https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 The driver shouted that there were no brakes.. We laughed..- An injured person in the Ella accident is being treated at the hospital… ~ ලංකා ගොසිප් New News

2025/09/04

The driver shouted that there were no brakes.. We laughed..- An injured person in the Ella accident is being treated at the hospital…


ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයකට පෙරලී ගිය බස් රථයේ තිරිංග ක්‍රියා විරහිතව තිබූ බව රියදුරු පැවසූ බවත්, එම බස් රථයේ ගමන් කර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු ප්‍රකාශ කරයි.

ඔහු සඳහන් කළේ, තමා රියදුරු ආසන්නයේ සිටි අවස්ථාවේදී එන්ජින් කවරය සෙලවී ගමන් කර තිබූ බවත්, රියදුරු තිරිංග අක්‍රිය බව දන්වා තිබුණද අනෙකුත් මගීන් එය එතරම් පිළිගත්තේ නැති බවත්ය.

නමුත් අවසානයේ රියදුරුට රථය පාලනය කළ නොහැකි වූ අතර, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක
ගැටීමෙන් පසු බස් රථය ප්‍රපාතයට පෙරළී ගිය බවද ඔහු වැඩිදුරටත් පැවසීය. තමා සිහිය තබාගෙන සිටියද, සිහිය නැවත ගොස් තිබුණේ රෝහල් ගත වූ පසු බවත් ඔහු කීවේය.

අනතුරෙන් බේරුණු කාන්තාවක්ද පැවසූවේ, තිරිංග ක්‍රියා නොකිරීම නිසා බස් රථය පහළට ගොස් තදින් අල්ලාගෙන සිටින්නැයි කොන්දොස්තර කෑගසූ බවයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ, බස් රථය විශාල ශබ්දයක් මධ්‍යයේ දෙවරක් ආරක්ෂිත වැටේ ගැටී අවසානයේ ප්‍රපාතයට පෙරළී ගිය බවය.

Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support