බැංකු ත්‍යාග ලබා දෙන බවට පෙනී යන වංචනික පණිවිඩයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පළවමින් පවතින බව පොලීසිය කියා සිටී.
ඒ පිළිබඳව පොලීසිය අවධාරණය කළේ, එය ඉතාමත් භයානක ස්කෑම් පණිවිඩයක් බවත්, පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම ද සිදු විය හැකි බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට ද අධික සංඛ්‍යාවක පැමිණිලි ලැබී ඇති අතර, එය එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේය.
ඉහත පරිදි ජංගම දුරකථන මගින් බැංකු කටයුතු කරන අය, මෙවැනි ව්‍යාජ පණිවිඩ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
0 comments:
Post a Comment