කොළඹ මහාධිකරණයේදී ඇහුණ නඩුවකදී, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දෝන ගම්මන්පිල නම්කාන්තාවට හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ මරණ දඬුවම නියම කර තිබේ.
මහාධිකරණ විනිසුරුවරයා තීරණය කර ඇත්තේ, චෝදනා සනාථ වී ඇති අතර ඇය වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස්, ජනාධිපතිවරයා නියම කරන දිනයකදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මරා දැමිය යුතු බවයි.
මෙම කාන්තාව 2019 පෙබරවාරි 27 වැනිදා සංවිධානාත්මක අපරාධ නාශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එදා ඇය ළඟ තිබුණේ ශුද්ධ බර ග්‍රෑම් 41.65ක හෙරොයින් ප්‍රමාණයක්.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඇයව 1984 අංක 13 දරන “විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනතේ” 54(අ) වගන්තිය යටතේ නඩු පවරා තිබුණා.
ඇයට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් පසු එම චෝදනා දෙකටම වැරදිකාරිය ලෙස තීරණය විය.
0 comments:
Post a Comment