https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 Builds broken bones two hours ~ ලංකා ගොසිප් New News

2016/12/06

Builds broken bones two hours

ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ
 පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.
36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.
ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

කලා/Art News

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support