2015/03/18

It is revealed that the mummy found in China's comment Kuan wrote.


                      චීනයෙන් නෙදර්ලන්තයට ගෙන ගිය බුද්ධ ප්‍රතිමාවක් තුළ පද්මාසනයෙන් හිඳ සිටින මිනිස් අස්ථි සැකිල්ලක් ඇති බවට පසුගියදා කළ සොයාගැනීම ලොවම මවිත කරවන්නක් බවට පත්ව තිබේ.
රන් ආලේපිත මෙම බුද්ධ ප්‍රතිමාව තුළ පද්මාසනයෙන් වැඩ සිටින අස්ථි පංජරය භාවනානුයෝගීව සිටිමින් ස්වයං මමිකරණයට පත්වූ චීන භාවනා මධ්‍යස්ථානයක ප්‍රධාන ගුරුවරයාව සිටි ලියු ක්වාන් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ බවට කරුණු හෙළිදරව් වී තිබේ.
             මෙම බුද්ධ ප්‍රතිමාව බටහිර රටක පර්යේෂණයට ලක් කිරීම සඳහා ප්‍රථම වරට ගෙනගිය බුද්ධ ප්‍රතිමාව බව කියනු ලැබේ.
රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව තුළ රැඳුණු අස්ථි පංජරය වසර දහසක් පමණ පැරැණි බව එය පරීක්ෂණයට ලක් කළ නෙදර්ලන්තයේ මෙයැන්ඩර් වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

         
මේ වන විට නෙදර්ලන්තයේ ඩේ‍රන්ට්ස් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අස්ථි පංජරය සහිත බුද්ධ ප්‍රතිමාව ලබන මැයි මාසය දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී.
              බුද්ධ ප්‍රතිමාව සී.ටී. ස්කෑන් සහ සිරුර අභ්‍යන්තරය දැකීමට භාවිත කරන එන්ඩස්කොපි මඟින් පරීක්ෂා කිරීමේදී පර්යේෂකයන් මවිතයට පත් කරමින් එතුළ වූ අස්ථි පංජරය දැක ගැනීමට ලැබුණු බව කියැවේ. ස්වයං මමිකරණයට ලක්වූ චීන භාවනා මධ්‍යස්ථාන අධිපති ලියු ක්වාන් හිමියන්ගේ දේහය පද්මාසන ඉරියව්වේ සිටින බුද්ධ ප්‍රතිමාවක් බවට පෙරළා ඊට වන්දනා මාන කරන්නට ඇතැයි සැලකේ.
                සමහර මාධ්‍ය මෙය ඉතා පුදුම එළවනසුලු පුවතක් ලෙස සඳහන් කළත් මෙම බුද්ධ ප්‍රතිමාව තුළ භික්ෂුන් වහන්සේ නමකගේ මමියක් තිබෙන බව බොහෝ දෙනා දැන සිටි කරුණක් බව ඇතැම්හු කියා සිටිති. කෙසේ වුවද ස්වයං මමිකරණයට පාත්‍ර වී ඇති බව පෙනී ගිය ලියු ක්වාන් හිමියන් ජීවත්ව සිටි කාලයේදීම ඉතා ඉහළ ගරුත්වයකින් පිදුම් ලැබූ බෞද්ධ හිමි නමක් වූ බවත් උන්වහන්සේ ක්‍රි.ව. 1100දී මිය ගිය බවත් සඳහන් වෙයි.
               ලියු ක්වාන් හිමියන්ට භාවනානුයෝගීව සිටිමින් මියගොස් "ජීවත්වන බුදුරුවක්" (ඹ්ඪමඪදඨ ඕභඤඤඩච) බවට පත් වීමට අවශ්‍ය වන්නට ඇතැයි කෙනකු සඳහන් කරයි.
            බුද්ධ ප්‍රතිමාව තුළ සැඟව තිබූ මමිකරණය වූ භික්ෂුන් වහන්සේගේ පද්මාසන ඉරියව්වේ සිටින සිරුර රෙදි කඩක් මත තබා තිබූ බව බෞද්ධ විශේෂඥයකු වූ එරික් බෘජින් "ඩිස්කවරි නිව්ස්" සේවයට කියා සිටියේය. මෙම රෙදි කැබලි මත කළු පැහැති තීන්තෙන් චීන අකුරු ඇඳ තිබූ අතර ඒවායේ "ලියු ක්වාන්" නම දක්වා තිබිණැයිද ඔහු කියයි. ලියු ක්වාන් යන නමේ තේරුම චීන බෞද්ධාගමේ ඉගැන්වෙන සය පාරමිතා වන බවද එරික් බෘජින් කියයි.
             පර්යේෂණ කණ්ඩායම මමිකරණයට ලක්වූ අස්ථි සැකිල්ල ච්ව්ඒ පරීක්ෂණයකට ලක් කර තිබේ. එසේම උදරයේ කුහරයක් ඇති කොට එතුළින් සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කිරීමෙන් අනතුරුව මමිකරණයට ලක් වූ සිරුර ප්‍රතිමාව තුළ මුද්‍රා කර ඇති බවද සොයාගෙන තිබේ. කුහරය තුළින් ඉන්ද්‍රියයන් ඉවත් කළ පසු විවරය වැසීමට කඩදාසි හා වෙනත් ද්‍රව්‍ය යොදාගෙන ඇති අතර එම කඩදාසිවල වූ සටහන් අනුව ලියු ක්වාන් හිමියන් අති උසස් අන්දමින් බුදු කෙනකුගේ තත්ත්වයෙන් වන්දනාමානයට ලක්වූ හිමිනමක බව පෙනී යන්නේ යැයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි. ඔවුන්ගේ සොයාගැනීම් අනාගතයේදී හෙළිදරවු කිරීමට නියමිතය.
             චීන බුද්ධ ප්‍රතිමාව තුළ සැඟවුණු ස්වයං මමිකරණයට පත්වූ ප්‍රතිමාව පිළිබඳ විස්තර සමඟ බෞද්ධ භික්ෂුන් වහන්සේ අතර පැවැති "ස්වයං මමිකරණ" (ඉඥතට ර්භථථඪටඪජචබඪධද) පිළිබඳ විස්මිත විස්තර අනාවරණය වී ඇත.
                 ඒ අනුව ස්වයං මමිකරණයට ලක්වීමට අදහස් කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දිය යුතුව ඇත.ඒ සඳහා සය අවුරුද්දකට අධික කාලයක් ශරීරයට දැඩි දුක් දීමට සිදු වේ. කුසගින්න, විජලනය විඳ දරා ගැනීමට සිදුවන අතර අවසානයේ ජීවත්ව සිටියදීම වස වැළඳීමද ඇතුළත්ය.
              ස්වයං මමිකරණයට සූදානම් වන්නා පළමු දින දාහ ආහාර සීමා කිරීම සිදු කරයි. එහිදී සම්පූර්ණයෙන්ම ඇට ජාති, පලතුරු හා බෙරි වර්ග පමණක් ආහාරයට ගැනීම අනිවාර්යය. එය ශරීරයේ මේද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හේතු වේ. ඉන් අනතුරුව එළැඹෙන දින දාහ යැපෙන්නේ ශාක පොතු හා මුල් පමණක් කෑමෙනි. එවිට දේහය බොහෝ දුරට අස්ථි පංජරයක් බවට පත් කරයි. අනතුරුව උරුෂි නම් ශාකයෙන් ලබාගන්නා විස සහිත යුෂ මිශ්‍ර තේ පානය කරයි. එය වමනය ඇති කරමින් ශරීරය විජලනය කරයි. එසේම ඉහඳ පණුවන් හා බැක්ටීරියා මඟින් සිරුර කුණු වී යෑම වළකයි.
            මෙම උග්‍ර වත් පිළිවෙත් අනතුරුව භික්ෂුන් වහන්සේ තමාගේ ශරීර ප්‍රමාණයට වඩා යාන්තම් විශාල ශෛලමය සොහොන් කුටියකට රිංගා ඔහුම අගුළු ලා ගනී. එතුළට වාතාශ්‍රය සැපයීමට පිටතට විවර වූ එක සිහින් වා නළයක් පමණක් ඇති අතර ඇතුළත අතින් හැඬවිය හැකි සීනුවක්ද වේ. සෑම දිනකම භික්ෂුන් වහන්සේ ජීවත්ව සිටින තෙක් සීනුව හැඬවේ. එමඟින් තමා ජීවත්ව සිටින බව අන් අයට හඟවයි. යම් දිනෙක සීනු හඬ නෑසේ නම් භික්ෂුන් වහන්සේ මියගොස් ඇති බව පිටත සිටින්නෝ දැන ගනිති.
            සීනු හඬ නෑසී ගිය දිනයේදී වාතාශ්‍රය සපයන බටය ඉවත්කොට සොහොන් ගැබ මුළුමනින්ම මුද්‍රා තබනු ලැබ දින දහසකට පසු නැවත සොහොන් ගැබ විවර කොට බලද්දී නිසි පරිදි දේහය මමිකරණය වී තිබුණහොත් එය රැගෙන බුද්ධ තත්ත්වයට පත් කරමින් ප්‍රතිමාවක් සකසයි. එම ප්‍රතිමාව ගෞරව බහුමානයටත් වන්දනයටත් පාත්‍ර වෙයි.
දින දහස ඉක්ම ගිය පසු සොහොන් ගෙයි මුද්‍රා කඩා බලද්දී සිරුර නිසි සේ මමිකරණය වී නොපවතින්නේ නම් සොහොන් ගෙය නැවත මුද්‍රා තබයි. එවැනි සොහොන් ගෙයකට වන්දනාමාන කිරීමක් සිදුවන්නේ නැත.

                                                      ( මව්බිම උපුටා ගැනීමකි.)

Share:

0 comments:

Post a Comment

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support