https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 mathews says don't retire to sangakkara ~ ලංකා ගොසිප් New News

2015/03/15

mathews says don't retire to sangakkara



            
            දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුනොගන්නැයි මම කුමාර්ගේ කකුල් දෙකලඟ වැටිලා ඉල්ලූ‍වා. නමුත් ඔහු රට නියෝජනය කළ සෑම අවස්ථාවක් පිළිබඳවම අපි ඔහුට කෘතඥතාපූර්වක වන නිසා අපිට ඔහුගේ තීරණයට ගරු කරන්න සිදුවෙනවා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කණ්ඩායමේ සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු ආරක්ෂා කර ගැනීමට දැරූ උත්සාහය පිළිබඳව මාධ්‍ය හමුවේ හෙළි කරමින් පවසා තිබේ. කෙසේවෙතත් සිය තීරණය වෙනස් නොකරන බව හෙළි කර ඇති සංගක්කාර තවදුරටත් පවසා ඇත්තේ විශ්‍රාම යෑම තමන්ට තවදුරටත් ක්‍රීඩා කළ හැකිද නොහැකිද යන්න මත නොව ඒ සඳහා වූ නිවැරදි කාලය සහ ස්ථානයත් තම තීරණය නිවැරදි බව හැඟෙනවාද නැද්ද යන්න මතත් තීරණය වන බවයි. අවුරුදු 37 වන සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරඟ කිහිපය සඳහා මේ දිනවල සහභාගී වෙමින් සිටින අතර ඔහු ඉතා විශිෂ්ඨ දක්ෂතා දක්වමින් සිටියි. ස්කොට්ලන්තය සමඟ ඊයේ පැවති තරඟයේදී ශතකයක් රැස් කළ කුමාර් සංගක්කාර ලොව එක්දින පිටියේ ඉ‚ම් හතරකදී පිට පිටම ශතක 4ක් රැස් කර ඇති එකම පිතිකරුවා ලෙස ලෝක වාර්තාවක් තැබීය. එමෙන්ම ලෝක කුසලාන තරඟාවලි වලදී වැඩිම දවා ගැනීම් (54) සඳහා දායක වී කඩුලූ‍ රකින්නා බවට පත්වීමටද ඔහු ඊයේ සමත් විය. එපමණක් නොව මෙවර ලෝක කුසලාන තරඟාවලිය පුරාවට ලූ‍කුණු 496 රැස් කරගෙන ඇති ඔහු මේ වනවිට තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාද වෙයි.
Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support