https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 15 people's killed in bus accident on Ella-Wellawaya road ~ ලංකා ගොසිප් New News

2025/09/04

15 people's killed in bus accident on Ella-Wellawaya road



 ඇල්ල–වැල්ලවාය මාර්ගයේ බස් අනතුරෙන් පුද්ගලයින් 15ක් ජීවිතක්ෂයට පත්වෙයි

ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය අයට තංගල්ල නගර සභාවේ ලේකම්වරයා, සේවකයින් 12 දෙනෙකු, ළමුන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුවරයාද ඇතුළත් වේ.

මෙම අනතුරෙන් තවත් කාන්තාවක් අතුරුදන්ව සිටින බවද වාර්තා වේ. බස් රථයේ රියදුරු සහ ළමුන් දෙදෙනාගේ මරණය බදුල්ල ශික්ෂණ රෝහලෙන් තහවුරු කර ඇත.

පොලිස් වාර්තා අනුව, තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් ඇල්ල ප්‍රදේශයේ සංචාරයකින් ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත. ඔවුන් ගමන් කළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 30ක් පමණ සිටි අතර, මූලික පරීක්ෂණ වලින් අනාවරණ වූයේ බස් රථය පල්ලම බසමින් සිටියදී ඉදිරිපසින් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකට ගැටී, පසුව මාර්ගයේ ආරක්ෂිත යකඩ වැට බිඳ ගනිමින් ප්‍රපාතයට පෙරළී ඇති බවයි.

Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support