https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 December 2016 ~ ලංකා ගොසිප් New News

Facebook Content Monetization now available in Sri Lanka

Facebook සමාගම නවතම යාවත්කාලීනකරණයක් මගින් ශ්‍රී ලංකාව Facebook Content Monetization සඳහා තෝරාගත් රටවලට එක් කර තිබේ.

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Two people die in a serious accident on the highway.

මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Today's weather forecast

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සුළු වැසි වැටෙන හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

2016/12/06

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

2.0 චිත්‍රපටය සඳහා චෙන්නායි නුවරදී  සිදුකළ රූ ගතකිරීමක් අතරතුර මෙලෙස වම් පාදයට තුවාල සිදුවූ රැජිනි කාන්ත් රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් ඇතුලු සිනමා තරු රැසක් රඟපාන ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය නිපදවනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 400 ක වියදමින්ය.

 

 

Share:

Builds broken bones two hours

ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ
 පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.
36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.
ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


Share:

Total Pageviews

Sports

කලා/Art News

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support