Jackie Chan will be the Oscar award

Popular for decades to evaluate the contribution to the film industry actor Jackie Chan was awarded the Oscar Award

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Builds broken bones two hours

ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.

DVD drive instead of a powerful diamond

It is no secret that the deposited daily round the world billions of GB of knowledge. the varied cases of knowledge by humans as a result of it placed thenceforth.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

2015/05/15

High radioactive mineral from Ratnapura




           මිනිස් සිරුරට අහිතකර අධිවිකිරණශීලී ‘සමර්ස්කයිට්’ නමැති ඛනිජ වර්ගය ප්‍රථම වරට රත්නපුර, කොළොන්න ප්‍රදේශයෙන් සොයාගන තිබේ.මැණික් ගල් සමග මෙම අධි විකිරණශීලී ඛනිජය ද හමුවන බවත්, මෙම ඛනිජය ළඟ තබාගැනීමෙන් පිළිකා වැනි රෝග මෙන්ම මිනිසාට මාරාන්තික රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් සදහන් වේ.
         මීට පෙර 1847 දීතොලෝනියන් සමර්ස්කයිට් නම් රුසියානු කැණීම් විද්‍යාඥයා ප්‍රථම වරට මෙම ඛනිජය රුසියාවෙන් සොයාගෙන තිබේ.රත්නපුර ඇතුළු මැණික් ලැබෙන බොහෝ ප්‍රදේශවලින් මෙම ඛනිජ වර්ගය හමු වී ඇතත් එය විකිරණශීලී බව බොහෝ අය නොදනිති.
Share:

2015/04/16

Pope i-pad auction.

           ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට හිමිව තිබු I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබේ.ගොන්සොලෝ අයිමිලියස්(Gonzolo Aemilius) නම් පූජකතුමන් හට වතිකානයේ පැවති හමුවක දී මෙම I Pad ජංගම පරිගණකය පාප් වහන්සේ විසින් තෑගී කරනු ලැබ ඇත්තේ එය සමාජ මෙහෙවරකට යොදා ගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.
       “ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ වතිකාන අන්තර්ජාල සේවය” යන්න රෝම භාෂාවෙන් ඒ මත මුද්‍රණය කර ඇති අතර පාප් වහන්සේ ගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතු සහතිකයක් ද සමග එය වෙන්දේසි කරනු ලැබුයේ උරුගුවේ අගනගරය වන මොන්ටෙවිදෙයෝ(Montevideo) හි දී.
          මෙම වෙන්දේසියේ දී ජයග්‍රාහී ඉල්ලුම ලබා දුන්නේ දුරකථනය ඔස්සේ බව පැවසූ වෙන්දේසිකරුවන් මෙම I Pad පරිගණකය මිල දී ගත් පුද්ගලයාගේ නම හෙළි නොකළහ.
Share:

2015/04/14

Sri Lanka's second zoo in Pinnawala.

 
         ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින පින්නවල දී විවෘත කරන බව රඹුක්කන පළාත් සභා මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා පවසයි. එය උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා, සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක, සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 10.05 ට යෙදෙන සුබ මොහොතිනි.
             රුපියල් මිලියන 483 ක් වියදම් කර මෙහි පළමු අධියරයේ වැඩ අවසන් කර තිබුණේ සබරගමු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මැදිහත් විමෙන් හා උපදෙස් පරිදි පසුගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින්ය. පසුව නව රජය විසින් එහි අඩුපාඩු සකස් කර මෙසේ විවෘත කිරිමට සැලසුම් කළේය.
        පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප‍්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර ඇත. පළමු අධියරේ වැඩ කටයුතු සඳහා වාගොල්ල ගොවිපළ භුමියෙන් අක්කර 47 ක් සත්වෝද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. පළමු අදියර සඳහා යොදා ගෙන ඇති මේ අක්කර 47 භූමි ප‍්‍රමාණය දෙහිවල සත්තුවත්ත මෙන් දෙගුණයකටත් වඩා වැඩි භූමි ප‍්‍රමාණයකි. මේ සඳහා පසුගිය රජය රුපියල් මිලියන 577 ක් වෙන් කර තිබුණි.
Share:

2015/04/11

Herath ready to retire from ODI

 
          ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේ දී ක්‍රීඩා කිරීමට නොහැකි විය.එම තරඟයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදු විය.මේ වන විට ඔහු එක්දින පිටියෙන් සමු ගැනීමට යන බවට ආරංචි පැතිර යයි.ඔහු සදහන් කලේ ආබාධ නිසා නොයෙක් අවස්ථාවල කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුවත් තමන් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.කණ්ඩායම,තේරීම් කමිටුව සමග සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සදහන් කලේය.
Share:

Two killed in train crash.

          හික්කඩුව - තොටගමුව පාලම අසලින්. දුම්රිය මාර්ගය දිගේ පැමිණි 14 හැවිරිදි දැරියක් පාලම මතින් ගමන් කරමින් සිටියදී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී මියගොස් ඇත. හික්කඩුව - කලූපේ ප්‍රදේශයේ පදිංචි ඇය හික්කඩුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවියකි.වේගයෙන් පැමිණි දුම්රිය දුටු  දැරිය දුම්රිය මාර්ගය හරහා ඇද වැටී ඇති අතර, යෙහෙළිය ඇය බේරා ගැනීමට උත්සාහ දරා තිබුණත් එය අසාර්ථක වී ඇත්තේ දැරියගේ පය සිල්පර කොටන් අතර සිරවීම හේතුවෙන් දුම්රියට යට වී ඇත.
          තවත් අනතුරකින් 35 හැවිරිදි මවක් තම හත් හැවිරිදි දියණිය සමඟ තලෙයි මන්නාරමේ සිට කොළඹට පැමිණි සීඝ්‍රගාමී දුම්රියට ගොඩවීමට උත්සහ කිරීමේදී පය පැටලී දුම්රිය සහ දුම්රිය මාර්ගය අතරට ඇද වැටී දෙදෙනා අතරින් මව බරපතල තුවාල ලබා පසුව ඇය මියගිය බව වාර්ථා වේ.මව සහ දියණිය ගණේමුල්ලේ පදිංචිකරුවන් වේ.
Share:

2015/04/10

Another group from Yemen.

            යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැමිණියහ.ඒ අතර අවුරුදු එක හමාරක කුඩා දරුවෙකුද විය. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත. මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින්  හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ පසුව එතැන් සිට නයිරෝබි නුවර කෙන්යා තානාපතිවරයාගේ සහයෙන් යළි ගුවනින් කටාර් හි දෝහා හරහා දිවයිනට පැමිණියහ.දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ  යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ ප්‍රධානියා වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා කණ්ඩායමක් වශයෙන් ඒක රාශී කොට ශ්‍රී  ලංකා රජයට දැනුම් දී    සියළු දෙනාටම දිවයිනට පැමිණීමට මැදහත්ව කටයුතු කළ බවයි.
Share:

2015/04/04

CPC 5 billion loss.

 
         ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති බව හෙළිදරව් වෙයි.න්ධන සඳහා අයකරන බදු ඉවත් නොකිරීමට කටයුතු කිරීම නිසා තෙල් සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට සිදුව ඇති බව සදහන් වේ.
       ඉන්ධන මිල අඩු කිරීම මඟින් ජනතාවට සහන සැලසෙන නිසා තමන් එයට විරුද්ධ නොවන බවත් එහෙත් තෙල් සඳහා අයකරන බදු ඉවත් කර එම සහන ජනතාවට ලබාදෙනවා වෙනුවට තෙල් සංස්ථාවට පාඩුවන ආකාරයෙන් එම සහන ලබාදීම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.මේ ආකාරයෙන් ඉන්ධන සඳහා බදු අය නොකිරීම නිසා තෙල් සංස්ථාව අතිවිශාල පාඩුවක් ලබන බවත් මෙමඟින් ඉදිරියේදී සේවක අයිතිවාසිකම්වලටද ගැටලු ඇති විය හැකි බවත් මේ වන විටත් ඇතැම් අංශවල අතිකාල පැය ගණන සීමාකර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
Share:

2015/04/03

Nadisha withdraws from politics.

        ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ඇය එක්සත් ජාතික පක්ෂයේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනුත් ක්‍රියාකාරීව කටයුතු කළාය.කෙසේ වෙතත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කලකිරීමක් නිසා තමන් දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීයමය රංගන ශිල්පිනියක් ලෙස කලා කටයුතුවල නිරත වන බව ඇය පැවසුවාය. 
       ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් ඇය පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින බවද සඳහන් කළාය. 
      "මම වසර දෙකකට දේශපාලනයෙන් සමුගත්තේ. දකුණු පළාතේ මගේ ආදරණිය ජනතාව වෙනුවෙන් ඕනෑම වේලාවක පෙනී සිටිනවා. ඔවුන්ව මට අමතක කරන්න බෑ."ඇය එසේ පැවසුවාය.
Share:

Air Force Cycle Tour lead in air force

        ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් සාර්ථකව නිමාවට පත් විය.තරගය ආරම්භයේදී ත්‍යාග ප්‍රධානය කල අතර ඊයේ තරගයේදී දක්ෂතා දැක්වූ තරගකරුවන්ට වර්ණ ජර්සි ප්‍රදානය කෙරිණි.එහිදී කහ ජර්සිය ප්‍රථම අධියර ජය ගත් ගු.හ නිදුශ් නිරන්තටද,කොළ ජර්සිය බුද්ධික වර්ණකුලසූරියටද,කදු ශූරයාට හිමි ජර්සිය සුරංග රණවීරටද,සුදු ජර්සිය සී.එම් විරාන්ටද හිමි විය.අද තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව කැකිරාව,මරදන්කඩවල,අනුරාධපුරය.නොච්චියාගම හරහා පුත්තලමෙන් අවසන් විය.
        පළමු ස්ප්‍රින්ට් ජය තිරප්පනේ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එහි ජය යුධ හමුදාවේ තුෂාන් රාජපක්ෂටද,දෙවන ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ලෙස නොච්චියාගම අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් ජය ගත්තේ යුධ හමුදාවේම ගයාන් කුමාර විසිනි.පෙර දිනයේ මෙන් නොව අද තරගය අවසාන රේඛාවට සියලුම තරගකරුවන් පැමිණියේ එක රොත්තක් ලෙසය.අවසානයේ ජීවන් ජයසිංහ (ගු.හ ),සුජිත් සිල්වා (ගු.හ ),හා සමීර චතුරංග (යු.හ ) පිළිවෙලින් 1,2,3 ස්ථාන හිමිකර ගත්තේය.
       තරගයෙන් අනතුරුව ජීවන් ජයසිංහ කියා සිටියේ "පුත්තලම කියන්නේ අපේ නගරයක්.පුත්තලමේ තරගයක් තිබුනොත් අපිම තමයි ජය ගත්තේ.ගුවන් හමුදාවට අභියෝග කරන්න කවුරුත් නෑ" යනුවෙනි.
         හෙට තරගයේ තෙවන සහ අවසාන අධියර පාලාවියෙන් පටන් ගෙන ගුවන් හමුදා මූලස්ථානය අසලින් අවසන් කිරීමට නියමිතය. 

Share:

2015/04/02

Russian boat accident.

            රුසියානු ධීවර යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි සේවකයන් පනස් හතර දෙනෙකු මිය ගොස් තිබේ.යාත්‍රාව අනතුරට පත් වී ඇත්තේ රුසියාවේ නැගෙනහිර සාගර කලාපයේදීය.අනතුර සිදුවී විනාඩි පහළොවක් ඇතුළත මෙම ට්‍රෝලර් නෞකාව මූදුබත් වී ඇති අතර ඒ මොහොතේදී එකසිය හැට දෙදෙනෙකු එහි සිට ඇති බව වාර්තා වේ.ඒ ආසන්නයෙන් යාත්‍රා කළ අනෙකුත් ධීවර බෝට්ටු මගින් අධික ශීතල ජලයේ සිටි හැට තුන් දෙනෙකු ගේ ජීවිත බේරා ගෙන ඇති අතර තවත් පහළොස් දෙනෙක් තවමත් අතුරුදහන් වී සිටිති.ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබේ.
Share:

Air Force Cycling Tour begins.

    
          64වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව 16වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පා පැදි තරගය අද ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ කෙරිනි.ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 130 දෙනෙක් මෙයට සහභාගි විය.අදියර 3කින් පැවැත්වෙන මෙහි අද පැවති ප්‍රථම අදියරට කි.මී 158ක දුරක් තිබිණි.ඒ ජා-ඇල,මිනුවන්ගොඩ,කුරුණෑගල,කටුගස්තොට හරහා මාතලේ දක්වාය.
           මෙහි ප්‍රථම ස්ප්‍රින්ට් ජය මිනුවන්ගොඩ අබාන්ස් ප්‍රදර්ශනාගාරය අසලින් තෝරා ගැනුනු අතර එය මිනුවන්ගොඩින්ම බිහි වූ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ දිනා ගත් අතර දෙවන ජයග්‍රහකයා තෝරා ගනු ලැබුවේ කුරුණෑගල බස් නැවතුම්පළ අසලිණි.එය ගුවන් හමුදාවේම නිලංග අප්පුහාමි විසින් දිනා ගන්න ලදි.කදු බෑවුම් සහිත මාර්ගයක් වූ මෙහි ඉදිරිය වරින්වර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර දෝලනය වූ අතර අවසානයේ පැය 3කුත් මිනිත්තු 57ක කාලයක් නිම කරමින් ප්‍රථම අදියර ජයග්‍රහණය කලේ අංක 6 යටතේ තරග කල ගුවන් හමුදාවේ නිදුශ් නිරන්ත ක්‍රීඩකයාය.දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය (අංක 01) හා වරාය අධිකාරිය නියෝජනය කල සී.එම්.විරාන් (අංක 48) දිනා ගත්තේය. 
         මෙහි දෙවන අදියර හෙට දබුල්ලේ සිට පුත්තලම දක්වා කි.මී 144ක දුරක් ද,.තෙවන අදියර පාලාවියේ සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වාද පැවැත්වීමට නියමිතය.අදියර 3 සමස්ථ දුර ප්‍රමාණය කි.මී 432කි.
Share:

2015/04/01

Forgive the offender for damages mirror wall

 
      කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ සිය නම ලිවීමේ වරදට අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදයා,ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට තීන්දු කොට ඇත.සින්නතම්බි උදයා සිය නොදැනුවත්කම නිසා සිදු කරන ලද වරදට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබීම ‘බරපතල දඬුවමකැයි’ පවසන නන්දිමිත්‍ර ඒකනායක රාජ්‍ය ඇමතිවරයාත් ඇයට සමාවක් දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පසුගියදා මහජන හමුවකදී ප්‍රකාශ කළේය.
    පසුගිය කාලයෙහි එහි පැමිණි ඇතැම් පුද්ගලයන් සීගිරි ගී මත ඔවුන්ගේ නම් ගම් කුරුටු ගෑමෙන් බලවත් හානියක් සිදුව ඇත.
Share:

The risk of losing international cricket.

 
     ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය අනතුරු අඟවා සිටී.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර නිසාය.
         මෙම කමිටුව පත් කිරීම හරහා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට අනිසි දේශපාලන බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් කෙරෙන අතර එහිදී කවුන්සිලය මගින් සංවිධානය කරන ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගිවීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායකවරයා මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව තම කවුන්සිලය කුමනාකාරයේ හෝ පියවරක් ගනු ලබන්නේ, වර්තමානයේ සිදුව ඇති සිදුවීම් පිළිබඳව නිසි විමර්ශනයකින් අනතුරුව වන බව  කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා මෙහිදී දන්වා ඇත.
Share:

2015/03/31

Mahela is appointed Advisor SLC

           මහේල ජයවර්ධන දේශීය හා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහය ලබාදීමට එකඟතාව පළ කර තිබෙන බව වාර්තාවේ.ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
       මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ උපදේශක තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක පැවසූ බව ඊයේ මාධ්‍ය වාර්තාද පළවී තිබුණි.
        මේවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින මහේල ජයවර්ධන ඉදිරියේදී එංගලනත්යේදී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන දේශීය විස්සයි විස්ස තරගාවලි සඳහා සම්බන්ධ වීමට නියමිතයි.
Share:

2015/03/30

Chairman of the sri lanka cricket board

 
       පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුණි.නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවිය සිදත් වෙත්තමුණි වෙත පවරා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ දුෂණ හා වංචා ගැන පරීක්ෂණ අවසන් වනතුරු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රිකට් ආයතනය පාලනය කෙරේ.
      'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දූෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ' අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි.
Share:

2015/03/29

Brothel raided.

 
    කාලයක් පුරා රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකරු හා නවාතැන්‍පොළේ සිට ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් නව දෙදෙනකුද කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලබයි.අත්අඩංගුවට පත් කාන්තාවන් වයස 18ත් 52ත් අතර පසුවන්නියන්ද ඔවුන් රාගම, අම්බලන්ගොඩ, ග්‍රෑන්ඩ්පාස්, දෙවිනුවර, තලංගම, බදුල්ල, සීදුව, වැලිමඩ, බියගම යන ප්‍රදේශවලින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ආයතනවල ඉහළ තනතුරුවල නියැළී සිටින්නියන් ලෙස තම ගම්රටවලට හඟවා සිටිමින් මෙම ජාවාරමේ නියුතුව විශාල ලෙස මුදල් ඉපයීම් සිදුකර ඇතැයිද හෙළිවී ඇත.
          එක් කාන්තාවක රුපියල් 5000 සිට 15000 දක්වා විවිධ මිල ගණන් යටතේ මෙහි පැමිණෙන නවාතැන්කරුවන් සඳහා අලෙවි කරමින් ජාවාරම්කරු ලක්ෂ ගණනින් මුදල් උපයා ඇතැයිද හෙළිවී ඇත.මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු බස්නාහිර පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර. කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධම්මික සේනාරත්න මහතාගේ උපදෙස් මත ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරගෙන යනු ලබයි.
Share:

Lee Kuan Yew dies.

 
         සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ලී ක්වාන් යූ ගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වී සිටින ඔහුගේ පවුලේ ඥාතීහු, සාමාන්‍ය ජනතාව සහ කලාපීය නායකයෝ සිය අවසන් ගෞරව දක්වති.
අවමංගල්‍ය උත්සවය ඇමතූ ලී ක්වාන් යූ ගේ පුත් සිංගප්පූරුවේ වර්තමාන අගමැති ලී හ්සීන් ලූන් සිය පියා හැඳින්වූයේ සටන්කාමියකු ලෙසයි.
      සත්‍යයට බියෙන් පළා නොගොස් ඊට නොබියව මුහුණ දෙමින් සිංගප්පූරුව ගොඩ නැගීම සඳහා සිය පියා කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.වසර තිහකට වැඩි කාලයක් අගමැති ධුරය හොබවමින් සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ලී ක්වාන් යූට දේශපාලනික සහ සමාජීය නිදහස සීමා කළ බවට නිතර චෝදනා එල්ල විය.
Share:

Australians are 5 consecutive World Championships.

 
          5වන වරටත් ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නවසීලන්ත ඉනිම පන්දුවාර 45ක් තුල ලකුණු 183කට සීමා වූ අතර එය පහසුවෙන් පසුකර යාමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ටේරලියානු කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළහ. ජේම්ස් ෆොල්ක්නර් අවසන් මහා තරඟයේ වීරයා වූ අතර තරඟාවලියේ වීරයා වූයේ මිචෙල් ස්ට්‍රාක් ය.තරඟයේ තරඟ තීරක වශයෙන් රන්ජන් මඩුගල්ලේ හා පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කළහ.
      ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා සහභාගී වූ ලොව වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය අද වාර්තා විය.මෙල්බර්න් ක්‍රීඩාංගනයට 93013ක ක්‍රීඩා ලෝලින් පිරිසක් අද රැස්ව සිටියේය.ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් මෙන්ම නවසිලන්ත පිලෙහි ජ්‍යෙෂ්ටතම ක්‍රීඩකයෙකු වන ඩැනියල් විටෝරි එක්දින තරඟවලින් සමුගත්තේය. 
1992 වසරේ පැවතී ලෝක කුසලානයේදී නවසිලන්ත කණ්ඩායම මෙහෙයවූ ක්‍රෝ මේ වනවිට වසාග්‍රන්ති පිළිකාවක් හේතුවෙන් මරුවා සමඟ සටන් කරන නායක ක්‍රෝ පසුගියදා නිවේදනය කලේ අද පැවැත්වූ තරඟය තමන් නරඹන අවසන් ක්‍රිකට් තරඟය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.මයිකල් ක්ලාර්ක් ඉතා හැඟුම්බරව ප්‍රකාශ කලේ තම පිල අද ලෝක කුසලානය ලබා ගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේ සිඩ්නි නුවර පැවති තරඟයක් අතරතුර මියගිය සිය සගයා ෆිල් හියුස් වෙනුවෙන් බවයි.
         තමන් පැළඳි නොම්මර 23 ජර්සිය මීළඟට ලබා දෙන්නේ කා හටදැයි විමසු විට ඔහු පැවසුවේ මීට පෙර ෂේන් වෝර්න්ට හිමිව තිබු අදාල අංකය තමුන්ට හිමිවීම ගෞරවයක් බවත් එය මින් ඉදිරියට හිමිවන්නේ කාටද යන්න තමන් නොදන්නා බවත්ය.


Share:

2015/03/28

Tissa United National party while the next general election?

  
         එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරිමට සූදානම් වන බව ආණ්ඩු පක්ෂ රහස් ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබේ.මහින්දගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම ලබා ගත් ඒ මහතා නැවතත් එජාපයට එකතුකර ගන්නා ලෙස එජාප ප්‍රබලයන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක්ද කර ඇති බව එම රහස් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 66 වැනි උපන් දිනය පසුගිය 24වෙනිදා ට යෙදී තිබුණු අතර ඒ මහතා සුභ පැතීම සදහා තිස්ස අත්තනායක මහතාද අමතක නොකළේය.අගමැතිතුමනි.. ඔබට සුබ උපන් දිනයක්‌. මම ඔබට සුබ පතනවා. රටට, ජාතියට සේවය කරන්න තව තවත් ශක්‌තිය, ධෛර්යය, වාසනාව හා නිරෝගි සුව ලැබේවි කියලා. තිස්‌ස කීවේය. බොහොම ස්‌තුතියි තිස්‌ස. මම මේ සුබ පතන එක අවුරුදු ගණනාවක්‌ම එක දිගට කළා. අදත් උදේම මට මතක්‌ වුණා. මම දන්නවා ඔබට බොහොම ස්‌තුතියි. එදා අගමැති රනිල්ට තිබූ වැඩ රාජකාරි හේතුවෙන් එම සංවාදය වැඩිදුර ගියේ නැත.
Share:

President's brother dies.

 
          ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රියන්ත සිරිසේන කොළඹ ද සෙන්ට‍්‍රල් පෞද්ගලික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී  අද අළුයම මිය ගිය බව දැනගන්නට ලැ‍බේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු  ලබන සඳුදා(30) සවස තුනට පොලොන්නරුවේ පොදු සුසාන  භූමියේදී සිදු කිරීමට නියමිතය.
          මිය යන විට 43 වියේ පසු වු තිදරු පියෙකි. 1972 වසරේ දෙසැම්බර් දොලොස්වෙනි දින පොලොන්නරුවේ උපත ලැබු පී.ජී ප්‍රියන්ත  සිරිසේන මහතා මෛත්‍රී පවුලේ බාල සහෝදරයා වෙයි. පොලොන්නරුව ලක්ෂ උයන කණිෂ්ඨ විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා ගම්පහ උඩුපිල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වු ඔහු ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ පොලොන්නරුව තෝපා වැව මහ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා  ඇත.
         රජ රට සහල් පුද්ගලික සමාගමේ හිමිකරු වු ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් විය. රාජු නමින් සමාජයේ ප්‍රසිද්ධව සිටි ඒ මහතා සමාජ සේවකයෙකු හා දානපතියෙකු විය.


Share:

The tomorrow evening the World Cup finals.

 
          2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය හෙට මෙල්බර්න් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.ඒ ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තය අතරයි.ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නවසිලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් කියා සිටියේ පෙර තරග වලදී මෙන්ම ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා දීමට තමා බලාපොරොත්තු වන බවයි.එමගින් ප්‍රතිවාදී කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කරන බවත් ඔහු සදහන් කලේය.දකුණු අප්‍රිකාව සමග අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කල කණ්ඩායමම හෙට තරගයටද ක්‍රීඩා කරන බවත් මැකලම් කියා සිටියේය.
        මීට අමතරව ඕස්ට්‍රේලියනු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ගේ එක්දින ක්‍රිකට් දිවියේ අවසාන තරගය මෙය බවත් ඉන් අනතුරුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවත් එම හමුවේදී ක්ලාක් කියා සිටියේය.2019 ලෝක කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීම සදහා අලුත් නායකයකුට අවස්ථාව දීම සදහා තමා මෙම තීරණය ගත් බවත් තමාගේ සමු ගැනීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පාඩුවක් නොවන බවත් ක්ලාක් වැඩි දුරටත් කියා සිටියේය.
Share:

2015/03/27

Raju statement person assaulted sand.


 













          


                34 හැවිරිදි සපුතන්ත්‍රිගේ දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රී නැමැති සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට හෙළි කර ඇත්තේ වැලිරාජු නැමැත්තා සිය මවටත් පියාටත් බැණ වැදුණු බවත්, ඒ අනූව පොරවකින් පහරදීම සිදුකළ බවත්, ප්‍රහාරය එල්ල වන බව වැලිරාජු නැමැත්තා නොදැන සිටි බවත්ය. 
      මේ අතර සැකකරු විසින් ‍මෙම පහරදීම සදහා ‍යොදාගත් ‍පො‍රොවද හත‍රේ ඇළ ප්‍රදේශ‍යේ පිහිටි ඔහුට අයත් ගරාජය අසළ තිබී ‍සොයාගත් බව පැවසූ ‍පොලීසිය සැකකරු හා එම උපකරණය අද ‍පො‍ළොන්නරුව උසාවියට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව ලබන 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ‍කෙරිණි.පොරවකින් පහර දී බරපතල තුවාල සිදු කිරීම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සහ කිරීම යන චෝදනා ඔහුට එල්ලවී ඇත.
Share:

Dharmasena,final match umpire.

 
           2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරු කාර්යයට ශ්‍රී ලංකා විනිසුරු කුමාර ධර්මසේන නම් කර ඇති බවත් තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ ක්‍රියාකරන බවත් වාර්තා වේ. මේ අනුව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 29 (ඉරිදා) මෙල්බන් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචඩ් කීට්ල්බරෝ කටයුතු කරන අතර තෙවැනි විනිසුරු කාර්යයට දකුණු අප්‍රිකාවේ මාරයින් ඉරයිස්මස් කටයුතු කරයි. එංගලන්ත විනිසුරු ඉයන් ගුල්ඩ් සිව්වැනි විනිසුරු වේ.
       43 හැවිරිදි කුමාර ධර්මසේන ලෝක කුසලාන අවසන් තරගයක විනිසුරු කාර්යය කරන ප්‍රථම ලාංකීය විනිසුරු ලෙස වාර්තාගත වේ.
Share:

President younger brother attack

 
        ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන  ප්‍රියන්ත ලාල් සිරිසේන මහතාගේ හිසට කිසියම් පුද්ගලයකු පොරවකින් පහරදීම හේතුකොටගෙන බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ වූයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගුවන් මගින් කොළඹට ගෙන එනු ලැබීය. ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ලාල් සිරිසේන මහතාට මෙම පහරදීම සිදුව ඇත්තේ පොළොන්නරුව 4 - ඇළ ප්‍රදේශයේ ගරාජයක් අසල ඇති නිවෙසක් සමීපයේදීය.
           ඔහුගේ තත්ත්වය බරපතළ වූයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක්, හෙදි හෙද, කාර්ය මණ්ඩලයක්ද සහිතව ප්‍රියන්ත ලාල් මහතාව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට ගෙන ගොස් එතැන් සිට ගුවන් මඟින් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට කටයුතු කර ඇත.
          මෙම ප්‍රහාරය එල්ල කොට ඇත්තේ ප්‍රියන්ත මහතාගේ හිතවතෙකු වන සපුතන්ත්‍රිගේ දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රි නමැති තිස් හතර හැවරිදි පුද්ගලයකු බව පොලීසිය සදහන් කරයි.
        මෙම සිද්ධියට අදාළ සැකකරු බකමූණ පොලිසියට ඊයේ රාත්‍රියේම භාරවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. සිද්ධිය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වති.
Share:

2015/03/26

Next Monday, free Wi-Fi.


 
        දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.ශ්‍රී ලංකාව පුරා නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි කලාප දහසක් පිහිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇති අතර, මේ සදහා සුදුසු ස්ථාන දහසක් දැනටමත් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික අදියර ද මේ වන විට අවසන්ව ඇති බව නියෝජිතායතනය සඳහන් කරයි. 
             ප්‍රධාන වශයෙන් රෝහල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන, උද්‍යාන ආදී ස්ථාන ආශ්‍රිතව මෙම වයිෆයි කලාප ආරම්භ කෙරේ. මෙහි මූලික අධියර යටතේ ලබන සඳුදා (30) සිට නොමිලේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.
Share:

Australia select final match

         
            පූර්ව තරගයෙන් ප්‍රබල ඉංදියාව පරදා ඕස්ට්‍රේලියා කන්ඩායම ජය වාර්තා කරයි.තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 328ක් ලබා ගත්තාය.ඊට ස්ටීවන් ස්මිත් අගනා ශතකයක්ද (105) පන්දු 93, එරොන් ෆින්ච් පන්දු 116 කින් ලබා ගත් ලකුණු 81ද දායක විය.මෙම තරගාවලියේ ප්‍රබල පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් අද ලබා ගත්තේ පන්දු 14කින් ලකුනු 29ක් පමනි.පන්දු යැවීමේදී ඉංදීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදව් පන්දුවාර 9ක් යවා ලකුනු 72කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.මෙම තරගාවලියේ මීට පෙර ඉංදීය කණ්ඩායම සහභාගි වූ තරග 7දී ප්‍රතිවාදී කණ්ඩායම්වල සියලුම ක්‍රීඩකයන් (කඩුළු 70) දවා ගැනීමට සමත් වූ ඉංදීය පන්දු යවන්නන්ට මෙම තරගයේදී දවා ගැනීමට හැකි වූයේ කඩුළු 7ක් පමනි.
Share:

2015/03/25

Indo Australia decisive match ..

 
           2015 ලෝක කුසලාන තරගාවලියේ නවසිලන්ත කණ්ඩායමට අවසාන මහා තරගයේදී හමුවන්නේ කවුරුන්දැයි තීරනය කෙරෙන ඉංදියාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් පූර්ව තරගය අදයි.ඉංදියාව මෙම තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමක් වන අතර ඕස්ට්‍රේලියාවද ඉතා ප්‍රබල කණ්ඩායමකි.මේ වන විටත් නවසිලන්තය අවසන් මහා තරගයට සුඩුසුකම් ලබා ඇති අතර අද තරගයේ ජයග්‍රහයකයින් ලබන 19 වනදා ඔවුන් සමග තරග වැදීමට නියමිතය.
Share:

Opposition Leader Dinesh Gunawardena appropriate position.

           විපක්‍ෂ නායක තනතුරට අවශ්‍ය සුදුසුකම් දිනේෂ් මහතාට තිබෙන අතර මේ මොහොතේ නිමල් සිරිපාල මහතාට තමා දොස්‌ නොකියන බවත් ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී (එජනිස) උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය ප්‍රකාශ කළාය.
        හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යළිත් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිරිසක්‌ උත්සාහ ගන්නා නමුත් එම පිරිස ඔවුන්ගේ ප්‍රයෝජන තකා මෙසේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනාගතය ගැන කතා කරන බවද තවත් පිරිසක්‌ මහින්ද මහතාට යළිත් නිසි තැන ලබාදීමට මහින්ද ඕනෑ යන අදහසින් ක්‍රියා කරන බවද ඇය සඳහන් කළාය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති අගය කරන බවත් මෙම රජය සිදුකරන හොඳ වැඩවලට තමා සහයෝගය ලබාදෙන බවත් ඇය පැවසුවාය.
      ඊලග මැතිවරණයට තමා ඉදිරිපත් වීමට තවමත් තීරනය කරනැතැයිද ඇය පැවසුවාය.
Share:

Alcohol beer tax cut.


        නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින සෑම ව්‍යාපාරික ආයතනයකින්ම මසකට රුපියල් මිලියන 200ක් බදු වශයෙන් ගෙවිය යුතු බවට මුදල් ඇමැතිවරයා කළ නිර්දේශය අනුව ප්‍රකාශයට පත් කළ ගැසට් ප්‍රකාශය අත්හිටුවීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (25දා) අතුරු තහනමක් නිකුත් කළේය. මේ අතුරු තහනම් නියෝගය නිකුත් කෙළේ මද්‍යසාර සහ බීර නිපදවන සමාගම් හතරක් ගොනු කළ පෙත්සම් හතරක් සලකා බැලීමෙන් පසුවයි.
               මද්‍යසාර සහ බීර නිපදවන සෑම ආයතනයකටම එවැනි බද්දක් ගෙවීමට හැකියාවක් නොමැති බවත් එසේ නොගෙව්වොත් එම සමාගම්වලට දී තිබෙන බලපත්‍රය අවලංගු කරන බව දැන්වූ බවත් පෙත්සම්කරුවෝ අධිකරණයට කියා සිටියහ. මුදල් ඇමැති රවි කරුණානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්. සමරතුංග, සුරාබදු කොමසාරිස්, හිටපු සුරාබදු කොමසාරිස් ඩී.පී.එම්.පී. හපුආරච්චි, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ නීතිපතිවරයා මෙම පෙත්සම් මඟින් වගඋත්තරකරුවන් කර තිබිණි.
Share:

2015/03/24

Amendment 19 is defeated.

 
              19 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත පරදවන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා ඊයේ (24 දා) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවැසීය. විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා ඇමැති මණ්‌ඩලය සහ දේශපාලන පක්‌ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවලට හාත්පසින්ම පටහැනි ලෙස 19 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි ද, එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕනෑකමට කර ඇතැයි ද ඇමැතිවරයා චෝදනා කළේය.
           මේ ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්‌ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම බව ද ඔහු කීවේය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන බවට පසුගිය ජනපතිවරණයේ දී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙම සංශෝධන විරුද්ධ බව ඇමැතිවරයා සඳහන් කළේය.
Share:

German air accident 148 commuters were killed.

            දකුණු දිග ප්‍රංශයේ සිදුවූ ගුවන් අනතුරකින් එහි කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ බාසිලෝනා සිට ජර්මනියේ ඩසල්ඩන් දක්වා පියාසර කරමින් තිබිය දී දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට කඩාවැටීමෙන් මේ අනතුරු සිදුව තිබෙන අතර ඒ අවස්ථාවේ මඟින් 142 දෙදෙනෙකු සමඟ නියමුවන් දෙදෙනෙකු සහ සෙසු කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙකු යානයේ සිට ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ වගේම ජර්මන් වින්ග්ස් ගුවන්සේවයට අයත් ඈ 320 වර්ගයේ 4ඌ 9525 යානය අනතුරට ලක්වීමට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භකර තිබේ. කෙසේ වෙතත් අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් ප්‍රංශයේ ජනාධිපති ප්‍රංශ්වා හොලන්ඩ් මහතා සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ යානයේ සිටි සියලුම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
Share:

Newzealand select final match

 
              2015 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ අද පැවති තරගයේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම කඩුළු හතරකින් පරාජයට පත් කරමින් නවසීලන්ත කණ්ඩායම 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
               තරඟයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දු වාර 43 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 281ක් ලබා ගත්තේය.
වර්ෂාවෙන් ඇති වූ බාධාව හේතුවෙන් ඩක්වට් සහ ලූවිස් ක‍්‍රමය අනුව තරඟය ජයගන්නට පන්දු වාර 43කදී ලබා ගත යුතු වූ ලකුණු 298ක ඉලක්කය එක් පන්දුවක් ඉතිරිය තිබියදී ග‍්‍රාන්ට් එලියට් එල්ලකල හයේ පහරකින් ලබා ගන්නට නවසීලන්තය සමත් විය.ඒ අනුව අනිද්දා පැවැත්වෙන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ලබන 19 වෙනිදා අවසන් මහා තරගයට නවසිලන්තය තරග වදිනු ඇත.
Share:

Wele suda said that correctly.

 
                ශ්‍රී ලංකාවේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලැකෙන වෙලේ සුදා නමැති විත්තිකරු කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට ඊයේ කියා සිටියේ තමන්ට නගා තිබෙන සියලු චෝදනා වලට තමන් නිවැරදිකරු බවයි.වෙලේ සුදා විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ
දැඩි රැකවල් මැද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
          හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් මුදලින් රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස, ඉඩම්, සුඛෝපභෝගි වාහන, රත්රන් මිලදී ගැනීම සහ මුදල් එක්රැස් කිරීම ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වරදවල් සිදු කරන ලදැයි අධි චෝදනා 57ක් යටතේ වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මේ නඩුව නීතිපතිවරයා විසින් පවරා තිබුණි.
             අදාළ නඩුව මැයි මස 5 වැනිදා කැඳවීමට විනිසුරුවරිය තීරණය කළාය. නඩුව නිම වීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග යටතේ සිටින වෙලේ සුදා නමැති විත්තිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබීය.
Share:

2015/03/23

Cat entity police complaint.

 
                පේරාදෙණිය ගොරකදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ කාන්තාවක පසුගියදා එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයක පදිංචිය සඳහා ගොස් ඇති බව සඳහන් වන අතර එම අවස්ථාවේ තම සුරතල් පූසා රැගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් 21 වැනි දින නැවතත් තමා පෙර පදිංචිව සිටි ප්‍රදේශය කරා ගොස් සොයා බැලීමේදී හෙළිව ඇත්තේ පූසා යාබද නිවෙසක පදිංචි කාන්තාවක විසින් ඇති දැඩි කරනු ලබන බවය. එම නිවෙස කරා ගොස් තම පූසා ලබාදෙන මෙන් ඉල්ලා සිටීමේදී පූසා සන්තකයේ තබාගෙන සිටි කාන්තාව සඳහන් කොට ඇත්තේ පූසා තමාගේ බැවින් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය කාන්තාවට පූසා ලබාදිය නොහැකි බවය.
              පූසාගේ හිමිකාරිය බව පැවැසෙන කාන්තාව එදිනම පේරාදෙණිය පොලිස් ස්ථානය කරා ගොස් තම පූසා ලබාදෙන ලෙසට පැමිණිල්ලක් කොට ඇති අතර, පොලිසිය අනෙක් කාන්තාව හා පූසා පොලිසිය වෙත ගෙන්වා සිද්ධිය සමථයකට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වුවද පසුව එය නොහැකි වූයෙන් පූසාගේ අයිතිය තහවුරු කිරීම සඳහා පූසා හා කාන්තාවන් දෙදෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
Share:

Local opposition representatives motorcycles.

  
                 පැවති රජය විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන්ට පමණක් යතුරුපැදි ලබාදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශාල අසාධාරනයක් වූ බවත් පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලු මහජන නියොජිතයින් විශාල කැපවීමකින් ජනතාවට සේවය කරන නිසා තම රජයෙන් පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට සාධාරණව ඉදිරි දින කිහිපය තුලදී යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන ප්‍රජාතාන්ත්‍රීය පාලන සහ බුද්ධශාසන අමාත්‍ය කරූ ජයසූරිය මහතා පවසයි.
Share:

2015/03/22

Here are the national government's new cabinet.


 










           ජාතික ආණ්ඩුවකට මුලපුරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. කැබිනට් අමාත්‍යවරුන් 11දෙනෙක් රාජ්‍ය අමාත්‍ය වරුන් 5දෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍ය වරුන් 10 දෙනෙක් මෙලෙස  දිවුරුම් දුන් අතර, විපක්ෂ නායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ප්‍රබලයන් වන නිමල් සිරිපාල ද සිල්වා, ‍ජෝන් ‍සෙ‍නෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ‍පේම්ජයන්ත්, දී.මූ. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, ඩලස් අලහප්පෙරුම වැනි ‍ජ්‍යෙෂ්ඨයන්ට ජාතික ආණ්ඩු‍වේ ඇමැතිකම් ලැබී නොතිබීම විශේෂත්වයකි.

කැබිනට් අමාත්‍යවරුන්
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
Share:

General Sarath Fonseka is Field Marshal.

        
        













       
             හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කෙරිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා හමුදා සේවයට පළමුවරට හිමිවන උත්තමාචාර ගෞරවයක් වන මෙම නිලය සරත් ෆොන්සේකා මහතාට පිරිනමනු ලැබීය. ෆීල්ඩ් මාෂල් ධුරයට පත්වන සරත් ෆොන්සේකා මහතාට එතැන් පටන් තරු පහක් හිමිවන අතර ඔහු කිසි දිනෙක නිලයෙන් විශ්‍රාම යන්නේ නැත. මීට අමතර ඔහුට විශේෂ වරප්‍රසාද රාශියක් හිමි වනු ඇත. 
                තිස් වසරක් මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දෙමින් දැක්වූ විශිෂ්ට සේවාවට පිළිගැනීමක් ලෙස රාජකාරියේ නිරතව සිටියදීම ජෙනරාල් ධුරයට උසස් කෙරිණි. එසේ ජෙනරාල් ධුරයට උසස් කළ එකම හමුදා නිලධාරියා වන්නේද සරත් ෆොන්සේකා මහතාය.
Share:

2015/03/21

Martin guptil lost 3 fingers

 
                          අප කවුරුත් දන්නා නවසිලන්ත ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල්ගේ වම් පාදයේ ඇගිලි 3ක් නොමැති බව ඔබ දන්නවාද?හදිසි අනතුරක් හේතුවෙන් ඔහුට මෙම ඇගිලි අහිමිව ඇති බව වාර්තා වේ.එසේ උවද ඔහු පසුගිය දා ක්‍රිකට් වාර්තා පොත් රැසක් අලුත් කිරීමට සමත් විය.ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩකයකු ලැබූ ඉහලම ලකුනු ප්‍රමාණයේ වාර්තාවයි.අර්ධ අවසන් පූර්ව වටයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේදී නොදැවි ලකුණු 237ක් ලබමින් ඔහු එම දස්කම දස්කම කලේය.පාදයේ ඇගිලි 3ක් අහිමි වුවද ඔහුගේ දැඩි ආත්ම ශක්තිය හේතුවෙන් නවසිලන්ත කන්ඩායම අවසන් පූර්ව වටය දක්වා කැදවාගෙන ඒමට මාර්ටින් ගප්ටිල් නම් අපූර්ව ක්‍රීඩයකයා සමත් වන්නේ ලොවටම ආදර්ශයක්ද වෙමිනි.
Share:

Mother dies in school

               
           තම දියණිය පාසලට භාරදීමට පැමිණි මවක්‌ ඊයේ (20 දා) පෙරවරුවේ හදිසියේ හටගත් හෘදයාබාධයකින් පාසලේදීම මියගොස්‌ ඇත. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් සිසු සිසුවියන් හය ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මෙම මව අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත. ඒ මීරිගම හල්පෙ ප්‍රදේශයේ 42 හැවිරිදි කාන්තාවකි. උත්සවයෙන් පසුව විදුහල් ආපන ශාලාව අසළ ඇදවැටී ඇති මෙම කාන්තාව විදුහල්පති ප්‍රමුඛ පිරිස විසින් වහාම වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස්‌ සිට ඇත. යාපනයේ සේවය කරන පොලිස්‌ නිලධාරියකුගේ බිරිඳක වන ඇය සිය දියණිය විදුහලට භාරදීමට හැකිවීම නිසා දැඩි සතුටකින් පසුවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව විදුහල්පති බන්දුල සිරිමාන්න මහතා පැවසීය.
             මීරිගම, හල්පෙ, දුම්මලදෙණිය-වත්තේ පදිංචි සමෘද්ධි නිලධාරිනියක වන 42 දෙහැවිරිදි රජිතා නිලන්ති විජේසේකර නමැති  දියණියන් දෙදෙනකුගේ මවක්‌ වන ඇය සිය වැඩිමහල් දියණිය වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීමට ගොස්‌ සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත. මියගිය ඇයද එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවකි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ වේයන්ගොඩ පොලිසිය පවත්වයි.
Share:

Sri Lanka met Pygmy people.



               








               

                     
18 වන හෝ ඊට ආසන්න ශතවර්ෂයකදී ශ්‍රී ලංකාවේ කුරු මිනිස් කොට්ඨාශයක් සිටි බවට වාර්තා වන්නේ 1963 වසරේදීය.ඒ මහලේනම ප්‍රදේශයෙනි.මොවුන් නීට්ටෑවන් නමින් හැදින් වු අතර අඩි 3,4 කට වඩා උස නැති මොවුන්ගේ ශරීරය රතු පැහැයට හුරු ලොම් වලින් වැසී තිබී ඇත.මිනිසුන් මෙන් දෙපයින් ගමන් කරන මොවුන්ට වල්ගයක් තිබී නැත.කෙටි හා ඉතාමත් ශක්තිමත් බාහු පිහිටා තිබී ඇති අතර දිග නියපොතුද තිබී ඇත.
              මොවුන් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් මුලුමනින්ම වද වී ගොස් ඇතැයි සැලකෙන නමුදු මේ වන තුරුත් ඒ පිලිබද නිශ්චිත තොරතුරක් කිසිවකුටත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නොමැත.කෙසේ වෙතත් ගවේශන කන්ඩායමකට  නීට්ටෑවන් පිලිබද කදිම සාක්ෂියක් හමු වී ඇත.ඒ අල්තාරයක හැඩය ගත් ගල් තට්ටුවකි.එය ඉතා සුමටව තනා තිබී ඇත.මොවුන් මෙවැන්නක් භාවිතා කලේ දෙවියන් යැදීමට යැයි කිව නොහැකි වුවත් එය එසේ වූවානම් එම දෙවියන් කව්ද? ඊලග ප්‍රශ්නය වනු ඇත.
Share:

2015/03/20

Australia semi final round.

 
                   ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමත් සමගිනි.ඒ, අනුව ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයේදී ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කල ලකුණුසංඛ්‍යාව 213 කි.මුළු ලකුණු 24 ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 73 කි.මිශ්බා උල්-හක් ලකුණු 34 කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41 කි.ජොස් හේසල්වුඩ් පන්දුවාර 10 දී ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
                පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිටියට පිවිසියේය.පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ලකුණු 2 කට දැවී ගියේ ය.ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව 8කි.එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කළේ ය.අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය.ඔස්ට්‍රේලියාව පන්දුවාර 33 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය.
Share:

2015/03/19

Painful defeat


 
                      සමුගැනීමට වඩා අර්ධ අවසන් පූර්ව තරගය පරාජය වීම වේදනාත්මක බව ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවියට සමුදුන් කුමාර් සංගක්‌කාර පවසයි. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව සතුටු විය හැකි බවද සංගක්‌කාර වැඩිදුරටත් පැවසීය. අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ජාත්‍යන්තර තරගයකට අඳින නිල් ටීෂර්ටය සහිත ක්‍රීඩා ඇඳුමෙන් සැරසී පැමිණි කුමාර් සංගක්‌කාර තරගය ජය ගැනීමට තවත් ලකුණු 130 ක්‌ තිබුණානම් ප්‍රමාණවත් වූ බවද පැවසීය.,"තණතීරුව අනුව තරගය ජය ගන්න ලකුණු 250 ක්‌ හෝ 260 තිබුණනම් ප්‍රමාණවත් කියල හිතනවා. එවැනි ලකුණු සංඛ්‍යාවක්‌ හඹා ගොස්‌ ජය ගන්න ඒ තණතීරුවේ ලෙහෙසි නැහැ. නමුත් අවාසනාවකට අපිට ඒ දේ කරන්න බැරි වුණා. මේ තරගය පරාජය වෙලා ඉවතට විසි වුණත් අපේ ක්‍රීඩකයන් තරගාවලිය පුරාවට දැක්‌වූ වෙහෙසකර

සටන අති විශිෂ්ටයි. මමත් ක්‍රීඩාංගණයට යනකොට හිතාගෙන ගියේ ඔස්‌ට්‍රේලියාවට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදී ලබපු ශතකය ගැන. මොකද එදත් මුලින්ම බැට්‌ කරන්න ලෙහෙසි වුණේ නැහැ. පස්‌සෙ අපි හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා අවස්‌ථාව එනකම් මම කඩුල්ලේ රැඳී සිටියා. ඒ වෙලාවෙ පන්දු ගොඩක්‌ අපතේ යන්න ඇති. නමුත් අපි බලාපොරොත්තුවෙන පහරවල් ගහන්න අවස්‌ථාව එනතුරු බලා සිටිය යුතුයි.
Share:

Udaya Gammanpila cyber attack FB page.


 
                            පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ මහතාගේ ෆේස්බුක් රසික පිටුව වෙත සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. පසුගිය 13 වන සිකුරාදා පස්වරු 7ත් 9ත් අතර උදය ගම්මන්පිල මහතාගේ ෆෙස්බුක්හි පවතින රසික පිටුවේ මනාප 1,200ක් අඩු වී ඇත. ඒ අනුව වෙනත් රසික පිටු පරික්ෂා කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ 15,800ක් ද විමල් වීරවංශ මහතාගේ 4,100ක් ද එසේ මනාප අඩු වී තිබූ බව එම නි‍වේදනයේ දැක්වෙයි. රසික පිටුවක මනාප ඉහළ පහළ යෑම සාමාන්‍ය තත්වයක් නමුත් කෙටි කාලයක් මෙතරම් ගණනකින් මනාප අඩුවීම අසාමාන්‍ය තත්වයකි. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ යම් විරුද්ධවාදියෙකු විසින් බොට් යනුවෙන් හදුන්වන පරිගණක වැඩසටහන් භාවිතා කර මනාප අඩු

කිරීමේ ක‍්‍රියාවලියක යෙදී සිටින්නේ නම් පමණි.මේ පිළිබඳ ෆෙස්බුක් ආයතනයට උදය ගම්මන්පිල මහතා විසින් පැමිණිලි කර තිබේ.
Share:

2015/03/18

It is revealed that the mummy found in China's comment Kuan wrote.


                      චීනයෙන් නෙදර්ලන්තයට ගෙන ගිය බුද්ධ ප්‍රතිමාවක් තුළ පද්මාසනයෙන් හිඳ සිටින මිනිස් අස්ථි සැකිල්ලක් ඇති බවට පසුගියදා කළ සොයාගැනීම ලොවම මවිත කරවන්නක් බවට පත්ව තිබේ.
රන් ආලේපිත මෙම බුද්ධ ප්‍රතිමාව තුළ පද්මාසනයෙන් වැඩ සිටින අස්ථි පංජරය භාවනානුයෝගීව සිටිමින් ස්වයං මමිකරණයට පත්වූ චීන භාවනා මධ්‍යස්ථානයක ප්‍රධාන ගුරුවරයාව සිටි ලියු ක්වාන් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ බවට කරුණු හෙළිදරව් වී තිබේ.
             මෙම බුද්ධ ප්‍රතිමාව බටහිර රටක පර්යේෂණයට ලක් කිරීම සඳහා ප්‍රථම වරට ගෙනගිය බුද්ධ ප්‍රතිමාව බව කියනු ලැබේ.
රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව තුළ රැඳුණු අස්ථි පංජරය වසර දහසක් පමණ පැරැණි බව එය පරීක්ෂණයට ලක් කළ නෙදර්ලන්තයේ මෙයැන්ඩර් වෛද්‍ය ආයතනය සඳහන් කරයි.
Share:

2015/03/17

Rawatawatta million 2 1/2 of prey.














 මොරටුව, රාවතාවත්ත, ගාලු පාරේ පිහිටා තිබෙන පෞද්ගලික මූල්‍ය ආයතනයකට (17) දහවල් මුහුණු ආවරණය කරන ලද යතුරු පැදි හිස් වැසුම් පැලඳ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේප්පුවල තිබූ රු. කෝටි 2 1/2කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව ‍පොලිසිය කියයි. ඊයේ දහවල් 2.30ට පමණ ආයුධ සන්නද්ධ මංකොල්ලකරුවන් මෙම මූල්‍ය ආයතනය වෙත යතුරුපැදියකින් පැමිණ ඇත. මංකොල්ලකරුවන් ආරක්ෂක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලයට ආයුධ පෙන්වා බිය ගන්වා ඔවුන් කළමනාකරුගේ කාමරයට දමා අගුළු දමා අයකැමි කාන්තාවන් පමණක් පිටතට ගෙන ඔවුන් ලවා සේප්පු විවෘත කරවා ගැනීමෙන් පසු එහි තිබූ සියලු රන් ආභරණ
Share:

Wele Suda case, the book disappeared.


 
               මෙරට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන 'වෙලේ සුදා' නමැත්තාට එරෙහිව පවතින කුඩු නඩුවකට අදාළ සටහන් යෙදූ ගල්කිස්ස පොලිසියේ තොරතුරු පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ගල්කිස්ස පොලිස් ස්ථානය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට (16දා) නියෝග කළේය. 2000 මැයි 27 හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 6.7ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම යන අධි චෝදනා 2ක් යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබිණි. මේ නඩුව සඳහා නඩු භාණ්ඩ 5ක්ද, පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් 22කගේ ලේඛනයක්ද නීතිපතිවරයා විසින් නඩුවට ඇතුළත් කර තිබිණි. මේ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ගම්පොළ විතානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති විත්තිකරු විශේෂ ආරක්‍ෂාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
Share:

Politics they not come.sanat Jayasuriya.


 
                      යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවසීය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කෙටි පිළිසඳරකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය. ඒ මහතා මෙසේද කීය. සක්‍රිය දේශපාලනය මට දැන් එපා වෙලා. මම හිතන්නේ නැහැ මම ආයෙත් දේශපාලන පිටියට එයි කියලා. මට සතුටුයි දිගටම මේ විදිහට ක්‍රිකට්වලට සේවය කරමින් එයට සහාය ලබා දෙන්න. කොහොම වුණත් මම සතුටු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වැඩි දෙයක් කිරීමට ලැබිම පිළිබඳව. මම වඩා සතුටු වෙන දෙයක් තමයි මේ තරම් දුරක් අපේ පිල ලෝක කුසලානයේ ඉදිරියට පැමිණීම. බලමු අපට ඉදිරියට යන්න හැකි වේවි. එහෙම වුණොත් මට එය

දේශපාලනයට වඩා සතුටක් ගෙන දෙනවා. ශ්‍රී ලංකාව 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා වසර 19ක් ඊයේ දිනට සම්පූර්ණ කිරීම ගැන ද සනත් ජයසූරිය මෙහිදී සිහිපත් කළේය.
ධම්මික රත්නවීර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට
Share:

2015/03/16

Sri Lanka's crucial match tomorrow.

             


            ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තවදුරටත් නොදැවී සිටීමේ මානසිකත්වයෙන් සන්නද්ධව සිටින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හෙට (18 දා) සුපිරි අට වටය අරඹමින් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ. පරාජිතයන් ගෙදර යෑවෙන වටයේ උණුසුම් තරගය ලෙස ද මෙය හැඳින්වේ. ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු තමාගේ කොල්ලන් පීඩනයට ඔරොත්තු දෙන බව පවසන අතරවාරයේ හසීම් අම්ලාද ඇති තරම් ලකුණු ලබා ගැනීමේ නොනිමි ආශාවකින් පෙළෙන බව සිඩ්නි හී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එම අභියෝගය ජය ගැනීමට කණ්‌ඩායම් දෙකේම ප්‍රහාරකයන් හොඳින් මුවහත්ව සිටියද පීඩනය සැහැල්ලූවෙන් කර මත තබා ගන්නා කණ්‌ඩායම සිහිනයේ සැබෑ හිමිකරුවන් ලෙසින් තවදුරටත් තරගාවලියේ නොදැවී සිටිනු ඇත. මම අපේ කණ්‌ඩායමත්

එක්‌ක අවුරුදු හතරක්‌ ඉඳල වැඩ කරනවා. මේ කණ්‌ඩායම ලෝක කුසලාන තරගාවලි කිහිපයකම අවසන් තරගවලට ක්‍රීඩා කරලා පීඩනය හොඳින් අඳුරනවා. ඒ නිසා ඔවුන් කළ යුත්තේ කුමක්‌ද කියා දැනගෙන තමයි සටනට එන්නේ යනුවෙන් මාවන් අතපත්තු පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පීඩනයට පදම් වුවද දකුණු අප්‍රිකාව ඉතිහාසය පුරාවටම පීඩනයට ඔරොත්තු නොදී දැවීගිය අවස්‌ථා කිහිපයක්‌ම තිබේ. 1992, 1999 සහ 2007 වසරවලදී දකුණු අප්‍රිකාවට සිදුවූයේද පීඩනය දරාගත නොහැකිව ලෝක කුසලාන අවසන් සටන අභියසටම පැමිණ ආපසු හැරී යැමටය.
Share:

349 liquor stores closed on the orders of the President.


 
                      සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස දිවයින පුරා පාසල්, විහාරස්ථාන ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසල්වල බලපත්‍ර වහාම අවලංගු කර එම සුරාසල් වසා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ උපදෙස් දී ඇත. එලෙස පවත්වාගෙන යන සුරාසල් 349 ක් පිළිබඳ අනාවරණය වී ඇති අතර හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ඒවාවසා දැමීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (16) සවස ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වෙමිනි. වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එම කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
                මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා නීතිපතිවරයාට උපදෙස් ලබා දෙනු ලැබිය.
            
Share:

Another girl bus accident




        කහවත්ත හවුප දෙමළ විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ අවුරුදු 6 ක් වයසැති දැරියක් ඊයේ (16) පෙරවරු 11.45 ට පමණ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මියගොස් ඇත. පෞද්ගලික බස් රථයට යටවීමෙන් මියගොස් ඇත්තේ හවුප වතුයායේ පදිංචි නිලූෂිකා නම් වූ දැරියකි. මෙම සිසුවිය පාසල නිමවී පා‍රේ අනිත් පැත්තේ පියා සිටින පැත්තට පැමිණීම සඳහා ඇන්දාන - කහවත්ත මාර්ග‍යේ පාර මාරුවෙමින් සිටියදී දෙල්වල දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීය. පසුව සිදුවිය අවට ප්‍රදේශවාසීන් විසින් වාහම කහවත්ත මූලික රෝහලට රැගෙන ආවාද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව කහවත්ත ‍පොලිසිය පවසයි. මෙම සිදුවීමෙන් පසු ගම්වාසීන් බස් රථයට පහරදී එය ගිනි තැබිමට උත්සාහ කළ අතර ‍පොලිසිය එය වළක්වන

ලදී. මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයට දැඩි ‍පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.  කහවත්ත ‍පොලිසිය විසින් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.   මෙම අනතුර සම්බන්ධව කහවත්ත ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share:

Rajitha's second son, kidnapped my daughter.


 
                 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න මහතා විසින් දිනිති ආ‍ලේකා නමැති තම දියණිය පැහැරගෙන බලහත්කාරයෙන් රඳවාගෙන සිටින්නේ යැයි ඇයගේ පියා සහ මව වන ගාමිණී රණසිංහ සහ දමිනි රොද්‍රිගෝ යුවළ ප්‍රකාශ කරති.කොළඹ ගලධාරි හෝටලයේදී ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මොවුහු එසේ කීහ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා විසින් ඉකුත් වසරේ පෙබරවාරි මස 24 වැනි දින පාසල නිම වී නිවස බලා පැමිණෙන දිනිති ආලෝකා රණසිංහ දැරිය බලහත්කාරයෙන් රැගෙන ගිය බව ගාමිණී රණසිංහ මහතා පැවසීය. ඒ අනුව තමන් මේ පිළිබඳව කුරුඳුවත්ත ‍පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාදිවෙල ළමා රක්ෂණ අධිකාරියට දැරිය යොමු කළ බවත් පසුව තම පුංචි අම්මාගේ නිවසේ රඳවා තැබූ

අවස්ථාවේදී යළිත් පැහැරගෙන ගිය බවද ගාමිණී රණසිංහ මහතා සඳහන් කළේය. තම දියණිය දෙවන වරට පැහැරගනු ලැබුවේ ඉකුත් වසරේ අප්‍රේල් හයවැනි දිනදී බවත් ඒ සම්බන්ධයෙන් පිළියන්දල ‍පොලිසියට දැනුම් දීමක් කළද පලක් නොවූ බවත් හෙතෙම පැවසීය.
මෙම සිදුවීමෙන් අනතුරුව තමන් හා තම බිරිඳ වන දමිනි රොද්‍රිගෝ මහත්මිය රාජිත සේනාරත්න මහතාගෙන් තම දියණිය දැක ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් කළද එයට ඉඩ නොලැබූ බවත් ගාමිණී රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කළද තම දියණිය ලබාගැනීමට නොහැකි වී ඇති බවද ඉන් අනතුරුව මෙම වසරේ ජනවාරි තුන්වැනිදා ‍පොලිස් මූලස්ථානයට පැමිණිලි කළද මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ගාමිණී රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
Share:

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support