිර සාගර කලාපයේදීය.අනතුර සිදුවී විනාඩි පහළොවක් ඇතුළත මෙම ට්‍රෝලර් නෞකාව මූදුබත් වී ඇති අතර ඒ මොහොතේදී එකසිය හැට දෙදෙනෙකු එහි සිට ඇති බව වාර්තා වේ.ඒ ආසන්නයෙන් යාත්‍රා කළ අනෙකුත් ධීවර බෝට්ටු මගින් අධික ශීතල ජලයේ සිටි හැට තුන් දෙනෙකු ගේ ජීවිත බේරා ගෙන ඇති...
Share:

Air Force Cycling Tour begins.

               64වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව 16වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පා පැදි තරගය අද ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ කෙරිනි.ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 130 දෙනෙක් මෙයට සහභාගි විය.අදියර 3කින් පැවැත්වෙන මෙහි අද පැවති ප්‍රථම අදියරට කි.මී 158ක දුරක් තිබිණි.ඒ ජා-ඇල,මිනුවන්ගොඩ,කුරුණෑගල,කටුගස්තොට හරහා මාතලේ දක්වාය.           ...
Share:

2015/04/01

Forgive the offender for damages mirror wall

        කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ සිය නම ලිවීමේ වරදට අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදයා,ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට තීන්දු කොට ඇත.සින්නතම්බි උදයා සිය නොදැනුවත්කම නිසා සිදු කරන ලද වරදට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබීම ‘බරපතල දඬුවමකැයි’ පවසන නන්දිමිත්‍ර ඒකනායක රාජ්‍ය ඇමතිවරයාත් ඇයට සමාවක් දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පසුගියදා මහජන හමුවකදී ප්‍රකාශ කළේය.    ...
Share:

The risk of losing international cricket.

       ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය අනතුරු අඟවා සිටී.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර නිසාය.         මෙම කමිටුව පත් කිරීම හරහා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට අනිසි දේශපාලන බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්...
Share:

2015/03/31

Mahela is appointed Advisor SLC

           මහේල ජයවර්ධන දේශීය හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහය ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බව වාර්තාවේ.ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.        මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ උපදේශක තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක පැවසූ බව ඊයේ මාධ්‍ය...
Share:

2015/03/30

Chairman of the sri lanka cricket board

         පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුණි.නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
Share:

2015/03/29

Brothel raided.

      කාලයක් පුරා රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකරු හා නවාතැන්‍පොළේ සිට ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් නව දෙදෙනකුද කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලබයි.අත්අඩංගුවට පත් කාන්තාවන් වයස 18ත් 52ත් අතර පසුවන්නියන්ද ඔවුන් රාගම, අම්බලන්ගොඩ, ග්‍රෑන්ඩ්පාස්, දෙවිනුවර, තලංගම, බදුල්ල, සීදුව, වැලිමඩ, බියගම යන ප්‍රදේශවලින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ආයතනවල ඉහළ...
Share:

Lee Kuan Yew dies.

           සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ලී ක්වාන් යූ ගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වී සිටින ඔහුගේ පවුලේ ඥාතීහු, සාමාන්‍ය ජනතාව සහ කලාපීය නායකයෝ සිය අවසන් ගෞරව දක්වති. අවමංගල්‍ය උත්සවය ඇමතූ ලී ක්වාන් යූ ගේ පුත් සිංගප්පූරුවේ වර්තමාන අගමැති ලී හ්සීන් ලූන් සිය පියා හැඳින්වූයේ සටන්කාමියකු ලෙසයි.       සත්‍යයට බියෙන් පළා නොගොස් ඊට නොබියව මුහුණ දෙමින් සිංගප්පූරුව ගොඩ...
Share:

Australians are 5 consecutive World Championships.

            5වන වරටත් ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නවසීලන්ත ඉනිම පන්දුවාර 45ක් තුල ලකුණු 183කට සීමා වූ අතර එය පහසුවෙන් පසුකර යාමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ටේරලියානු කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළහ. ජේම්ස් ෆොල්ක්නර් අවසන් මහා තරඟයේ වීරයා වූ අතර තරඟාවලියේ වීරයා...
Share:

2015/03/28

Tissa United National party while the next general election?

            එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරිමට සූදානම් වන බව ආණ්ඩු පක්ෂ රහස් ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබේ.මහින්දගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම ලබා ගත් ඒ මහතා නැවතත් එජාපයට එකතුකර ගන්නා ලෙස එජාප ප්‍රබලයන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක්ද කර ඇති බව එම රහස් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. අග්‍රාමාත්‍ය ...
Share:

President's brother dies.

            ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රියන්ත සිරිසේන කොළඹ ද සෙන්ට‍්‍රල් පෞද්ගලික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී  අද අළුයම මිය ගිය බව දැනගන්නට ලැ‍බේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු  ලබන සඳුදා(30) සවස තුනට පොලොන්නරුවේ පොදු සුසාන  භූමියේදී සිදු කිරීමට නියමිතය.          ...
Share:

The tomorrow evening the World Cup finals.

            2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය හෙට මෙල්බර්න් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.ඒ ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තය අතරයි.ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නවසිලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් කියා සිටියේ පෙර තරග වලදී මෙන්ම ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා දීමට තමා බලාපොරොත්තු වන බවයි.එමගින් ප්‍රතිවාදී කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කරන බවත් ඔහු සදහන් කලේය.දකුණු අප්‍රිකාව සමග අවසන් පූර්ව තරගයේදී...
Share:

2015/03/27

Raju statement person assaulted sand.

                             34 හැවිරිදි සපුතන්ත්‍රිගේ දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රී නැමැති සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට හෙළි කර ඇත්තේ වැලිරාජු නැමැත්තා සිය මවටත් පියාටත් බැණ වැදුණු බවත්, ඒ අනූව පොරවකින් පහරදීම සිදුකළ බවත්, ප්‍රහාරය එල්ල වන බව වැලිරාජු නැමැත්තා නොදැන සිටි බවත්ය.        මේ ...
Share:

Dharmasena,final match umpire.

             2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරු කාර්යයට ශ්‍රී ලංකා විනිසුරු කුමාර ධර්මසේන නම් කර ඇති බවත් තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ ක්‍රියාකරන බවත් වාර්තා වේ. මේ අනුව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 29 (ඉරිදා) මෙල්බන් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචඩ් කීට්ල්බරෝ කටයුතු කරන අතර තෙවැනි විනිසුරු...
Share:

President younger brother attack

          ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන  ප්‍රියන්ත ලාල් සිරිසේන මහතාගේ හිසට කිසියම් පුද්ගලයකු පොරවකින් පහරදීම හේතුකොටගෙන බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ වූයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගුවන් මගින් කොළඹට ගෙන එනු ලැබීය. ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ලාල් සිරිසේන මහතාට මෙම පහරදීම සිදුව ඇත්තේ පොළොන්නරුව 4 - ඇළ ප්‍රදේශයේ ගරාජයක්...
Share:

2015/03/26

Next Monday, free Wi-Fi.

          දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.ශ්‍රී ලංකාව පුරා නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි කලාප දහසක් පිහිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇති අතර, මේ සදහා සුදුසු ස්ථාන දහසක් දැනටමත් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික...
Share:

Australia select final match

                      පූර්ව තරගයෙන් ප්‍රබල ඉංදියාව පරදා ඕස්ට්‍රේලියා කන්ඩායම ජය වාර්තා කරයි.තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 328ක් ලබා ගත්තාය.ඊට ස්ටීවන් ස්මිත් අගනා ශතකයක්ද (105) පන්දු 93, එරොන් ෆින්ච් පන්දු 116 කින් ලබා ගත් ලකුණු 81ද දායක විය.මෙම තරගාවලියේ ප්‍රබල පිතිකරු ග්ලේන්...
Share:

2015/03/25

Indo Australia decisive match ..

             2015 ලෝක කුසලාන තරගාවලියේ නවසිලන්ත කණ්ඩායමට අවසාන මහා තරගයේදී හමුවන්නේ කවුරුන්දැයි තීරනය කෙරෙන ඉංදියාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් පූර්ව තරගය අදයි.ඉංදියාව මෙම තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමක් වන අතර ඕස්ට්‍රේලියාවද ඉතා ප්‍රබල කණ්ඩායමකි.මේ වන විටත් නවසිලන්තය අවසන් මහා තරගයට සුඩුසුකම් ලබා ඇති අතර අද තරගයේ ජයග්‍රහයකයින් ලබන 19 වනදා ඔවුන් සමග තරග වැදීමට නියමිත...
Share:

Opposition Leader Dinesh Gunawardena appropriate position.

           විපක්‍ෂ නායක තනතුරට අවශ්‍ය සුදුසුකම් දිනේෂ් මහතාට තිබෙන අතර මේ මොහොතේ නිමල් සිරිපාල මහතාට තමා දොස්‌ නොකියන බවත් ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී (එජනිස) උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය ප්‍රකාශ කළාය.         හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යළිත් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිරිසක්‌ උත්සාහ ගන්නා නමුත් එම පිරිස ඔවුන්ගේ ප්‍රයෝජන තකා මෙසේ...
Share:

Alcohol beer tax cut.

        නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින සෑම ව්‍යාපාරික ආයතනයකින්ම මසකට රුපියල් මිලියන 200ක් බදු වශයෙන් ගෙවිය යුතු බවට මුදල් ඇමැතිවරයා කළ නිර්දේශය අනුව ප්‍රකාශයට පත් කළ ගැසට් ප්‍රකාශය අත්හිටුවීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (25දා) අතුරු තහනමක් නිකුත් කළේය. මේ අතුරු තහනම් නියෝගය නිකුත් කෙළේ මද්‍යසාර සහ බීර නිපදවන සමාගම් හතරක් ගොනු කළ පෙත්සම් හතරක් සලකා බැලීමෙන් පසුවයි.               ...
Share:

2015/03/24

Amendment 19 is defeated.

                19 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත පරදවන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා ඊයේ (24 දා) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවැසීය. විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා ඇමැති මණ්‌ඩලය සහ දේශපාලන පක්‌ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවලට හාත්පසින්ම පටහැනි ලෙස 19 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි ද, එය අගමැති රනිල් වික්‍රමසිංහ...
Share:

German air accident 148 commuters were killed.

            දකුණු දිග ප්‍රංශයේ සිදුවූ ගුවන් අනතුරකින් එහි කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ බාසිලෝනා සිට ජර්මනියේ ඩසල්ඩන් දක්වා පියාසර කරමින් තිබිය දී දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට කඩාවැටීමෙන් මේ අනතුරු සිදුව තිබෙන අතර ඒ අවස්ථාවේ මඟින් 142 දෙදෙනෙකු සමඟ නියමුවන් දෙදෙනෙකු සහ සෙසු කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙකු යානයේ සිට ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි....
Share:

Newzealand select final match

                2015 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ අද පැවති තරගයේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම කඩුළු හතරකින් පරාජයට පත් කරමින් නවසීලන්ත කණ්ඩායම 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.                තරඟයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දු වාර 43 අවසානයේ කඩුළු 05ක් දැවී...
Share:

Wele suda said that correctly.

                  ශ්‍රී ලංකාවේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලැකෙන වෙලේ සුදා නමැති විත්තිකරු කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට ඊයේ කියා සිටියේ තමන්ට නගා තිබෙන සියලු චෝදනා වලට තමන් නිවැරදිකරු බවයි.වෙලේ සුදා විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ දැඩි රැකවල් මැද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.        ...
Share:

2015/03/23

Cat entity police complaint.

                  පේරාදෙණිය ගොරකදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ කාන්තාවක පසුගියදා එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයක පදිංචිය සඳහා ගොස් ඇති බව සඳහන් වන අතර එම අවස්ථාවේ තම සුරතල් පූසා රැගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් 21 වැනි දින නැවතත් තමා පෙර පදිංචිව සිටි ප්‍රදේශය කරා ගොස් සොයා බැලීමේදී හෙළිව ඇත්තේ පූසා යාබද නිවෙසක පදිංචි කාන්තාවක විසින් ඇති දැඩි කරනු ලබන බවය. එම නිවෙස...
Share:

Local opposition representatives motorcycles.

                    පැවති රජය විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන්ට පමණක් යතුරුපැදි ලබාදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශාල අසාධාරනයක් වූ බවත් පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලු මහජන නියොජිතයින් විශාල කැපවීමකින් ජනතාවට සේවය කරන නිසා තම රජයෙන් පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට සාධාරණව ඉදිරි දින කිහිපය තුලදී යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන...
Share:

2015/03/22

Here are the national government's new cabinet.

             ජාතික ආණ්ඩුවකට මුලපුරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. කැබිනට් අමාත්‍යවරුන් 11දෙනෙක් රාජ්‍ය අමාත්‍ය වරුන් 5දෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍ය වරුන් 10 දෙනෙක් මෙලෙස  දිවුරුම් දුන් අතර, විපක්ෂ නායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ප්‍රබලයන්...
Share:

General Sarath Fonseka is Field Marshal.

                                       හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කෙරිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා හමුදා සේවයට පළමුවරට...
Share:

2015/03/21

Martin guptil lost 3 fingers

                            අප කවුරුත් දන්නා නවසිලන්ත ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල්ගේ වම් පාදයේ ඇගිලි 3ක් නොමැති බව ඔබ දන්නවාද?හදිසි අනතුරක් හේතුවෙන් ඔහුට මෙම ඇගිලි අහිමිව ඇති බව වාර්තා වේ.එසේ උවද ඔහු පසුගිය දා ක්‍රිකට් වාර්තා පොත් රැසක් අලුත් කිරීමට සමත් විය.ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩකයකු...
Share:

Mother dies in school

                           තම දියණිය පාසලට භාරදීමට පැමිණි මවක්‌ ඊයේ (20 දා) පෙරවරුවේ හදිසියේ හටගත් හෘදයාබාධයකින් පාසලේදීම මියගොස්‌ ඇත. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් සිසු සිසුවියන් හය ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මෙම මව අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත. ඒ මීරිගම හල්පෙ ප්‍රදේශයේ 42 හැවිරිදි කාන්තාවකි....
Share:

Sri Lanka met Pygmy people.

                                                      18 වන හෝ ඊට ආසන්න ශතවර්ෂයකදී ශ්‍රී ලංකාවේ කුරු මිනිස් කොට්ඨාශයක් සිටි බවට වාර්තා වන්නේ 1963 වසරේදීය.ඒ මහලේනම ප්‍රදේශයෙනි.මොවුන්...
Share:

2015/03/20

Australia semi final round.

                     ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමත් සමගිනි.ඒ, අනුව ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයේදී ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු...
Share:

2015/03/19

Painful defeat

                        සමුගැනීමට වඩා අර්ධ අවසන් පූර්ව තරගය පරාජය වීම වේදනාත්මක බව ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවියට සමුදුන් කුමාර් සංගක්‌කාර පවසයි. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව සතුටු විය හැකි බවද සංගක්‌කාර වැඩිදුරටත් පැවසීය. අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ජාත්‍යන්තර තරගයකට අඳින නිල් ටීෂර්ටය සහිත ක්‍රීඩා ඇඳුමෙන්...
Share:

Udaya Gammanpila cyber attack FB page.

                              පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ මහතාගේ ෆේස්බුක් රසික පිටුව වෙත සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. පසුගිය 13 වන සිකුරාදා පස්වරු 7ත් 9ත් අතර උදය ගම්මන්පිල මහතාගේ ෆෙස්බුක්හි පවතින රසික පිටුවේ මනාප 1,200ක් අඩු වී ඇත. ඒ අනුව...
Share:

2015/03/18

It is revealed that the mummy found in China's comment Kuan wrote.

                      චීනයෙන් නෙදර්ලන්තයට ගෙන ගිය බුද්ධ ප්‍රතිමාවක් තුළ පද්මාසනයෙන් හිඳ සිටින මිනිස් අස්ථි සැකිල්ලක් ඇති බවට පසුගියදා කළ සොයාගැනීම ලොවම මවිත කරවන්නක් බවට පත්ව තිබේ. රන් ආලේපිත මෙම බුද්ධ ප්‍රතිමාව තුළ පද්මාසනයෙන් වැඩ සිටින අස්ථි පංජරය භාවනානුයෝගීව සිටිමින් ස්වයං මමිකරණයට පත්වූ චීන භාවනා මධ්‍යස්ථානයක ප්‍රධාන ගුරුවරයාව සිටි ලියු ක්වාන් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ බවට කරුණු හෙළිදරව් වී තිබේ.             ...
Share:

2015/03/17

Rawatawatta million 2 1/2 of prey.

 මොරටුව, රාවතාවත්ත, ගාලු පාරේ පිහිටා තිබෙන පෞද්ගලික මූල්‍ය ආයතනයකට (17) දහවල් මුහුණු ආවරණය කරන ලද යතුරු පැදි හිස් වැසුම් පැලඳ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේප්පුවල තිබූ රු. කෝටි 2 1/2කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව ‍පොලිසිය කියයි. ඊයේ දහවල් 2.30ට පමණ ආයුධ සන්නද්ධ මංකොල්ලකරුවන් මෙම මූල්‍ය ආයතනය වෙත යතුරුපැදියකින් පැමිණ ඇත. මංකොල්ලකරුවන් ආරක්ෂක නිලධාරියා ඇතුළු...
Share:

Wele Suda case, the book disappeared.

                 මෙරට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන 'වෙලේ සුදා' නමැත්තාට එරෙහිව පවතින කුඩු නඩුවකට අදාළ සටහන් යෙදූ ගල්කිස්ස පොලිසියේ තොරතුරු පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ගල්කිස්ස පොලිස් ස්ථානය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට (16දා) නියෝග කළේය. 2000 මැයි 27 හෝ ඊට ආසන්න...
Share:

Politics they not come.sanat Jayasuriya.

                        යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවසීය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කෙටි පිළිසඳරකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය. ඒ මහතා මෙසේද කීය. සක්‍රිය දේශපාලනය මට දැන් එපා වෙලා. මම හිතන්නේ නැහැ...
Share:

2015/03/16

Sri Lanka's crucial match tomorrow.

                          ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තවදුරටත් නොදැවී සිටීමේ මානසිකත්වයෙන් සන්නද්ධව සිටින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හෙට (18 දා) සුපිරි අට වටය අරඹමින් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ. පරාජිතයන් ගෙදර යෑවෙන වටයේ උණුසුම් තරගය ලෙස ද මෙය හැඳින්වේ. ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු තමාගේ කොල්ලන්...
Share:

349 liquor stores closed on the orders of the President.

                        සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස දිවයින පුරා පාසල්, විහාරස්ථාන ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසල්වල බලපත්‍ර වහාම අවලංගු කර එම සුරාසල් වසා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ උපදෙස් දී ඇත. එලෙස පවත්වාගෙන යන සුරාසල් 349 ක් පිළිබඳ අනාවරණය...
Share:

Another girl bus accident

        කහවත්ත හවුප දෙමළ විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ අවුරුදු 6 ක් වයසැති දැරියක් ඊයේ (16) පෙරවරු 11.45 ට පමණ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මියගොස් ඇත. පෞද්ගලික බස් රථයට යටවීමෙන් මියගොස් ඇත්තේ හවුප වතුයායේ පදිංචි නිලූෂිකා නම් වූ දැරියකි. මෙම සිසුවිය පාසල නිමවී පා‍රේ අනිත් පැත්තේ පියා සිටින පැත්තට පැමිණීම සඳහා ඇන්දාන - කහවත්ත මාර්ග‍යේ පාර මාරුවෙමින් සිටියදී දෙල්වල දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන්...
Share:

Rajitha's second son, kidnapped my daughter.

                   සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න මහතා විසින් දිනිති ආ‍ලේකා නමැති තම දියණිය පැහැරගෙන බලහත්කාරයෙන් රඳවාගෙන සිටින්නේ යැයි ඇයගේ පියා සහ මව වන ගාමිණී රණසිංහ සහ දමිනි රොද්‍රිගෝ යුවළ ප්‍රකාශ කරති.කොළඹ ගලධාරි හෝටලයේදී ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මොවුහු එසේ කීහ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා විසින් ඉකුත්...
Share:

Sports

  • Builds broken bones two hours
    ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ  පැරැණි...

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

  • CPC 5 billion loss.
               ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ...
  • Alcohol beer tax cut.
            නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින...

Support