https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 Sri Lanka met Pygmy people. ~ ලංකා ගොසිප් New News

2015/03/21

Sri Lanka met Pygmy people.



               








               

                     
18 වන හෝ ඊට ආසන්න ශතවර්ෂයකදී ශ්‍රී ලංකාවේ කුරු මිනිස් කොට්ඨාශයක් සිටි බවට වාර්තා වන්නේ 1963 වසරේදීය.ඒ මහලේනම ප්‍රදේශයෙනි.මොවුන් නීට්ටෑවන් නමින් හැදින් වු අතර අඩි 3,4 කට වඩා උස නැති මොවුන්ගේ ශරීරය රතු පැහැයට හුරු ලොම් වලින් වැසී තිබී ඇත.මිනිසුන් මෙන් දෙපයින් ගමන් කරන මොවුන්ට වල්ගයක් තිබී නැත.කෙටි හා ඉතාමත් ශක්තිමත් බාහු පිහිටා තිබී ඇති අතර දිග නියපොතුද තිබී ඇත.
              මොවුන් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් මුලුමනින්ම වද වී ගොස් ඇතැයි සැලකෙන නමුදු මේ වන තුරුත් ඒ පිලිබද නිශ්චිත තොරතුරක් කිසිවකුටත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නොමැත.කෙසේ වෙතත් ගවේශන කන්ඩායමකට  නීට්ටෑවන් පිලිබද කදිම සාක්ෂියක් හමු වී ඇත.ඒ අල්තාරයක හැඩය ගත් ගල් තට්ටුවකි.එය ඉතා සුමටව තනා තිබී ඇත.මොවුන් මෙවැන්නක් භාවිතා කලේ දෙවියන් යැදීමට යැයි කිව නොහැකි වුවත් එය එසේ වූවානම් එම දෙවියන් කව්ද? ඊලග ප්‍රශ්නය වනු ඇත.
                 නීට්ටෑවන් දේශීය වැද්දන් සමග නිතරම ගැටුම් ඇතිකරගෙන ඇත.වැද්දන් විසින් සගවා තබන ලද ආහාර සොර ගන්නා මොවුන් වැද්දන් නිදා සිටි අවස්ථාවල බඩවැල් ඉරා එලියට ඇද දමා ඇත.දඩයම සදහා ආයුධ භාවිතා නොකල මොවුන් සතුන්ගේ ඇගට පැන දිග නිය වලින් ඉරා මර්දනය කර ඇත.මොවුන් ගල් ගුහා සිය වාසස්ථාන කරගෙන තිබේ.මොවුන් වෙනත් කිසිදු ගෝත්‍රයක් හා සබධතා පවත්වා නොමැති හෙයින් නිවැරදි තොරතුරක් ලබා ගැනීමට අපහසු වී ඇත.මොවුන්ගෙන් වන කරදර වදහිංසා හේතුවෙන් ඒකරාශී වූ වැද්දන් අන්තිම නීට්ටෑවා දක්වාම ගුහාවකට කොටුකර ගිනිතබා විනාශ කර ඇතැයි පැවසේ.මොවුන් ශ්‍රී ලංකාවට පැමිනියේ කෙසේදැයි නිගමනය කර නැතත් පිටසක්වලින් හදිසියේ පැමිනි ජීවීන් නොහැකි යැයි සිතීමටද බැරිය.

Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support