https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 India Storms into Final – Sri Lanka Officially Knocked Out ~ ලංකා ගොසිප් New News

2025/09/24

India Storms into Final – Sri Lanka Officially Knocked Out


          ඉන්දීය කණ්ඩායම 41 රන්පන්දුකින් ජයගනිමින් ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

සුපිරි 4 වටයේ අද (24) රාත්‍රියේ පැවති තරගයේදී, ඉන්දියාව ලකුණු 169ක ඉලක්කයක් ලබා දුන් අතර, පිළිතුර ලෙස බංග්ලාදේශය ලකුණු 127ක් ලබා ගන්නා විට ඔවුන් සියලු දෙනා දැවී ගියේ පන්දුවාර 19.3කදීය.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි තරගය තවමත් ඉතිරිව තිබුණද, අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නිශ්චිතව හැකිවුණි.

එසේම, පකිස්ථානයට එරෙහිව ලැබූ පරාජය නිසා අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තුව බිඳ වැටුණු ශ්‍රී ලංකාව, බංග්ලාදේශය මෙම තරගයෙන් ජයගතහොත් පමණක් යම් අවස්ථාවක් තිබුණි. කෙසේ වෙතත් බංග්ලාදේශය පරාජයෙන් පසු ශ්‍රී ලංකාව නිල වශයෙන්ම තරගාවලියෙන් ඉවත් විය.

සුපිරි 4 වටය නිම කරමින් හෙට (25) බංග්ලාදේශය සහ පකිස්ථානය අතර තරගය පැවැත්වේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබෙනු ඇත. 


Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support