2016/07/08

Protests around Salava

 සාලාව අවට උද්ඝෝෂණ


                                                                        සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා ඇති වූ පිපිරීම නිසා කොස්ගම, සාලාව හා ඒ අවට නිවාස හා ව්‍යාපාරික ස්ථාන විශාල ප‍්‍රමාණයක් විනාශ වූ අතර ඒවා පිළිසකර කර ඇති බව රජය පැවසුවත් සාලාව නගරයේ බොහෝ ස්ථාන තවමත් ඒ ලෙසම පවතින බව කියමින් ප‍්‍රදේශවාසීන් විසින් මේ වන විට විරෝධතාවයක් අරඹා තිබේ.
               මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන මුළුමණින්ම වසාදමන්නට සිදුව ඇති බවත් රජයෙන් 50000 ක දීමනාවක් ලැබුනත් එම පාඩු පියවාගන්නට අපහසු බවත් ඇතැම් ව්‍යාපාරිකයින් පවසා ඇත.
                ඔවුන් සිදුකෙරෙන විරෝධතාව නිසා කොළඹ-අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) සාලාව යුද හමුදා කඳවුර අසලින් අවහිර වීම නිසා දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.
Share:

0 comments:

Post a Comment

Sports

කලා/Art News

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support