https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 Rawatawatta million 2 1/2 of prey. ~ ලංකා ගොසිප් New News

2015/03/17

Rawatawatta million 2 1/2 of prey.














 මොරටුව, රාවතාවත්ත, ගාලු පාරේ පිහිටා තිබෙන පෞද්ගලික මූල්‍ය ආයතනයකට (17) දහවල් මුහුණු ආවරණය කරන ලද යතුරු පැදි හිස් වැසුම් පැලඳ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේප්පුවල තිබූ රු. කෝටි 2 1/2කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව ‍පොලිසිය කියයි. ඊයේ දහවල් 2.30ට පමණ ආයුධ සන්නද්ධ මංකොල්ලකරුවන් මෙම මූල්‍ය ආයතනය වෙත යතුරුපැදියකින් පැමිණ ඇත. මංකොල්ලකරුවන් ආරක්ෂක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලයට ආයුධ පෙන්වා බිය ගන්වා ඔවුන් කළමනාකරුගේ කාමරයට දමා අගුළු දමා අයකැමි කාන්තාවන් පමණක් පිටතට ගෙන ඔවුන් ලවා සේප්පු විවෘත කරවා ගැනීමෙන් පසු එහි තිබූ සියලු රන් ආභරණ

හා මුදල් ද රැගෙන තිබේ. පසුව ආයතනයේ ඉදිරිපස දොරගුළු දමා කොළඹ දෙසට පලාගිය බවට තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට, සහකාර ‍පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු සහ මොරටුව ස.‍පො. අධිකාරි නිශාන්ත සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මොරටුව මූලස්ථාන ‍පො.ප. නිශාන්ත රුද්‍රිගු මහතාගේ උපදෙස් මත මොරටුව අපරාධ ‍පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.‍පො.ප. සිසිර කුමාර මහතා ඇතුළු ‍පොලිස් නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
පී. ආරියරත්න - රත්මලාන
Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support