2015/03/16

Rajitha's second son, kidnapped my daughter.


 
                 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න මහතා විසින් දිනිති ආ‍ලේකා නමැති තම දියණිය පැහැරගෙන බලහත්කාරයෙන් රඳවාගෙන සිටින්නේ යැයි ඇයගේ පියා සහ මව වන ගාමිණී රණසිංහ සහ දමිනි රොද්‍රිගෝ යුවළ ප්‍රකාශ කරති.කොළඹ ගලධාරි හෝටලයේදී ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මොවුහු එසේ කීහ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා විසින් ඉකුත් වසරේ පෙබරවාරි මස 24 වැනි දින පාසල නිම වී නිවස බලා පැමිණෙන දිනිති ආලෝකා රණසිංහ දැරිය බලහත්කාරයෙන් රැගෙන ගිය බව ගාමිණී රණසිංහ මහතා පැවසීය. ඒ අනුව තමන් මේ පිළිබඳව කුරුඳුවත්ත ‍පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාදිවෙල ළමා රක්ෂණ අධිකාරියට දැරිය යොමු කළ බවත් පසුව තම පුංචි අම්මාගේ නිවසේ රඳවා තැබූ

අවස්ථාවේදී යළිත් පැහැරගෙන ගිය බවද ගාමිණී රණසිංහ මහතා සඳහන් කළේය. තම දියණිය දෙවන වරට පැහැරගනු ලැබුවේ ඉකුත් වසරේ අප්‍රේල් හයවැනි දිනදී බවත් ඒ සම්බන්ධයෙන් පිළියන්දල ‍පොලිසියට දැනුම් දීමක් කළද පලක් නොවූ බවත් හෙතෙම පැවසීය.
මෙම සිදුවීමෙන් අනතුරුව තමන් හා තම බිරිඳ වන දමිනි රොද්‍රිගෝ මහත්මිය රාජිත සේනාරත්න මහතාගෙන් තම දියණිය දැක ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් කළද එයට ඉඩ නොලැබූ බවත් ගාමිණී රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කළද තම දියණිය ලබාගැනීමට නොහැකි වී ඇති බවද ඉන් අනතුරුව මෙම වසරේ ජනවාරි තුන්වැනිදා ‍පොලිස් මූලස්ථානයට පැමිණිලි කළද මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ගාමිණී රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම් හේතුවෙන් තමන් ඇතුළු පවු‍ලේ සාමාජිකයන් දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවත් දේශපාලන බලපෑම් හේතුවෙන් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවූ බවත් ගාමිණී රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පිළිබදව අදහස් දක්වන සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා තම පුතාගේ නම සඳහන් කරමින් කර ඇත්තේ මඩ ගැසීමක් බවත් මෙයටත් වඩා මඩ ගැසීම් ඉදිරියේදී සිදුවිය හැකි බවත්.  දෙමාපියන් මෙවැනි දේ මාධ්‍ය සාකච්ඡා පවත්වා රටට කියන්නේ නැති බවත් මෙවැනි සිද්ධියක් ගැන ඔවුන්ට තමා සමග කතා කළ යුතුව තිබූ අතර එසේ නොකළ බවත් කීය.මේ මඩ ගැසීමේ සිද්ධිය ගැන තම නීතිඥයන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් ‍පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධව නිවැරදිව පරික්ෂණ පවත්වා ඇතැයි කීවේය. මේ සම්බන්ධව ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබෙන විටත් ඇයගේ වයස අවුරුදු 16 මාස 11ක් වී තිබුණු බව විමර්ශනවලදී අනාවරණය වූ බව හෙතෙම පැවසීය.
අවුරුදු 16ට වැඩි තරුණියකට තම අභිමතය පරිදි තීරණ ගැනීමේ හැකියාව පවතින නිසා ‍පොලිසිය මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කර ඇත්තේද නීතියට අදාළව බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Share:

0 comments:

Post a Comment

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support